Fast and Furious (2009) - සෙල්ලම් නෑ - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Saturday, September 22, 2012

Fast and Furious (2009) - සෙල්ලම් නෑ

Fast and Furious (2009) - සෙල්ලම් නෑ

ඉතින් අද මම ඔයාලට දෙන්න යන්නේ මේකේ 4 වෙනියට ආපු චිත්‍රපටිය. Fast & Furious (2009). මම ඔයාලට මේ වෙනකොට Fast & Furious කතා මාලාවේ කොටස් 3 ක් දීලා ඇති. ඔයාලා තවම බලලා නැත්නම් මුලින් ඒ ටික බලලා ඉන්න.


ඉතින් අපි බලමු මොකද්ද මේ චිත්‍රපටියේ සිද්ද වෙන්නේ කියලා

Brian O'Conner දැන් වැඩ කරන්නේ  FBI එකේ, ලොස් ඇන්ජලිස් වල. Dominic නම් පරණ රස්සාව තමා කරන්නේ. ට්‍රක් රථ හොරකම් කරනවා. Dom ගේ සෙට් එකේ දැන් අලුත් චරිත කීපයක් ඉන්නවා. ඒ Leticia (Letty), Tego (Teddy), Omar, Cara, සහ Han. ඔයාලා දැන් බලයි හැන් කොහොමද මේකේ ඉන්නේ එයා Tokyi Drift එකේ මැරුනනේ කියලා. නමුත් මේ Fast & Furious (2009) චිත්‍රපටියේ කතාව ආරම්භ වෙන්නේ The Fast and The Furious (2001) එකේ කතාව සිද්ද වෙලා අවුරුදු 5 කට පස්සෙයි. ඒ වගේම The Fast and the Furious: Tokyo Drift (2006) චිත්‍රපටියේ කතාව වෙන්න කලිනුයි. එකයි මම Tokyo Drift කතාවෙත් ඔයාලට කිවේ හැන් කියන්නේ Dom ගේ පරණ යාලුවෙක් කියලා.

හොදයි ඉතින් Dom සහ එයාගේ සෙට් එක ඉන්ධන පිරවු ට්‍රක් රථයක් හොරකම් කරන්න යන්නේ එයාලගේ අවසන් ජොබ් එක විදිහට. මොකද දැන් හැම පොළිසියක්ම Dom ගේ පස්සෙන් පන්නනවා. ඉතින් කොහොම හරි එක හොරකම් කරනවා. කරදර කිපයක්නම් සිද්ද වෙනවා. කොහොම හරි Dom එයාගේ සෙට් එකට කියනවා ඔයාලට කැමති දිහාවකට යන්න මාත් මෙහෙන් යනවා කියලා. ඔක්කොමලා එක එක දිහාස් වලට යනවා. නමුත් Dom ගේ පෙම්වතිය වන Letty ඩොම් ට කොහෙවත් යන්න දෙන්නේ නෑ. නමුත් ඩොම් ලෙටිට හොරෙන් Panama වලට යනවා. ඒ Lettyගේම හොදට. මොකද ඩොම් එක්ක හිටියොත් එයත් අහුවෙන නිසා. ඉතින් ටික දවසකට පස්සේ Dom ගේ සහෝදරිය Mia, ඩොම්ට කෝල් එකක් දෙනවා. Letty ව කවුදෝ මරලා දාලා තියලා. ඊටපස්සේ ඩොම් ආයෙත් ලොස් ඇන්ජලිස් වලට එනවා. පොළිසියත් බලාගෙන ඉන්නේ ඩොම්ව අල්ලගන්න ලොස් ඇන්ජලිස් වලදි. ඔය අතරේ Brian ට පැවරෙනවා Drug Dealer කෙනෙක්ව අල්ල ගන්න Arturo Braga කියලා. ඉතින් Letty ගේ මරණයට මේ Braga ත් සම්බන්ධයි. ඉතින් Brian සහ Dom දෙන්නම පන්නන්නේ එකම එක්කෙනාගේ පස්සේ. ඉස්සරහට මොනවා වෙයිද? චිත්‍රපටිය Download කරගෙනම බලන්න කතාව හොදයිද කියලා. කලින් චිත්‍රපටි වලට නොදෙවෙනි හොද රේස් ටිකක් තියනවා මේකේ.

Genre : Action | Crime | Drama
Directed by : Justin Lin
Produced by : Neal H. Moritz, Vin Diesel, Michael Fottrell
Starring : Vin Diesel, Paul Walker, Michelle Rodriguez, Jordana Brewster
Distributed by : Universal Pictures
Release date(s) : April 3, 2009
Running time : 107 minutes
Country : United States
Language : English


Update:
(+) May 15, 2021: බ්ලොග් එකෙහි ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සදහා ඩවුන්ලෝඩ් කරගැනීමට ඔබට කලින් ලබා දී තිබුන ලින්ක් එක ඉවත් කිරීමට සිදු විය.


<< The Fast and the Furious: Tokyo Drift (2006) Fast Five (2011) >>



Fast and Furious (2009) චිත්‍රපටිය, Saagaraya Movies, ක්‍රියාදාම, අපරාධ, නාට්‍යමය, ඉංග්‍රීසි චිත්‍රපටි, ත්‍රාසජනක,

1 comment:

  1. thnks bro. okkoma down karanwa ayeth balanna he he . thanks for link

    ReplyDelete