පඩිපෙලක් හරියට නිර්මාණය කරගමු - AutoCAD Tutorial - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Saturday, May 29, 2021

පඩිපෙලක් හරියට නිර්මාණය කරගමු - AutoCAD Tutorial

 

පඩිපෙලක් හරියට නිර්මාණය කරගමු - AutoCAD Tutorial

අපි අද කතා කරමු පඩිපෙලක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා. ඔයාලා දන්නවනේ ගෙදරක ප්ලෑන් එකක් අපි නිර්මාණය කරද්දි ගෙදරට අවශ්‍යම වෙන දෙයක් තමා පඩි පෙල කියන්නේ. මේක තනි තට්‍ටුවේ ගෙදරයකටනම් අවශ්‍ය දෙයක් නෙවේ, නමුත් ගොඩක් වෙලාවට අද කාලයේ තට්‍ටු නිවාස සැදිමට තමා ගොඩක් පුද්ගලයන් කැමති වෙන්නේ. ඉතින් ඒ නිසා අපිට ඉතාම වැදගත් වෙන මාතෘකාවක් තමා පඩිපෙල කියන්නේ.

අපි අද බලමු කොහොමද ගෙදරකට පඩි පෙලක් නිර්මාණය කරගන්නේ කියලා. ඒ වගේම කියන්න ඔනේ පඩි පෙලවල් වර්ග ගණනාවක් තියනවා අද මම ඔයාලට සාමාන්‍ය පඩි පෙලක්  නිර්මාණය කරගන්න හැටි තමා කියලා දෙන්නේ. අපි ඉස්සරහට ටික ටික සංකීර්ණණ පඩි පෙලවල් වලට යමු. ඒ වගේම ඒවා 3D කරන හැටිත් ඉස්සරහට මම කියලා දෙන්නම්.

මෙතනදි ඔයාලා දැනගන්න ඔනේ දෙයක් තමා මේකේ නිර්මාණකරනය සම්පූර්ණයෙන්ම තියෙන්නේ  ඔයාලගේ අතේ. මම ඔයාලට මුල ආරම්භය අරන් දුන්නට ඔයාලා, ඔයාලගේ නිර්මාණ කිරිමේ හැකියාව පාවිච්චි කරලා මට වඩා හොදට මේවා ඩිසයින් කිරිම තමා මට බලන්න ඔනේ. ඒකට මම පොඩි තල්ලුවක් විතරයි දෙන්නේ. මේ විෂයේදි මට කාටවත් කියන්න බෑ මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා. මොකද මේ නිර්මාණකරනය පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙනවා. ඉතින් ඔයාලා පහල තියන විඩියෝ එක බලන්න කොහොමද හරියට පඩිපෙලක් නිර්මාණය කරගන්නේ කියලා. ඒ වගේම උත්සහ කරන බලන්න ඒ විදිහට ඔයාලට පොඩි පඩිපෙලක් හදාගන්න පුලුවන්ද කියලා. එන ප්‍රශ්ණ මොනවද කියලා කියන්න මට. විඩියෝ එකෙන් පස්සේ තව විස්තර ටිකක් තියනවා අපි එවත් මොනවද කියලා බලමු.



හරි මම හිතනවා ඔයාලා විඩියෝ එක බලන්න ඇති කියලා. එකෙදි මගේ අතින් කියවුනා reinforcement කියලා. එතනදි අපි දැනගන්න ඔනේ පඩිපෙලක කම්බි කොහොමද දාන්නේ කියලා. මේක ගොඩක් Structural Engineer කෙනෙක් තමා ඩිසයින් කරන්නේ ඒ ගොඩනැගිල්ලේ ව්‍යුහයත් එක්ක අරගෙන කම්බි කොහොම කොහොමද එන්නේ කියන දේ.. මම උදාහරණයක් පහලින් දාලා තියනවා මම හිටපු සයිට් එකක තිබුන පඩිපෙලක්.





මේක තමා සාමාන්‍ය පඩි පෙළක ව්‍යුහය. කොහොමද කම්බි දාන්නේ, මොන කම්බිද දාන්නේ කියලා ඔයාලට මෙතනින් පොඩි අයිඩියා එකක් ගන්න පුලුවන්, ඒ වගේම මෙතන මම විඩියෝ එකේ කතා කරපු ලෑන්ඩින් බීම් එක ගැනත් විස්තරයක් තියනවා ඒකේ කම්බි එන්නේ කොහොමද කියලා. මෙහි ඇති කම්බි ප්‍රමාණවල්, කම්බි ඝණකම ඇත්තටම ගොඩනැගිල්ල තියන විදිහ, එහි ව්‍යුහයත් එක්ක තැනින් තැනට වෙනස් වෙනවා. නමුත් මම ඔයාලට දැනගන්න සාමාන්‍ය සැලැස්මක් තමා මේ දිලා තියෙන්නේ.

ඉතින් ගොඩක් කරුණු මට කියාගන්න බැරි වුනා මොකද විඩියෝ එක දිග නිසා. ඒ නිසා තමා මම මේ ගැන විස්තර ටිකත් බ්ලොග් එකෙ සදහන් කරේ. තව ගොඩක් කරුණු තියනවා පඩිපෙලක් ගත්තාම අපිට කතා කරන්න. අපිට මේක එක දවසකින් කතා කරලා ඉවර කරන්න පුලුවන් මාතෘකාවක් නෙවේ. ඒ නිසා මම ඒ අනිකුත් කරුණුත් සමගම, ඔයාල යොමු කරන ප්‍රශ්ණත් අරගෙන තවත් දවසක මේ වගේම තව පඩිපෙලවල් ටිකක් නිර්මාණය කරන විඩියෝ එකකින් හම්බවෙමු.

AutoCAD Sinhala, Saagaraya Tutorial, Sinhala Tutorial, ඔටෝකැඩ්, සිංහල ටියුටෝරියල්, සාගරය, How to, Design Staircase,

No comments:

Post a Comment