Something About Me - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Something About Me


මගේ නම තරංග දර්ශන ඒකනායක (Tharanga Darshana Ekanayaka). මම ඉන්නේ කුරුණෑගල. පරිගණක ක්ෂේත්‍රයේ වැඩ වලට මම ගොඩක් කැමතියි. විනෝදාංශය වශයෙන් පොත් කියවන්න තමයි වැඩියෙන්ම ආසා කරන්නේ.. ම්ම් වෙනනම් ඉතින් මම ගැන තව අමුතුවෙන් කියලා කියන්න දෙයක් නෑ.



2011 වර්ෂයේ ජුනී මාසයේදී තමා සාගරය නමින් මගේ මේ පුංචි බ්ලොග් එක පටන් ගත්තේ. මට මුලින්ම මේ බ්ලොග් කලාව පිළිබදව ආසාවක් ඇතිවුනේ සෑම්ගේ අඩවිය සහ සුපුෂ්පිත සොෆ්ට් කියන වෙබ් අඩවි දෙක කියවිමෙන් අනතුරුවයි. ඊට පස්සේ ඔවුන්ගේ බ්ලොග් වල තිබුන ලිපි කියවා මම මටම කියලා බ්ලොග් අඩවියක් හදන්න ගත්තා. ඊට පස්සේ තව තව සිංහල වෙබ් අඩවි රාශියකින් මම විවිධ කරුණු ඉගෙන ගත්තා. ඒ හැම වෙබ් අඩවියක්ම මට මෙතන සදහන් කරන්න විදිහක් නෑ. ඒ නිසා මම පළමුවෙන්ම අපගේ සිංහල වෙබ් අඩවි කරන සියලුම සහෝදර සහෝදරියන්ට ස්තුතිවන්ත වෙනවා, මොකද ඔයාලා පළ කල ලිපි නිසා තමයි මේ පුංචි බ්ලොග් අඩවිය ආරම්භ වුනේ.

ඊලගට මම ඉංග්‍රීසී වෙබ් අඩවි සොයන්න ගත්තා. ඒවා වලට ගොස් තව තව කරුණු ඉගෙන ගත්තා. ඒ වෙබ් අඩවිත් නම් වශයෙන් සදහන් කරන්න බෑ. මොකද ගොඩාක් තියනවා. ඉතින් ඔය සියලුම සිංහල, ඉංග්‍රීසී වෙබ් අඩවි කරන සහෝදර සහෝදරියන්ට ස්තුතිවන්ත වෙන්න ඔනේ..

ඉතින් මම ඉගෙන ගත්ත දේවල් ඔයාලටත් තේරෙන විදිහට කියලා දෙන්න පුලුවන් විදිහේ වැඩක් මගේ බ්ලොග් එකෙන් කරන්න මම බලාපොරොත්තු වෙනවා.








