Snake Eyes G.I. Joe Origins (2021) Official Trailer - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Thursday, May 20, 2021

Snake Eyes G.I. Joe Origins (2021) Official Trailer

 

Snake Eyes G.I. Joe Origins (2021) Official Trailer
 
ස්නේක් අයිස් : ජී. අයි ජෝ ඔරිජින් කියන්නේ ඉදිරියට තිරගත වීමට නියමිත සුපර් හිරෝ චිත්‍රපටයක්. මන් කලින් ඔයාලට දුන්න G.I Joe චිත්‍රපට මාලාවේ ඔයාලට හම්බුන චරිතයක් තමා Snake Eyes කියන්නේ. මේක ඇත්තටම ඒ චරිතය වටා ගෙතුන කතාවක් තමා තියෙන්නේ. ස්නේක් අයිස් කියන්නේ කවුද, අපි කලින් චිත්‍රපට වලදි දැකපු තත්වයට ඔහු පත් වෙන්නේ කොහොමද කියන ඔහුගේ ජිවිත කතාව බලාගන්න පුලුවන් ඔයාලට මේ චිත්‍රපටයෙන්. මේ තියෙන්නේ කලින් චිත්‍රපට දෙක. ඒ දෙක බලලා නැත්නම් මේ චිත්‍රපටය එන්න කලින් ඒකත් බලන්න අමතක කරන්න එපා.



Genre : Action | Adventure | Fantasy | Sci-Fi | Thriller
Directed by : Robert Schwentke
Produced by : Lorenzo di Bonaventura, Josh Feldman, Erik Howsam, Brian Goldner
Starring : Henry Golding, Andrew Koji, Úrsula Corberó, Samara Weaving, Haruka Abe, Takehiro Hira, Iko Uwais
Distributed by : Paramount Pictures
Official Site : Snake Eyes G.I. Joe Origins (2021) Official Site
Release Date : July 23, 2021


Snake Eyes චිත්‍රපටය 2021 ජුලි මස 23 වනදා තිරගත වීමට නියමිතයි. Arashikage කියන ජපන් නින්ජාවරුන්ගේ සටන් කණ්ඩායමට බැදෙන සටන් කරුවෙක්, ඔහුගේ පක්ෂපාතිත්වය කාත් සමගද තියෙන්නේ කියන ප්‍රශ්ණයත්, ඔහුගේ අතිතය ඔහු සොයා පැමිණීමත්, මේ සියල්ල අතරතුර ඔහු අපි හදුනන ස්නේක් අයිස් කියන සුපිරි වීරයාගේ තත්වයට පැමිණීමත් අපිට මේ සටන් ජවනිකා වලින් පිරිච්ච චිත්‍රපටයෙන් බලා ගන්න පුලුවන්. 

කලින් චිත්‍රපට වල ස්නේක් අයිස්ගේ චරිතය රග දැක්වු Ray Park, අපිට මේ චිත්‍රපටයෙන් දකින්න ලැබෙන් නෑ. ඒ වෙනුවට Henry Golding තමා ඒ චරිතය රග දක්වන්නේ. ඒ වගේම තව අලුත් චරිත කිපයක්ම G.I Joe චිත්‍රපට මාලාවට මේ චිත්‍රපටය හරහා හදුන්වා දෙනවා. 

චිත්‍රපටයේ අලුතෙන් නිකුත් වුන ට්‍රේලර් එක බලලා අපි වැඩි විස්තර ඉදිරි කාලයේදි කතා කරමු. ඒ වගේම මේ චිත්‍රපටය ගැන ඔයාලගේ අදහසත් අපිට කියාගෙන යන්න අමතක කරන්න එපා. 




ස්නේක් අයිස් : ජී. අයි ජෝ ඔරිජින්, Official Trailer, Snake Eyes, G.I. Joe Origins,

No comments:

Post a Comment