අද මම ඔයාලට දෙන්න යන්නේ Fast and Furious කතා මාලාවේ තුන්වෙනියට ආව කතාව. ඒ කතාව තමා The Fast and the Furious: Tokyo Drift (2006). මේ වෙනකොට මම ඔයාලට මීට කලින් ආව චිත්රපටි දෙක දීලා තියනවා. ඒ ලිපි පහලින් ඔයාලට බලාගන්න පුලුවන්.
ඉතින් ඔයාලට වෙනදා දකින සෙට් එකනම් මේකේ දකින්න නෑ. ඒ කිවේ බ්රයන් සහ ඩොම් එහෙම. ප්රධාන චරිතය කරන්නේ අලුත්ම එක්කෙනෙක්. නමුත් ඔයාලට දකින්න පුලුවන් ඩොම්ලාගේ සෙට් එකේ හිටපු කෙනෙක්. මීට කලින්නම් පෙන්නලා නෑ. මේකේ තමා එයාව මුලින්ම පෙන්නන්නේ. ඒ Han. මෙයා ගැන වැඩි විස්තර පස්සේ කතා කරමු. හොදයි අපි දැන් මේ චිත්රපටියේ මොන විදිහේ කතාවක්ද තියෙන්නේ කියලා බලමු.
Sean Boswell කියන්නේ අවුරුදු 17 ක ඉස්කෝලේ යන කොල්ලෙක්. එයාගේ දෙමව්පියෝ වෙන් වෙලා ඉන්නේ. දැන් Sean ඉන්නේ අම්මා ගාව. දවසක් ඉස්කෝලේ ඉවර වුනහම Sean, Clay කියලා Football ටීම් එකේ සාමාජිකයෙක් එක්ක පොඩි වලියක් දාගන්නවා. ඒක අවසාන වෙන්නේ කාර් රෙස් එකක් තියමු කියලයි. Clay, එයාගේ තාත්තගේ කාර් (Dodge Viper) එකෙනුත් Sean, එයාගේ කාර් (1971 Chevrolet Monte Carlo) එකෙනුත් තරග කරනවා. අන්තිමේදි කට්ටියම පොළිසි ගිහිල්ලයි නතර වෙන්නේ. ඒකට හොදටම තරහ ගිය Sean ගේ අම්මා, Sean ව එයාගේ තාත්තා ගාවට යවනවා. ඒ Tokyo වලට. Tokyo වල ඉස්කෝලෙකට Sean ව දානවා. Sean ට එලියට යන්න දෙන්නෙත් කාර් එකක් දිහාවත් බලන්න තහනම් කරලයි. ඔය අතරේ Sean ගේ යාලුවෙක් මෙයත් එක්ක යනවා කාර් රේස් පවත්තන තැනකට. ඔතනිත් තමා එයාට Takashi ව හම්බවෙන්නේ. Takashi කියන්නේ Tokyo වල DK (Drift King) . ඉතින් Takashi ට Sean ව අල්ලන්නේ නෑ. Sean, Takashi අඩගහනවා රේස් එකක් යන්න. නමුත් තාම Sean ට කාර් එකක්වත් නෑ. ඔය වෙලාවේ තමා Han ඉදිරිපත් වෙන්නේ එයාගේ කාර් එක Sean ට දීලා. Han කියන්නේ Takashi ගේ පැත්තේ කෙනෙක්. ඉතින් මේ තරගයෙන් Sean දිනයිද? මේක එසේ මෙසේ තරගයක් නෙවේ Drift Race එකක්. මොකද්ද මේ Drift කියන්නේ ? දන්නේ නැත්නම් ඔයාලම බලාගන්නකෝ. කොහොම හරි ඔය තරගයෙන් Sean පරදිනවා. මොකද Sean හරියට දන්නේ නෑ Drift Race යන්න. ඉතින් මෙයාට Drift Race යන හැටි එක්කෙනෙක් පුරුදු කරනවා. ඒ Han. ඇයි Han එහෙම මෙයාට උදව් කරන්නේ? එකත් ඔයාලටම බලලා තේරුම් ගන්න වෙනවා. කොහොම හරි අන්තිමේදි Sean මෙතන DK වෙනවා. චිත්රපටිය අවසානයේදි කෙනෙක් ඇවිල්ලා කියනවා මෙතන DK ත් එක්ක එයාට තරග කරන්න ඔනේ කියලා. කවුද ඒ කෙනා? ඔයාලා හොදටම දන්න කෙනෙක්. එහෙනම් චිත්රපටිය Download කරගෙනම බලන්නකෝ කවුද ඒ පුද්ගලයා කියලා.
හෝව් හෝව්. තව පොඩි විස්තර ටිකක් දැනගෙනම චිත්රපටිය බලන්න යමු.
හෝව් හෝව්. තව පොඩි විස්තර ටිකක් දැනගෙනම චිත්රපටිය බලන්න යමු.
Genre : | Action | Crime | Drama |
Directed by : | Justin Lin |
Produced by : | Neal H. Moritz |
Starring : | Lucas Black, Sung Kang, Bow Wow, Brian Tee, Nathalie Kelley, Jason Tobin, Vin Diesel |
Distributed by : | Universal Pictures |
Release date(s) : | June 16, 2006 (United States and United Kingdom) |
Running time : | 104 minutes |
Country : | United States |
Language : | English |
Update:
(+) May 15, 2021: බ්ලොග් එකෙහි ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සදහා ඩවුන්ලෝඩ් කරගැනීමට ඔබට කලින් ලබා දී තිබුන ලින්ක් එක ඉවත් කිරීමට සිදු විය.
<< 2 Fast 2 Furious (2003) | Fast and Furious (2009) >> |
මේක තමයි මම Fast And Furious චිත්රපටි මාලාවෙන් කැමතිම එක, ස්තූතියි.
ReplyDeletethanks bro . thama link tika wada supiriyata ela .
ReplyDelete