බ්ලොග් කලාවට අලුතෙන් පැමිණෙන සහෝදර සහෝදරියන්ට විශේෂ පණිවිඩයක්. මම මගේ සාගරය වෙබ් අඩවිය මුලින්ම පටන් ගත්තේ ජුනි වල නමුත් මම මගේ මුල්ම ලිපිය දැම්මේ අගෝස්තුවල. බොහෝම හිමීට තමයි මම මේක ආරම්භ කලේ. ඒ වගේම ඔයාලටත් කියන්න තියෙන්නේ බ්ලොග් එකක් හදන්න ආසාවක් ආව පලියට හදිස්සියේ ආරම්භ කරන්න එපා කියලයි. හොදට හිතන්න තමන් බ්ලොග් එක පටන් ගන්නේ මොන වගේ ලිපි දාන්නද කියලා. ඊට පස්සේ හිතන්න ඔයා හිතලා බලන්න කොපමණ ප්‍රමාණයක් ඒ වගේ ලිපි ඔයාට දාන්න පුලුවන්ද කියලා. උදාහරණයකට ඔයා Softwares ගැන ලිපි දානවනම් ඔයාට ඔනෙ තරම් ලිපි දාන්න පුලුවන්. Movies ගැන දානවනම් ඔයාට ඕනේ තරම් ලිපි දාන්න පුලුවන්. ඔයා තමන්ගේ අද්දෑකීම් සහ තමන්ගේ හිතට එන දේවල් ගැන ලිපි දාන්න හිතාගෙන ඉන්නවනම් ඔයාලට කොච්චර ලිපි දාන්න පුලුවන්ද? Unlimited. ලිමිට් එකක් නෑ. මොකද ඔයාලට හිතෙන දේවල්නේ දාන්නේ. ඉතින් මම මෙච්චර වෙලා උදාහරණ දෙමින් කියන්නේ ඔයාලා මුලින්ම මොකක් ගැනද බ්ලොග් එක කරන්නේ කියලා හිතාගෙන ඉන්න කියලයි.
ඊටපස්සේ ඒ මාතෘකාවට ගැලපෙන විදිහට වෙබ් අඩවිය හදාගන්න ඔනේ. බෝහෝම සරල, ලස්සන පෙනුමක් තියන Template එකක් දාගෙන බ්ලොග් අඩවිය ආරම්භ කරන්න. ඒකට වැඩිය Widgets දාගන්න එපා. සමහරු ඔරලෝසු, කැලැන්ඩර් වගේ අනවශ්‍ය Widgets දාගෙන Site එක Slow කරගන්නවා. මිනිස්සු ඔයාගේ බ්ලොග් එකට එන්නේ ඔයා ලියන ලිපි බලන්න මිසක් වෙලාව බලාගන්න නෙවෙයිනේ. ඒ නිසා වැඩක් නැති දේවල් ඔක්කොම අයින් කරලා දාන්න. Site එක ලෝඩ් වෙන වේගය ගොඩක් වැදගත් ඔයාගේ බ්ලොග් එක ජනප්‍රිය වෙන්න. මිනිස්සු කැමතියි සරල පෙනුමක් තියන, ලස්සන, ඉක්මනින් ලෝඩ් වෙන සයිට් වලට. ඉතින් ඔය ආකාරයෙන් සයිට් එක හදාගෙන ලිපි දාන්න පටන් ගන්න. ලිපි දාන්න පටන් ගත්තට පස්සේ අපි බලාගෙන ඉන්නේ කට්ටිය අපේ බ්ලොග් එකට එනකම්. ඇවිල්ලා Comment එකක් එහෙම දායි කියලා. Comment එකක් වැටෙනකම් උදේ ඉදන් බලාගෙන ඉන්නවා. කොහොමත් බ්ලොග් එකක් පටන් ගත්ත අලුත Comment වැටෙනවා බොහෝම අඩුයි. ඔයා ලියන ලිපි අනෙක් අයට වැදගත් වෙන තරමට Comment වැටෙනවා වැඩි වෙයි. Comment වැටෙන්නේ නැති වුනහම සමහරුන්ට බ්ලොග් එක කරන එකත් එක්ක එපා වෙනවා. එහෙම අදහස් අතහැර ගන්න එපා. සැම විටම හොද වටිනා දෙයක් ඔයාගේ බ්ලොග් එක නරඹන්නන්ට දෙන්න බලන්න. එතකොට ඔයාට හොද ප්‍රතිචාර තියෙයි. ඉතින් මම මේ බෝහෝම කෙටියෙන් අලුතෙන් බ්ලොග් කලාවට පිවිසෙන සහෝදර සහෝදරියන්ට උපදෙස් ටිකක් දුන්නේ. තව ගොඩක් දේවල් ඔයාලා බ්ලොග් එක ආරම්භ කරලා ටික දවසක් යනකොට ඉගෙන ගන්න පුලුවන් වෙනවා. බ්ලොග් එකක් හදන අයුරු මුල ඉදන් මගේ බ්ලොග් එකේ කියලා දෙන්න මම ඉදිරියේදි බලාපොරොත්තු වෙනවා..



මම මේකේ අවසානය සම්පූර්ණයෙන් වෙන් කලේ මගේ මේ බ්ලොග් එක කියවන ඔයාලා වෙනුවෙන්. ඔයාලා තමයි මෙච්චර කාලයක් මගේ පිටිපස්සේ ඉදන් මගේ මේ බ්ලොග් එක සාර්ථක කර ගැනීමට මට උදව් කරන්නේ. ඉතින් මම මගේ අහිංසක පුංචි ඉල්ලීමක් විදිහට ඉල්ලන්න කැමතියි මේ විදිහට හැමදාම මාත් එක්ක රෑදී සිටින්න ඒ වගේම මාව දිගටම දිරිමත් කරන්න කියලා. ඔයාලා හැම කෙනෙක්ටම බොහෝම ස්තුතියි.





]|I{•------» fιи∂ мє «------•}I|[