සයිට් ප්ලෑන් එකක් හරි පරිමාණයට හදාගන්න හැටි - AutoCAD Tutorial - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Sunday, May 23, 2021

සයිට් ප්ලෑන් එකක් හරි පරිමාණයට හදාගන්න හැටි - AutoCAD Tutorial

 

සයිට් ප්ලෑන් එකක් හරි පරිමාණයට හදාගන්න හැටි - AutoCAD Tutorial

ගොඩනැගිල්ලක සැලසුමක් නිර්මාණය කිරිමට පෙර ඔයාලා එය සාදන ස්ථානයේ බිම් සැලැස්මේ දිග හා පළල ගැන අවබෝධයක් ලබාගෙන ඉන්න ඔනේ. මොකද අපි සැලසුම් කරන ගොඩනැගිල්ල මේ බිමෙහි සැදිමට හැකි එකක් විය යුතු නිසාවෙන්. ඒ වගේම වට පිටාවේ තිබෙන ගොඩනැගිලි, පාරවල්, ලිං වගේ දේවල් ගැනත් අවබෝධයක් තිබෙනවානම් ඔබට නිවැරදිව මේ සැලසුම කිරිමට අවකාශය ලැබෙනවා. මේ සදහා තමා මම යෝජනා කරන්නේ සැලසුමක් නිර්මාණයට ප්‍රථම එම බිමෙහි, බිම් සැලැස්ම එහෙම නැත්නම්  Survey Plan / Site Plan එක ඔයාලගේ මෘදුකාංගයට ඇතුල් කරගෙන, එය නිවැරදි පරිමාණයට සකස් කරගෙන ඉන් අනතුරුව ඔයාලගේ සැලසුම් වලට යන්න කියලා.

මම සැලසුම් නිර්මාණයට AutoCAD මෘදුකාංගය භාවිතා කරන නිසා අද මම ඔයාලට AutoCAD Tutorial එකක් විදිහට "සයිට් ප්ලෑන් එකක් හරි පරිමාණයට හදාගන්න හැටි" කියලා දෙනවා. විඩියෝ එක බලන්න කලින් සයිට් ප්ලෑන් එක ගැන පොඩි විස්තරයක් දැනගමු.

උදාහරණයක් විදිහට සයිට් ප්ලෑන් එකක් ගත්තාම, සයිට් ප්ලෑන් එකේ අපිට වැදගත් වන  ප්‍රධාන කොටස් දෙකක් තියනවා.

1. බිම් සැලැස්ම

බිම් සැලැස්ම

මෙතනදි අපිට බලාගන්න පුලුවන් ඉඩම මොන ආකාරයේ හැඩයක් ලෙසටද තියෙන්නේ සහ ඊට යාබදව තියන පාරවල් (නගර සභා, ප්‍රාදේශිය සභා හෝ පෞද්ගලික) මොනවද, ඉඩම් මොනවද යන ආදිය පිලිබදව අවබෝධයක් ලබාගන්න පුලුවන්. ඒ වගේම මෙහි අංක 1 ලෙස නම් කරලා තියෙන්නේ කැබලි අංක 1යි. තව කැබලි වලට වෙන් කරලා තියනවනම් 1,2,3 යනාදියෙන් මෙහි නම් කරලා තියනවා.

2. වර්ගඵලය


කලින් සදහන් කල කැබලි අංක වලට අදාල වර්ගඵලය තමා මෙහි සදහන් කරලා තියෙන්නේ.
උදාහරණයක් ලෙස මම අරගෙන තියන බිම් සැලැස්මේ කැබලි අංක 1කෙහි තියෙන්නේ අක්කර 0, රූඩ් 1, පර්චස් 27.25 ක වර්ගඵලයක්. එහෙම නැත්නම් හෙක්ටයාර් 0.1701 ක වර්ගඵලයක්.


A අකුරෙන් අක්කරද
R අකුරෙන් රූඩ් ද
P අකුරෙන් පර්චස් ද
H අකුරෙන් හෙක්ටයාර් ද පෙන්නුම් කරනවා

 

ඉතින් ඔය ටික ඔයාල දැනගෙන ඉන්න ඔනේ සාමාන්‍යයෙන් සැලසුම් ශිල්පියෙක් වෙන්නම නෙවේ සාමාන්‍ය කෙනෙක් උනත් දැනගෙන හිටියා කියලා පාඩුවක් වෙන්නේ නෑ, ඒ වගේම මම අද කියලා දෙන පාඩමත් සැලසුම් ශිල්පියන්ටම නෙවේ ඔනේ කෙනෙක්ට තම තමන්ගේ වැඩ තනියම කර ගන්න උදව්වක් විදිහට තනියම උත්සහ කරලා බලන්න.



අපි දැන් බලමු කොහොමද AutoCAD භාවිතා කරලා සයිට් ප්ලෑන් එක හරි පරිමාණයට හදාගන්නේ කියලා.




ඔයාලා විඩියෝ එක බැලුවනම්, එහි මන් පොඩි විස්තර ටිකක් කතා කරා වර්ගඵල ගැන. ඒ ටික මම පහලින් දානවා ඔයාලට තවත් තේරුම් යන විදිහට.

 

ඒ වගේම සයිට් ප්ලෑන් එක ස්කේල් කරද්දි මම කියලා දුන්න Scale Factor එක ගන්න හැටි. ඒක තවත් පැහැදිලි වෙන්න මම පහලින් ඒ ෆෝමියුලා එක දානවා.


ඉතින් මම හිතනවා ඔයලාට පැහැදිලි වෙන්න ඇති කියලා මම කරපු ටියුටෝරිල් එක. අපහැදිලි තැනක් තියනවනම් පහලින් comment එකක් දාලා අහන්න මම කියලා දෙන්නම්. අපිත් එක්ක දිගටම ‍රැදි සිටින්න මෙවැනි දේවල් දැනගන්න.





Sinhala Tutorial, Saagaraya Tutorial, How to Scale a Site Plan, AutoCAD Sinhala, Survey Plan Scale, ඔටෝකැඩ්, සිංහල ටියුටෝරියල්, සාගරය

2 comments: