Eternals (2021) Official Trailer - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Wednesday, May 26, 2021

Eternals (2021) Official Trailer

 

Eternals (2021) Official Trailer

"ඉටර්නල්ස්" කියන්නේ මාවල් ස්‍ටුඩියෝ එක විසින් නිෂ්පාදනය කරන වෝල්ට් ඩිස්නි සමාගම විසින් බෙදාහරින, මාවල් කොමික් සිනමා ලෝකයේ ඉදිරියට එන්න තියන 26 වෙනි චිත්‍රපටයයි. Chloé Zhao විසින් අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටය, අපි හොදින් හදුනන නළු නිළියන් ‍රැසක් චරිත නිරූපණය කරන බොක්ස් ඔ‍ෆිස් වාර්ථා තිබිය හැකි චිත්‍රපටයක් වනවා නිසැකයි.


Genre : Action | Adventure | Drama | Fantasy | Sci-Fi
Directed by : Chloé Zhao
Produced by : Kevin Feige, Nate Moore
Starring : Gemma Chan, Richard Madden, Kumail Nanjiani,Lia McHugh, Brian Tyree Henry, Lauren Ridloff, Barry Keoghan, Don Lee, Gil Birmingham, Harish Patel, Kit Harington, Salma Hayek, Angelina Jolie
Distributed by : Walt Disney Studios Motion Pictures
Official Site : Eternals (2021)
Release Date : November 5, 2021 (United States)


Avengers: Endgame (2019) චිත්‍රපටයේ සිදුවූ බලාපොරොත්තු නොවු ඛේදවාචකයත් සමග, අවුරුදු 7000ක් පමන ලෝකයාට සැගවී ජීවත් වූ, දෙවියන් විසින් නිර්මාණය කල අමරණීය පුද්ගලයන් පිරිසක්, මනුෂත්වය වෙනුවෙන් නැවත එකතු වීමක්, මේ කතාවේ ප්‍රධාන තේමාව වෙයි.



2018 අප්‍රේල් මාසයේ, මාවල් ස්‍ටුඩියෝ හි ප්‍රධානියා වන කෙවින් ෆයිගි විසින් මේ "ඉටර්නල්ස්" චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භකල බව දැනුම් දුන්නා. එම වසරේම සැප්තැම්බර් මස එහි රූගත කිරීම් ආරම්භ කල අතර, එංගලන්තයේ ලන්ඩන් සහ ඔක්ස්ෆොඩ් නගර වල සහ කැනේරි දුපතේ මෙහි ප්‍රධාන රූගත කිරීම් කර ඇත.

මාවල් සිනමා ලෝකයේ, 4 වෙනි අදියරේ චිත්‍රපටයක් ලෙස Eternals චිත්‍රපටය 2021 නොවැම්බර් 5 වන දින තිරගත වීමට නියමිතයි. අපිත් එක්ක ‍රැදි සිටින්න මේ ගැන අලුත් තොරතුරු දැන ගැනීමට.
 
 




Marvel Cinematic Universe, Phase Four, MCU, Eternals, Official Trailer, Saagaraya Trailer, ඉටර්නල්ස්, මාවල් කොමික්, වෝල්ට් ඩිස්නි

No comments:

Post a Comment