Mare of Easttown (2021) - ඇත්ත කවදා හෝ එළිවෙයි (+18) - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Thursday, May 27, 2021

Mare of Easttown (2021) - ඇත්ත කවදා හෝ එළිවෙයි (+18)

 

Mare of Easttown (2021) - ඇත්ත කවදා හෝ එළිවෙයි (+18)

 

2021 අප්‍රේල් මස 18 වන දින HBO රූපවාහිනි නාලිකාවේ විකාශනය ආරම්භ කරපු Mare of Easttown  රූපවාහිනී කෙටි කතා මාලාවේ, අප කවුරුත් හදුනන කේට් වින්ස්ලට් ප්‍රධාන චරිතය නිරූපනය කරයි. Brad Ingelsby විසින් මෙම කතා මාලාව නිර්මාණය කර ඇති අතර මෙය එපිසෝඩ් 7 කින් යුක්ත වෙයි. මේ එපිසෝඩ් 7ම  Craig Zobel විසින් අධ්‍යක්ෂණය කර ඇත. මෙහි ඇති සමහර දර්ශන නිසා මෙය වැඩිහිටියන්ගේ අනු දැනුමක් ඇතුව නැරඹිය යුතුයි.

මෙයර් ෂේන් කියන්නේ පැන්සල්වේනියාවේ ඊස්ට් ටවුන් නගරයේ ජිවත් වන, පොළිසියේ රාජකාරියේ නියුක්ත රහස් පරික්ෂකයෙක්. අවුරුදු 25 කට පෙර පාසලේ බාස්කට්බෝල් තරගාවලියේ ශූරතාවය දිනා ගන්න ප්‍රධාන දායකත්වය දැක්වු ඇය, ඒ හේතුව නිසා එම නගරයේ වීරවරියක්. නගරයේ සියලු දෙනා හොදින් දන්න හදුනන චරිතයක්. ඇය අවුරුද්දකට කලින් සිදුවූ තරුණ ගෑණු ලමයෙක්ගේ අතුරුදහන් වීමක් සොයා එය විසදීමට මහත් වෙහෙසක් ගනී. නගරයේ ජනතාව ඇයට මෙය විසදන්න පුලුවන් වෙයි කියලනම් විස්වාස කරන්නෑ. මේ අතර ඇයගේ විවාහ ජීවිතය දෙදරා යෑමත්, ඈයගේ පුතනුවන්ගේ සියදිවි හානි කර ගෑනීමත්, ඇයගේ ලේලිය, ඇය සමග ජිවත් වන මුණුබුරා තම භාරයට ගැනිමට උත්සහ කිරීමත්, මෙයර් ගේ ජිවිතය ගොඩක් ප්‍රශ්ණ වලින් පුරවනවා. මේ අතර නගරයේ තරුණ මවක් අභිරහස් ලෙස ඝාතනය වීම හා එය විසදීමට මැයගේ උත්සාහය මේ රූපවාහිනි කතාමාලාවෙන් ඔයාලට බලාගන්න පුලුවන්.



Genre : Crime | Drama | Mystery
Created by : Brad Ingelsby
Written by : Brad Ingelsby
Starring : Kate Winslet, Julianne Nicholson, Jean Smart, Angourie Rice, David Denman, Neal Huff, Guy Pearce, Cailee Spaeny, John Douglas Thompson, Joe Tippett, Evan Peters, Sosie Bacon, James McArdle
Official Site : Mare of Easttown (2021) - HBO
Country of origin : United States
Language(s) : English
No. of seasons : 1
Executive producer(s) : Paul Lee, Mark Roybal, Craig Zobel, Kate Winslet, Brad Inglesby, Gavin O'Connor, Gordon Gray
Producer(s) : Karen Wacker
Music by : Lele Marchitelli
Production company(s) : Zobot Projects, Mayhem Pictures, Juggle Productions, Low Dweller Productions, wiip
Original channel : HBO
Original airing : April 18, 2021


රුපවාහිනි කතාමාලාවේ රගපාන චරිත ගැන විස්තර පොඩ්ඩක් දැනගමු.

Kate Winslet as Mare Sheehan:

මෙයර් කියන්නේ පැන්සල්වේනියාවේ ඊස්ට් ටවුන් නගරයේ රහස් පරික්ෂක පොලිස් කාන්තාවක්. ඇයට තරුණ ගෑනු ලමයෙකුගේ අභිරහස් මරණයක් සහ තව අතුරුදහන් වීමක් ගැන පරික්ෂණ පවත්වන්න සිදු වෙනවා. ඇයට දරුවන් දෙදෙනෙකු සහ එක් මුණුබුරෙකු සිටිනවා. දැනට විවාහයෙන් වෙන් වෙලා සිටින ඇය අපේ කතාවේ, කතා නායිකාව වෙනවා.


Julianne Nicholson as Lori Ross:

ලොරී කියන්නේ මෙයර් ගේ හොදම මිතුරියයි. ජෝන් රොස්ව විවාහ කරගෙන සිටින ලොරීට දරුවන් දෙදෙනෙකු සිටිනවා. ඇයත් විවාහ ජිවිතයේ යම් යම් ප්‍රශ්ණ වලට මුහුන දෙමින් ජිවිතය ගතකරගෙන යයි.


