Black Widow (2021) - අතීතයෙන් දුරස් වෙන්න බෑ - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Saturday, July 10, 2021

Black Widow (2021) - අතීතයෙන් දුරස් වෙන්න බෑ

 

 

මාවල් චිත්‍රපට මාලාවේ 24 වන චිත්‍රපටය ලෙස  අලුතෙන්ම තිරගත වුන චිත්‍රපටය තමා Black Widow (2021) කියන්නේ. කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් 2020 වසරේ සිට මේ දක්වා විටින් විට තිරගත වීම ප්‍රමාද කරන්නට මේ චිත්‍රපටයට සිදුවුනා. නමුත් අවසානයේ 2021 ජූනි මස 29 වනදා මේ සියල්ල අවසන් කරමින් මේ චිත්‍රපටය ලොව පුරා තිරගත කිරීම ආරම්භ කරා. ඉතින් මට ඊයේ තමයි මේ චිත්‍රපටය බලන්න පුලුවන් වුනේ. හැමදාමත් වගේ හොද චිත්‍රපටයක් නරඹපු ගමන්ම මම ඒ ගැන ඔයාලට කියනවනේ. ඒ නිසා අද අපි කතා කරමු බ්ලැක් විඩෝ චිත්‍රපටය ගැන.


» චිත්‍රපටයේ මොකද වෙන්නේ:

චිත්‍රපටයේ කතාව දැනගන්න කැමති නැති කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් පහලට ස්කිප් කරල ඉතුරුවා බලන්න.

 

බ්ලැක් විඩෝ චිත්‍රපටයේ අන්තර්ගතයේ තියෙන්නේ "පවුල" කියන මාතෘකාවයි. චිත්‍රපටය ආරම්භ වන්නේ Ohio නගරයේ ජිවත්වන නටාෂා (වැඩිමල් විය Scarlett Johansson රගදක්වයි) සහ ඇගේ නැගනිය යෙලේනාගේ (වැඩිමල් විය Florence Pugh රගදක්වයි) කුඩා අවදිය පෙන්වන ජවනිකාවකින්. ඔවුන්ගේ මව මෙලීනා (Rachel Weisz රගදක්වයි) පියා ඇලෙක්සි (David Harbour රගදක්වයි) සමග මේ ගෑණු ලමුන් දෙදෙනා සාමාන්‍ය ජිවිතයක් ගත කරන අයුරු අපිට බලාගන්න පුලුවන්. නමුත් ඔවුන්ගේ "මව" සහ "පියා" සැබවින්ම රුසියන් ඔත්තුකාරයෝ සහ ඇත්තටම මෙතන වෙන්නේ මේ ගෑණු ලමුන් දෙදෙනා, සුපිරි සොල්දාදුවන් නිර්මාණය කරන වැඩසටහනකට පුහුනු කිරීමක් බව චිත්‍රපටය බලාගෙන යද්දි ඔයාලට පෙන්නනවා. 

 

ගොඩක් සටන් ජවනිකා වලිනුත්, මේ ත්‍රාසයජනක ආරම්භයත් එක්කම අපිට බලාගන්න පුලුවන් සාමාන්‍ය ගැණු ලමුන් ලෙස සිටි මේ නටාෂව සහ යෙලේනව, රුසියන් ඔත්තුකාර සුපිරි සොල්දාදුවන් ලෙස පුහුණුකරවන හැටි. පසු කාලෙක ඔවුන්ගේ වෙන් වීම වෙන්නේ මේ "Red Room" කියන ස්ථානයේ ප්‍රධානියා වන ඩ්‍රෙයිකොව්ව නටාෂා විසින් ඝාතනය කර මේ වැඩ සටහන විනාශ කිරිමත් සමගයි. නමුත් ඇය සැබවින්ම මෙම ඝාතනයත්, විනාශයත් සිදු කරාද? 

 

 ඊටපස්සේ අපිව ඉදිරි කාලයකට අරගෙන එනවා Captain America: Civil War චිත්‍රපටයෙන් පසු නටාෂා විසින් ස්කෝවියා ගිවිසුම උල්ලංගනය කිරීමත් සමග තමන්ගේ රජය විසින් ඇයව අත් අඩංගුවට ගැනිමට උත්සහ කිරිමත්, ඇය මොවුන්ගෙන් බෙරී කිසිවෙකුට සොයාගැනීමට නොහැකි ලෙස පලායාමත් අපිට බලාගන්න පුලුවන්. මේ සමග ඇයට ඇයගේ සොහොයුරියගෙන් යම් කිසි පාර්සලයක් ලැබෙනවා. මෙහි අඩංගු වන්නේ මේ සුපිරි සොල්දාදුවන් නිර්මාණය කිරීමේදි මනස පාළනය කිරීමක් එහෙම නැත්නම් Mind Control කිරිමක් සිදු කරනවා එය වෙනස් කිරීමට යොදා ගන්නා රසායනික ගෑස් එකක්. මේ සිදුවීමත් සමග අපිට මාවල් සිනමා ලෝකයට තව සුපිරි හතුරෙක් හදුන්වා දෙනවා... Taskmaster. මොහුට පුලුවන් ප්‍රතිවාදියාව හොදින් අධ්‍යනය කර ඔවුන්ගේ සටන් ක්‍රම අනුකරණය කරන්න. ඉතින් ලේසි පහසු වෙන සතුරෙක් නෙවෙයි මේ ඉන්නේ.. ඉතින් මේ ටාස්ක්මාස්ටර් කියන්නේ කවුද ඔහුගෙත් පසුබිම ඔයාලට මේ චිත්‍රපටයෙන් බලාගන්න පුලුවන්. ඔහුද? ඇයද? 

 

නටාෂා, ඇගේ සොහොයුරියත් සමග නැවත එකතු වීමත් සමග ඇයගෙන් දැනගන්න ලැබෙන්නේ සැබවින්ම Red Room හී "බ්ලැක් විඩෝ" කියන වැඩසටහන තවම සක්‍රීය බවත්, එහි ප්‍රධානියා තවම ජිවතුන් අතර බවත්ය. මේ අලුත් තොරතුරත් එක්ක ඇය ඇගේ සොහොයුරියත් සමග මේ වැඩසටහන විනාශ කරන්න ටීම් අප් වෙනවා. නමුත් දෙදෙනාම දන්නේ නෑ කොහෙද මේක පිහිටලා තියෙන්නේ කියලා. නමුත් මේ ගැන හොදින් දන්න දෙන්නෙක් තමා චිත්‍රපට මුලින් මොවුන්ගේ දෙමව්පියන් ලෙස සිටි ඇලෙක්සි සහ මෙලීනා. මොවුන් සොයාගෙන ගොස් මේ ගැන වැඩි විස්තර දැනගෙන ඔවුනුත් සමග මේ වැඩසටහන විනාශ කරන්න යන කතාව තමා ඔයාලට මේ චිත්‍රපටයෙන් බලාගන්න පුලුවන් වෙන්නේ.


» අමතර විස්තර ටිකක්:


Genre : Action | Adventure | Sci-Fi
Directed by : Cate Shortland
Produced by : Kevin Feige
Starring : Scarlett Johansson, Florence Pugh, David Harbour, O-T Fagbenle, Olga Kurylenko, William Hurt, Ray Winstone, Rachel Weisz
Distributed by : Walt Disney Studios Motion Pictures
Release date(s) : June 29, 2021 (world premieres)
Running time : 134 minutes
Country : United States
Language : English


2020 මැයි 1 වෙනිදා රිලිස් වෙන්න තිබුන මේ චිත්‍රපටය 2021 ජුනී මස 29 වෙනිදට කල් ගියා කොවිඩ් වසංගත තත්වය හේතුවෙන්. නමුත් මුලින්ම බ්ලැක් විඩෝ චිත්‍රපටයක් හදන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ 2004 වසරේ. ඒ Lionsgate සමාගම මෙහි අයිතිය හිමි කරගැනිමත් සමග. නමුත් 2006 නැවතත් මෙහි අයිතිය Marvel Studio හිමිකර ගැනීමත් සමග 2010 වසරේ Iron man 2 චිත්‍රපටයෙන් බ්ලැක් විඩෝ කියන චරිතය හදුන්වා දෙනවා. මුලින්ම් මේ චරිතයට පන පෙවීමට Emily Blunt ව ‍තෝරාගෙන ඇති අතර ඇය Gulliver's Travels (2010) චිත්‍රපටයේ වැඩ කරමින් සිටි නිසා මෙයට සම්බන්ධ වීමට නොහැකිව තිබෙනවා. ඉන් පසුව ඔවුන් Scarlett Johansson ව මේ චරිතය සදහා එකතු කරගෙන තිබෙනවා. විටින් විට මේ බ්ලැක් විඩෝ චරිතය අලලා චිත්‍රපටයක් නිර්මාණය කරන්න උත්සහ කලත් මාවල් ස්‍ටුඩියෝ එක Avengers චිත්‍රපට සදහා ගොඩක් කාලය යොමු කරලා තියෙනවා. Age of Ultron චිත්‍රපටයේ බ්ලැක් විඩෝගේ අතීතය ගැන සදහන් වීමත් සමග 2015 වසරේ කෙවින් ෆයිගි සදහන් කරලා තියනවා එයාලා බ්ලැක් විඩෝ සදහා සෝලෝ චිත්‍රපටයක් කරනවා කියලා. ඒ අනුව 2019 වසර වෙදිදි සියලු නළුනිළියනුත් ‍තෝරාගෙන චිත්‍රපටය රූගත කිරීම් ආරම්භ කරලා තියනවා. මේ චිත්‍රපටයේ කතාව යන්නේ Captain America: Civil War චිත්‍රපටයත් Avengers: Infinity War චිත්‍රපටයත් අතර කාලය අතරතුරය.

» රගපාන නළු නිළියන් හා චරිත හදුනගමු:


චිත්‍රපටයේ ජනප්‍රිය නළු නිළියන් ගොඩක් රංගනයෙන් දායකත්වය දෙනවා. අපි දැන් බලමු මොන විදිහේ චරිතද මෙයාල රගපාන්නේ කියලා

Scarlett Johansson as Natasha Romanoff / Black Widow:

නටාෂා රොමනෝෆ්/ බ්ලැක් විඩෝ කියන්නේ අපිට සුපුරුදු චරිතයක්. කලින් ඇවෙන්ජර්ස් චිත්‍රපට වලදි අපිට මුන ගැහුනු චරිතයක්. අතිතයේ රුසියන් ඔත්තුකාරිනියක් මෙන්ම S.H.I.E.L.D නියෝජිතයෙක් වන නටාෂා, ඇගේ අදුරු අතීතය සමග නැවත ගැටීමක් මේ චිත්‍රපටයෙන් බලාගන්න පුලුවන්.


Florence Pugh as Yelena Belova / Black Widow:

බ්ලැක් විඩෝ කෙනෙක් ලෙස රෙඩ් රූම් හි පුහුණුව ලැබූ යෙලේනා කියන්නේ නටාෂාගේ සොහොයුරියක් විදිහට අතීතයේ මෙහෙයුම් වලට සම්බන්ධ වුන කෙනෙක්. යෙලේනා, රෙඩ් රූම් එකත් එක්ක ඉද්දි සිදුවූ සිදුවීම් මතක ආවර් ජනය කරමින් ඒවා නිවැරදි කරගැනීමට රෙඩ් රූම් විනාශ කර දැමීමට නටාෂත් සමග එකතු වෙනවා. ඇයට නටාෂා කියන්නේ ඇත්තටම සොහොයුරියක් නමුත් ඇය මේ බව හගවන අවස්ථා ගොඩක් අඩුයි.


David Harbour as Alexei Shostakov / Red Guardian:

කැප්ටන් ඇමෙරිකා නිර් මාණය කල ආකාරයට රුසියාව විසින් නිර් මාණය කල සුපිරි සොල්දාදුවෙක් තමා ඇලෙක්සි එහෙම නැත්නම් රෙඩ් ගාර් ඩියන් කියන්නේ. මොහු නටාෂාට සහ යෙලේනාට පියෙකු ලෙස කලින් රෙඩ් රූම් සම්බන්ධව සිදුවූ මෙහෙයුමකදි සිටි පුද්ගලයෙක්. රෙඩ් රූම් විසින් මොහුව සිර දඩුවමකට ලක් කර ඇති අතර නටාෂා සහ යෙලේනා මොවුන එයින් බේරා ගැනිමත් සමග රෙඩ් රූම් එකට එරෙහිව සටනට මොහුත් එක් වෙයි.


Rachel Weisz as Melina Vostokoff / Black Widow:

රෙඩ් රූම් සම්බන්ධ මෙහෙයුමක නටාෂාගේ සහ යෙලේනාගේ මව විදිහට සිටි මෙලීනා බ්ලැක් විඩෝ වරියෙකු ලෙස රෙඩ් රූම් වල පුහුනුව ලබා ඇත. දැනට ඇය එහි ප්‍රධාන විද්‍යාඥයෙකු ලෙස සේවය කරයි. ඇය රෙඩ් රූම් වල සිදු කෙරෙන අමානුෂික ක්‍රියා ගැන නොදන්නා අතර එය දැනගැනිමෙන් පසු එය විනාශ කිරීමට නටාෂා සහ යෙලේනා සමග එක් වෙයි.


Ray Winstone as General Dreykov:

රෙඩ් රූම් හී ප්‍රධානියා ලෙස ජෙනරල් ඩ්‍රේයිකෝව් රංගනයෙන් දායකත්වය දක්වයි..


Olga Kurylenko as Antonia Dreykov / Taskmaster:

ජෙනරල් ඩ්‍රේයිකෝව් ගේ දුව වන ඇන්ටෝනියා ඩ්‍රේයිකෝව්, එහෙම නැත්නම් ටාස්ක්මාස්ටර් ගේ චරිතය ඔල්ගා විසින් රගදක්වයි. ටාස්ක්මාස්ටර්, කොමික් වල පිරිමි චරිතයක් වුනත් මේ චිත්‍රපටයේ එය ගැහැණු චරිතයක් ලෙස වෙනස් කර තිබෙනවා. ටාස්ක්මාස්ටර් ට, ඇයගේ ප්‍රතිවාදියාගේ සටන් ක්‍රම අධ්‍යනය කර එය ඔවුන්ට විරුද්දව යෝදා ගැනිමේ හැකියාවක් තියනවා.


මාවල් කොමික් සිනමාලෝකයෙන් දැන ගන්න ලැබෙනවා ඉස්සරහට එයාලා මේකටම අනුබද්ද බ්ලැක් විඩෝ චිත්‍රපටයක් නිර්මාණය කරයි කියලා. නමුත් ඒ සදහා එයාලා වෙනත් චරිතයක් ප්‍රධාන කර ගනියි කියලා හිතෙනවා නටාෂාගේ චරිතය මේ වන විට මිය ගොස් ඇති නිසා. ගොඩක් වෙලාවට ඇයගේ සොහොයුරිය සේ රග දැක්වූ යෙලේනාගේ චරිතය වෙන්න බැරි නෑ. ඒ මගේ මතයක් පමණි.


» මගේ අදහස්:


මාවල් චිත්‍රපට වල ඇති ත්‍රාසයජනක සටන් ජවනිකා, එලෙසම මේ චිත්‍රපටයේ අඩංගු වෙනවා. මේ වන විට Imdb 7.2 ක රේට් එකක් බ්ලැක් විඩෝ හිමි කරගෙන තියනවා, බොක්ස් ඔ‍ෆිස් වාර්ථා අතරට මේ චිත්‍රපටය එකතු වුනත් මේ සදහා මගේ රේට් එකනම් 6/10 යි. මොකද ඇත්තම කිවොත් මට, කලින් මාවල් චිත්‍රපට තරම් මේක හිතට ඇල්ලුවේ නෑ. ගොඩක් වෙලාවට ඒකට හේතුව වුනේ කතාවේ ගොඩක් ඩීටේල් මදි කමක් මට දැනුනා. ඒ කියන්නේ කතාව ඉක්මනින් ගලාගෙන ගියා කියලා හැගිමක් මට ආවා. හතුරන්ගේ වුනත් ලොකු ජවනිකා තිබුනේ නෑ. ටාස්ක්මාස්ටර් කියන්නේ කොමික් වල ගොඩක් හොද හතුරෙක් ඉතින් මමනම් දකින්නේ නෑ ඇත්තටම එයාගේ චරිතෙට සාදාරණයක් වුනා කියලා.. මට හිතෙන්නේ මෙයාලට ලොකු ස්ක්‍රිප්ට් එකක් ඉක්මනින් ඉවර කරගන්න ඔනේ වුන බවක් තමා පේන්න තිබ්බේ. ඉතින් ඔයාලත්, මොකද චිත්‍රපටය ගැන හිතෙන්නේ කියලා ඔයාලගේ අදහස් මට දැනගන්න අනිවාරයෙන්ම දාන්න.



Black Widow (2021) චිත්‍රපටිය, Saagaraya Movies, ක්‍රියාදාම, වික්‍රමාන්විත, විද්‍යා ප්‍රබන්ධ, ඉංග්‍රීසි චිත්‍රපටි,

No comments:

Post a Comment