ඔන්න මම ඔයාලට ඊයේ දුන්නා The Fast and the Furious (2001) චිත්‍රපටිය. අද දෙන්න යන්නේ එකේ දෙවෙනි කොටස හෙවත් 2 Fast 2 Furious (2003) චිත්‍රපටිය. පළවෙනි චිත්‍රපටියට වඩා සුපිරි කාර් රේස් , සටන් ටිකක් ඔයාලට මේකෙන් බලාගන්න පුලුවන්. අනිවාරයෙන් මේක බලන්න කලින් පළවෙනි චිත්‍රපටිය බලලා ඉන්න. නැත්නම් වැඩක් නෑ. තේරුම් ගන්න ටිකක් අමාරු වෙයි.
ඉතින් මේකේ මොකද වෙන්නේ කියලා දැනගන්න කැමතිද? එහෙනම් අපි පොඩ්ඩක් ඒ ගැන කතා කරමු.
මෙන්න මේකයි වෙන්නේ. ඔයාලට මතක ඇතිනේ The Fast and the Furious (2001) චිත්‍රපටියේ වුන දේවල්. L.A.P.D එකේ වැඩ කරන Brian O'Conner නියම වෙලා තිබුනේ Dominic Toretto ව අල්ල ගන්න. නමුත් චිත්‍රපටිය අවසානයේදි Brian, Dom ට යන්න ඉඩ දෙනවා. ඔතනින් තමයි පළමු චිත්‍රපටිය ඉවර වෙන්නේ. ඒ වරදට දැන් L.A.P.D එක සහ F.B.I එක Brian ගේ පස්සෙන් පන්නනවා Brian ව අල්ලගන්න. Brian රේස් එකකට ගිහින් ඉන්නකොට පොළිසිය ඇවිත් බ්‍රයන්ව අල්ල ගන්නවා. පොළිසියට ගියහම ඔවුන් යෝජනාවක් කරනවා. Miami වල මත්ද්‍රව්‍යය ව්‍යාපාරයක් අල්ල ගන්න පොළිසියට උදව් කරන්න කියලා ඔවුන් කියනවා. බ්‍රයන්ට බේරෙන්න ඔනෙනම් තියෙන්නේ එක විසදුමයි. ඒ පොළිසියට උදව් කරන එක. නමුත් බ්‍රයන්ට ඔනේ තව පාට්නර් කෙනෙක්. කවුද තෝරගන්නේ. Roman Pearce. බ්‍රයන්ගේ පරණ මිතුරෙක් වගේ හතුරෙක්. ඊටපස්සේ බ්‍රයන් යන්නේ Miami වලට. Miami වලදි Brian ගේ පරණ මිතුරා Roman හම්බවෙනවා. යාලුවත් එක්ක එකතු වෙලා Brian වැඩේ පටන් ගන්නවා. කොහොම තියෙයිද ?. තවනම් මම කතාව කියන්නේ නෑ. මොකද දැනටමත් කතාවෙන් භාගයකටත් වැඩිය කියලා තියෙන්නේ. Fast And Furious පළවෙනි චිත්‍රපටිය වගේ, කාර් රේස්, සටන් එහෙමත් නො අඩුව තියෙන නියම ෆිල්ම් එකක් තමයි 2 Fast 2 Furious කියන්නේ.
ඉතින් තව පොඩි විස්තර ටිකක් දැනගෙනම චිත්‍රපටිය බලමු.
Genre : | Action | Crime | Thriller |
Directed by : | John Singleton |
Produced by : | Neal H. Moritz |
Starring : | Paul Walker, Tyrese, Eva Mendes, Cole Hauser, Chris "Ludacris" Bridges, James Remar |
Distributed by : | Universal Pictures |
Release date(s) : | June 6, 2003 |
Running time : | 108 minutes |
Country : | United States |
Language : | English |
Update:
(+) May 15, 2021: බ්ලොග් එකෙහි ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සදහා ඩවුන්ලෝඩ් කරගැනීමට ඔබට කලින් ලබා දී තිබුන ලින්ක් එක ඉවත් කිරීමට සිදු විය.
<< The Fast and the Furious (2001) | The Fast and the Furious: Tokyo Drift (2006) >> |
@ පහන් තාරක ප්‍රභාෂ්වර :
ReplyDeleteTheme එක ලස්සනද :P. අපි හොද Theme එකක් බලලා ඔයාගේ බ්ලොග් එකට දාමු. saagarayablog@gmail.com මට ඊමේල් එකක් දාන්න.
thanks machan ayeth dowload karala .. patta movie eka..
ReplyDeleteEla
ReplyDeletemachan meka kohomada dowlord karanne kiyala mata hariyata kiyanawadha plz meke torant fill ekak enne nane e downlord kiyana eka selet karama
ReplyDelete