Jean Smart as Helen Fahey:

හෙලන් කියන්නේ මෙයර් ගේ මවයි. මෙයර් විවාහයෙන් ඉවත් වුනාට පසුව ඇය මෙයර් ගේ නිවසට ඇගේ තනියට පැමින එහි දැන් ජිවත් වෙනවා. හෙලන්ගේ ස්වාමිපුරුශයා, එනම් මෙයර් ගේ පියා ජිවතුන් අතර නැත. මෙයර් අවුරුදු 13 දි ඔහු මියගොස් තිබෙනවා. හෙලන් සහ මෙයර් අතර හැම විටම රණ්ඩු ඇතිවේ නමුත් මේ මව-දියණිය අතර තියන ආදරයත් ඊට එහා ගිය ශක්තිමත් සම්බන්ධතාවයක්.


Angourie Rice as Siobhan Sheehan:

ෂ්බෝන් කියන්නේ මෙයර් ගේ දියණියයි. ඇය සංගීත කණ්ඩායමකට සම්බන්ධව කටයුතු කරයි. ෂ්බෝන්ට සොහොයුරෙක් සිටිය නමුත් ඔහු දැනට ජිවතුන් අතර නැත. ඔහු සිය දිවි හානිකරගෙන ඇත. මේ හේතුව නිසා මේ පවුලේ සියල්ලගේම සම්බන්ධතා සියල්ලක් විශානවී ඇත. ඇය තම සොහොයුරා ගැන චිත්‍රපටයක් කරමින් සිටී. සොහොයුරාගේ පුතා වන ඩෲ ව ගොඩක් වෙලාවට බලා කියා ගන්නේ ෂ්බෝන් ය.


David Denman as Frank Sheehan:

ෆ්රැන්ක් කියන්නේ මෙයර් ගේ නිතියෙන් වෙන් වූ ස්වාමිපුරුෂයයි. ඔහු දැනට මෙයර් ගේ නිවස ලගම ජිවත් වෙයි. විවාහයෙන් වෙන් වී සිටියත් ඔහු මෙයර් ගේ පවුල සමග ගොඩක් ලග සම්බන්ධතාවයක් පවත්වයි. ඔවුන්ගේ අශිර් වාදයත් ඇතිව ඔහු නැවත විවාහයක් කර ගැනිමට සුදානම් වෙයි. විශ්වවිද්‍යාලගේ ගුරුවරයෙක් වන මොහු අලුතෙන් ජිවිතයක් ආරම්භ කිරීමට ගොඩක් බලාපොරොත්තු තියාගෙන ජිවත් වෙයි.


Neal Huff as Father Dan Hastings:

ෆාදර් ඩැන් කියන්නේ මෙයර් ගේ ඥාති සොහොයුරෙක්. ඔහු St. Michael's පල්ලියේ සිටින කතොලික පුජකවරයෙක් සහ උපදේශකවරයෙක් වනවා.


Guy Pearce as Richard Ryan:

රිචර්ඩ් රයන් කියන්නේ ඊස්ට් ටවුන් නගරයට අලුතෙන් පැමිනි පුද්ගලයෙක්. ඔහු ලේඛකයෙක් වගේම නිර්මාණාත්මක ලියවීම් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ සිටින ආචාර්‍යවරයෙක්. ඒ වගේම මෙම කතාව පුරා ඔහු මෙයර් සමග ආදර සම්බන්ධතාවකට මුලපුරනවා. ඔහුත් විවාහයෙන් වෙන් වී සිටිය පුද්ගලයෙක්.


Cailee Spaeny as Erin McMenamin:

එරින් කියන්නේ තම දරුවත් සමග තනිව වෙසෙන් තරුණ මවක්. දරුවාගේ පියා මොවුන්ව හැරගොස් ඇත්තේ මැයට දරුවා හම්බෙන්න සිටින විටයි. නිතියෙන් ඔහුට දරුවට වියදම් කරන්න නියම වී ඇති නිසා විටින් විට ඇය ඔහුව හමුවෙනවා. නමුත් ඔහු ඒ ගැන සතුටින් නෙවේ ඉන්නේ. ඔහුගේ දැන් පෙම්වතිය එරින්ට ගොඩක් වෛර කරනවා. කතාව අතරතුර එරින් තම පියාගේ නිවසේ වෙසෙන කාලයේ ඇය අභිරහස් ලෙස ඝාතනය වෙනවා..


Evan Peters as Detective Colin Zabel:

කොලින් කියන්නේ මේ නගරයේ සිදු වෙන අභිරහස් මරණ අතුරුදහන් වීම ගැන හොයන්න මෙයර් ට උදව් වීමට , ප්‍රධාන ප්‍රාන්තයෙන් එවන ලද තවත් රහස් පරික්ෂකයෙක්. ඔහු කලින් අභිරහස් මිනීමැරුමක් විසදා ජනප්‍රිය වී ඇති පුද්ගලයෙක්. මෙයර් සමග මුලින් මොහු හොද සම්බන්ධතාවයක් ආරම්භ කරන්නේනම් නැත, නමුත් කතාව ගලාගෙන යන අතරතුර මොවුන් දෙදෙනාගේ සම්බන්ධතාවය ශක්තිමත් වීමට පටන් ගනි.


