අත්තිවාරම සහ අත්තිවාරම් සැලැස්ම (II) - AutoCAD Tutorial - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Saturday, July 24, 2021

අත්තිවාරම සහ අත්තිවාරම් සැලැස්ම (II) - AutoCAD Tutorial

 


අද මම කලින් කරපු විඩියෝ එකක දෙවෙනි කොටස අරගෙන ඇවිත් තියෙන්නේ. හුරුබුහුටි පුංචි ගෙදරක් නිර්මාණය කරගන්න හැටි කියලා දෙන විඩියෝ මාලාවේ පළවෙනි කොටසෙදි අපි කතා කරා කොහොමද ගෙදරට සැලැස්මක්, ඉදිරි පෙනුමක්, පැති පෙනුමක් සහ හරස්කඩක් ඇදගන්නේ කියලා.

ඒක ඔයාල බැලුවේ නැත්නම් පහලින් ගිහින් බලන්න.
 


 

අද අපි කතා කරමු ඒ විඩියෝ මාලාවෙම දෙවෙනි කොටස වන, ඒ නිවාස සැලැස්මටම අත්තිවාරමක් සහ අත්තිවාරම් සැලැස්මක් කොහොමද ඇදගන්නේ කියලා බලමු.


අපිට ගෙදරකට දාන්න පුලුවන් අත්තිවාරම් වර්ග ගොඩක් තියනවා. මම මේ හැම අත්තිවාරමක් ගැනම ඔයාලට අද කියලා දෙන්න බලාපොරොත්තුවක් නෑ. මොකද සිමිත කාලයක් තියෙන්නේ සැලැස්ම අදින හැටි කියලා දෙන්නයි ඒ ගැන විස්තර කරන්නයි. මම සාමාන්‍ය ගෙදරකට දාන්න පුලුවන් අත්තිවාරම් 3ක් ගැන බොහොම කෙටියෙන් මේකෙදි පැහැදිලි කරනවා, පසුවට මම මේ ගැන ලොකු විස්තර ටිකකුත් ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තුවක් තියනවා.

එම අත්තිවාරම සහ අපි නිවස ඉදිකිරිමට යෑමේදි නූල් ගැසිම එහෙම නැත්නම් සෙටින් අවුට් කියලා දෙයක් කරනවා, එහිදි අපේ නිවසේ සැලැස්මට අනුව අපි එය පොලොවේ පිහි‍ටුවා ගැනිමක් වෙන්නේ අත්තිවාරම් කැපිම සදහා. එහිදි අපිට ප්‍රයෝජනවත් වන දෙයක් තමා අත්තිවාරම් සැලැස්ම. බිත්ති අතර දුරවල්, කණු අතර දුරවල් ආදිය අපිට මෙයින් අරගෙන, ඉතාමත් පහසුවෙන් නුල් ගැසිමේ කාර්ය්‍ය කර ගැනිමට පුලුවන්.

එහෙනම් විඩියෝ එක මෙතනින් බලලා අපි ඉස්සරහට තව කතා කරමු,..




මගේ මේ දැනට කරගෙන යන විඩියෝ මාලාවෙදි ප්‍රධාන පරමාර්ථය වෙන්නේ නිවැරදිව ප්‍රින්ට් කරගන්න පුලුවන් ආකාරයට සම්පූර්ණ නිවාස සැලැස්මක් කොහොමද අදින්නේ, ඒකට අන්තර්ගත වෙන්න ඔනේ මොනවද කියන දේ ඔයාලට කියලා දෙන්න. ඉතින් ඒ ගැන කතා කරන ගමන් ඔයාලගේ ප්‍රතිචාරයත් එක්ක මම තව තව අලුත් දේවල් සහ දන්න දේවල් ගැන නොදන්නා කරුණු ඔයාලට කියලා දෙන්නම්. ඒ වගේම මේ සම්බන්ධව ඔයාලගේ ප්‍රතිචාරය මට ගොඩක් වටිනවා, හොද සහ නරක දෙකම. එතකොට ඉදිරියට ඔයාලට කියලා දෙන්න මම හිතාගෙන ඉන්න දෙවල් ගැන අවබෝධයක් ගන්න පුලුවන් මොනවගේ දේවල්ද ඔයාලට ගොඩක් වැදගත් වෙන්නේ කියලා.


අපි හැමෝම එකතු වෙලා අලුත් දේවල් ඉගෙනගෙන ඉදිරියට යමු.






AutoCAD Sinhala, Saagaraya Tutorial, Sinhala Tutorial, ඔටෝකැඩ්, සිංහල ටියුටෝරියල්, සාගරය, How to Design a Small House, Foundation, Layout

2 comments:

  1. Plan eka mulin Adina heti kiyadenna layers dimstyle

    ReplyDelete
    Replies
    1. ලේයර් ගැන මම ඉස්සරහට කියලා දෙන්නම්. ඩිමෙන්ෂන් ගැන විඩියෝ එකක් කරලා තියනවා. එක බලන්න.

      Delete