හුරුබුහුටි ලස්සන පොඩි ගෙදරක් නිර්මාණය කරගමු - AutoCAD Tutorial - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Sunday, July 4, 2021

හුරුබුහුටි ලස්සන පොඩි ගෙදරක් නිර්මාණය කරගමු - AutoCAD Tutorial

 

අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ AutoCAD මෘදුකාංගය භාවිතා කරලා ලස්සන පොඩි ගෙදරක් නිර්මාණය කර ගන්න හැටියි. මම පොඩි ගෙදරක් ‍තෝරගත්තේ මුලින් සංකීර්ණ ගෙවල් නිර්මාණය කරන්න කලින් පොඩි තැනකින් ආරම්භ කරලා හිටියොත් හොදයි කියලා මට තේරුන නිසා.

සාමාන්‍යයෙන් මට අලුත් ප්ලෑන් එකක් ඩිසයින් කරන්න ආවහම ඒ වැඩේ කරගන්න පියවරවල් ටික මම ඔයාලට පෙන්නන්න තමා මම මේ විඩියෝ එක හැදුවේ. ඔයාලත් මේ විශයට ආසාවක් ඇති කරගනි කියලා මම බලාපොරොත්තු වෙනවා මගේ විඩියෝ බලලා. ඒ වගේම මම කලින් ලිපියෙත් සදහන් කරා වගේ මට ඔයාලට කියන්න බෑ මෙහෙමයි කර ගන්න ඔනේ කියල මොකද මේකේ ලොකු පියවරවල් නෑ අනුගමනය කරන්න. නිර්මාණයේ ගුණාත්මක භාවය රදා පවතින්නේ ඔයාලගේ නිර්මාණකරන හැකියාව මතයි.

වැරදෙන්න පුලුවන් ගොඩක් වෙලාවට. නමුත් වැරදි වැරදි කාලයක් යද්දි ඔයාලගේ දැනුම, හැකියාව වර්ධනය වීම නිසා කාටවත් හිතන්නවත් බැරි නිර්මාණ බිහිවෙන්න පුලුවන් ඔයාලගෙන්. ඒ නිසා උත්සහ නොකර ඉන්න එපා.

මේ ගෙදර හදන්න යන ඉඩමේ සයිට් ප්ලෑන් එකක් තිබුනේ නෑ. මම දිග පළල මැනගෙන ආවේ. ලොකුවට ඉඩම තියන නිසා මම සයිට් ප්ලෑන් එක මේකට යොදාගත්තේ නෑ. නමුත් ඔයාලා නිර්මාණයක් කරගද්දි සයිට් ප්ලෑන් එකක් තියනවනම් අනිවාරයෙන්ම එක පරිමාණයට සකසගෙන, ගෙදර එම ඉඩමට ඇතුලත් කර හැකිදැයි බලා නිර්මාණය කර ගන්න.

සයිට් ප්ලෑන් එකක් පරිමාණයට සකසගන්න හැටි මෙතනින් ඔයාලට බලා ගන්න පුලුවන්.


අද නිර්මාණය ගැන කතා කරොත්, අදින්න යන ගෙදරට අඩංගු වෙන්න ඔනේ දේවල් ටික තමා මේ...

  • නිදන කාමර -3
  • සාලය සහ කෑම කාමරය
  • කුස්සිය පෝරණුවත් සමග
  • නාන කාමරය
  • සහ පොඩි ආලින්දයක්


පල දෙකකට වහලෙත් සමග මම මේ තොරතුරු අඩංගු වෙන්න ගෙදර නිර්මාණය කරන හැටි අපි දැන් බලමු.







හැමදාම වගේ කියන්න ඔනේ, ඔයාලට මොනවා හරි ප්‍රශ්ණ තියනවනම් මෙතන කමන්ට් එකක් දාලා හරි ඔනේම ක්‍රමයකින් මාව සම්බන්ධ කරගෙන ඒ ප්‍රශ්ණ විසද ගන්න. ඒ වගේම අපිත් එක්ක එකතු වෙලා ඉන්න මම ඉදිරියට මේ නිවසේම Detail Drawing ටිකක් අදින්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මොකද මට ඔයාලට පොඩි ගෙදරකින් මේ වගේ දෙයක් කියලා දෙන එක ලේසි ලොකු ගෙවල් වලට යන්න කලින්.
එහෙනම් අපි තවත් දවසක හමුවෙමු. එතකම් සුභ දවසක්.

AutoCAD Sinhala, Saagaraya Tutorial, Sinhala Tutorial, ඔටෝකැඩ්, සිංහල ටියුටෝරියල්, සාගරය, How to Design a Beautiful Small House,

2 comments:

  1. .dwg file eka denna puluwanda

    ReplyDelete
    Replies
    1. @ Anonymous: anthima video ekedi mn dennm okkoma complete krala.

      Delete