Sosie Bacon as Carrie Layden:

කැරී කියන්නේ මෙයර් ගේ මුණුබුරා වන ඩෲ ගේ මවයි. ඒ කියන්නේ මෙයර් ගේ ලේලියයි. ඇය මත් ද්‍රව්‍ය භාවිතය නිසා හිරේට ගොස් නැවත නිදහස් වී පැමිණ ඇති නමුත් ඒ අතරේ ඩෲ, මෙයර් සමග ජිවත්වන නිසා, මැය ඩෲව තම භාරයට ගැනිමට කටයුතු කරයි. මෙයර් මැයත් සමග තරහෙන් පසුවෙන හෙයින් ඩෲව තම භාරයේ තියා ගැනිමට මෙයර් ගොඩක් උත්සහ කරයි. තරහෙන් පසුවන්නේ තම පුතනුවන්ගේ සියදිවි නසා ගැනිමට ඇය වැරදි ලෙස මෙයර් විශ්වාස කරයි. නමුත් කැරී, ඩෲ සමග සැබවින්ම හොද ජිවිතයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙයි.



මේ තියෙන්නේ එපිසෝඩ් ටික.


Mare of Easttown S01E01 - Miss Lady Hawk Herself
Mare of Easttown S01E02 - Fathers
Mare of Easttown S01E03 - Enter Number Two
Mare of Easttown S01E04 - Poor Sisyphus
Mare of Easttown S01E05 - Illusions
Mare of Easttown S01E06 - Sore Must Be the Storm
Mare of Easttown S01E07 - Sacrament



මෙහි දෙවෙනි කතාමාලාවක් බොහෝ දුරට එන්නේ නැතිවෙයි. ඊට හේතුව මෙය Mini Series එකක් වීම.


2019 ජනවාරි මස මෙම රූපවාහිනි කතා මාලාවේ ප්‍රධාන චරිතයට පන පෙවීමට Kate Winslet ව ‍තෝරාගෙන ඇති අතර එම වසරේ ඔක්තොම්බර් වන විට ඉතිරි චරිත සියල්ල ‍තෝරාගැනිම් නිම කරගෙන ඇත. නැවතත් 2021 පෙබරවාරි මස අලුතෙන් Guy Pearce සම්බන්ධ වෙලා තියනවා මේ සදහා. 2019 දී රූගත කීරීම ආරම්භ කරපු මේ කතා මාලාව කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් විටින් විට බාදා සහිතව පැමිණියත් 2021 අප්‍රේල් මස වන විට කෙසේ හෝ නිම කිරීමට හැකියාව ලැබී ඇත. 


මම නැරඹූ හොද කතා මාලාවක් විදිහට ඔයාලට මෙය ගෙනාවේ. ඉතින් ඔයාලත් බලල ඔයාලගේ අදහස් අපිත් එක්ක බෙදා ගන්න.


බ්ලොග් එකේ ගුණාත්මක භාවය ආරක්ෂා කර ගැනිම හේතුවෙන් කණගා‍ටුවෙන් වුවත් මෙය බාගත කිරීමට ලින්ක් දිය නොහැකි. ඔබට මෙම කතා මාලාව මට ලබා දිය හැකියි පහත ඇති ආකාරයට. 



Mare of Easttown Season 1 Data DVD (1.5GB) - Rs 100/=

[FORMAT]:............. [ Matroska (mkv)
[RELEASE NOTE]:....... [ 480p.WEB-DL.x264-NTb
[FILE SIZE]:.......... [ ~200 MB/ep
[RESOLUTION]:......... [ 856 x 428
[FRAME RATE]:......... [ 23.976 fps
[LANGUAGE ]:.......... [ English
[SUBTITLES]:.......... [ English Softcoded
[RUNTIME]:............ [ ~52 min/ep
[EPISODE]:............ [ 7



Episode 1ක් සදහා රු 15 ක මුදලක් අය කරන අතර, වාරියපොල සහ කුරුණෑගල නගර අවට නොමිලේ බෙදා හැරිමට හැකියාවක් ඇත. වෙනත් තැනකට කූරිය කිරිමට අවශ්‍ය නම් කූරිය ගාස්තුත් මේ සදහා එකතු වේ.

Pen Drive එකකට ලබා ගන්නවානම් වාරියපොල ප්‍රාදේශීය සභාව අසල Siyapatha Engineering Services වෙත පැමිණෙන්න.  Episode 1ක් රු 12.

වැඩි විස්තර Whatsup ඔස්සේ විමසන්න. 0768856030



Saagaraya TV Series, අපරාද, අද්භූත, නාට්‍යමය, මෙයර් ඔෆ් ඊස්ට් ටවුන්, ඉංග්‍රීසි උපසිරස, 18+, HBO

No comments:

Post a Comment