G.I. Joe: Retaliation (2013) - පළිගැනීම - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Monday, May 17, 2021

G.I. Joe: Retaliation (2013) - පළිගැනීම

G.I. Joe: Retaliation (2013) - පළිගැනීම

G.I. Joe: Retaliation කියන්නේ G.I. Joe චිත්‍රපටිමාලාවේ දෙවන චිත්‍රපටියයි. මීට කලින් 2009 වසරේ නිකුත් වුන පළවෙනි චිත්‍රපටිය මම ඔයාලට මේ වෙනකොට දීලා තියනවා. ඒක තමා G.I. Joe: The Rise of Cobra. ඔයාලා මේ චිත්‍රපටිය බලලා නැත්නම මුලින්ම ඒක බලලා මේ දෙවන චිත්‍රපටිය බලන්න. මොකද මේ චිත්‍රපටි දෙකේ සම්බන්ධයක් තියනවා. ඉන්න චරිත එහෙම සමහර විට ඔයාලට අදුනගන්න බැරි වෙයි පළවෙනි චිත්‍රපටිය බලලා නැත්නම්. බලලා තියන අය ආයේ පාරක් බලන්න.

ඒ වගේම නවීන තාක්ෂණය යොදාගෙන කොහොමද ඒ චිත්‍රපටිය හැදුවේ කියලත් ඔයාලට Making Of G.I. Joe: The Rise Of Cobra කියන ලිපියෙන් බලාගන්න පුලුවන්. ඉතින් අද කියන්න බලාපොරොත්තු වෙන්නේ ඒ චිත්‍රපටිය ගැන නෙවෙයි. G.I. Joe: Retaliation කියන චිත්‍රපටිය ගැනයි.

G.I. Joe: The Rise of Cobra චිත්‍රපටිය සාර්ථකව තිරගතවූ නිසා Paramount Pictures සමාගමේ උප සභාපති වන Rob Moore, තීරණය කරා මේකේ දෙවන චිත්‍රපටියකුත් නිපදවිය යුතුයි කියලා. ඒ නිසා 2011 වසරේ ජනවාරි වල මේ G.I. Joe: Retaliation චිත්‍රපටියේ කතාව රචනයට Rhett Reese සහ Paul Wernick ව එකතු කරගත්තා. මුලින්ම මේ චිත්‍රපටිය  G.I. Joe: Cobra Strikes ලෙස නම් කෙරුන අතර පසුව ඒ නමට Reese අකමැතිවුනා. කලින් චිත්‍රපටිය වන The Rise of Cobra චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරපු Stephen Sommers, මේ චිත්‍රපටියත් අධ්‍යක්ෂණය කරන්න නියමිතව තිබුනද Paramount සමාගම නිළ වශයෙන් Jon Chu ව මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය සදහා එකතු කරගත්තා. ඒ වගේම 2011 වසරේ ජූලි මාසයේදී මේ චිත්‍රපටියේ නමත් G.I. Joe: Retaliation බවට නිළ වශයෙන් නම් කෙරුනා.
 
මෙ චිත්‍රපටයේ කතාව ගැන කිවොත්, කොබ්රා සංවිධානයේ සාමාජිකයෙක් වන සාර්ටන් ඇමරිකාවේ ජනාධිපති ලෙස පෙනිසිටිමින්, ජෝ සංවිධානය රටේ හතුරන් ලෙස නම් කරනවා. ගුවන් මගින් ජෝ ලගේ කදවුරු විනාස කර දමනවා. Cobra Commander අනිත් රටවල ප්‍රධානියන්වත් තමන්ගේ අණට යට කරගනිමින් මුලු ලෝකෙම අල්ලන්න තමා ලෑස්ති වෙන්නේ.. විනාස වුන ජෝ ලගේ කදවුරු වල පණ බේරාගත් ටීම් එකක්, තම සංවිධානයට නම ලබා දුන් G.I. Joe, General Joseph Colton වත් සමග Cobra Commander  සහ ඔවුගේ සගයන්ගෙන් රට බේරා ගැනිම තමා මේ කතාවට පාදක වෙන්නේ. 

ඉතින් මේ G.I. Joe: Retaliation චිත්‍රපටිය ගැන තොරතුරු ගොඩක් අපි දැන් කතා කරා. තව පොඩි තොරතුරු වගයක් සාරාංශ කරලා පහල තියනවා ඒකත් බලාගන්න.

Genre : Action | Adventure | Sci-Fi
Directed by : Jon M. Chu
Produced by : Lorenzo di Bonaventura, Brian Goldner
Starring : Dwayne Johnson, Bruce Willis, D.J. Cotrona, Byung-hun Lee, Adrianne Palicki, Ray Park, Jonathan Pryce, Ray Stevenson, Channing Tatum
Distributed by : Paramount Pictures, Metro-Goldwyn-Mayer
Release date(s) : March 28, 2013 (United States)
Running time : 110 minutes
Country : United States
Language : English

ඒ වගේම මේ චිත්‍රපටිය සදහා Dwayne Johnson, Bruce Willis, D.J. Cotrona, Byung-hun Lee, Adrianne Palicki, Ray Park, Jonathan Pryce, Ray Stevenson, Channing Tatum ආදි සුපිරි නළු නිළියන් රාශියක් රංගනයෙන් දායකත්වය ලබාදෙනවා.

G.I. Joe: Retaliation (2013) - Cast


2013 වසරේ අප්‍රේල් මාසයේ නිවේදනය කරල තියනව තව G.I Jeo චිත්‍රපටයක් ඉස්සරහට කරනවා කියලා. ස්‍ටුඩියෝ එක නිවේදනය කරලා තියෙන්නේ එහි අධ්‍යක්ෂණයත් Chu විසින්ම කරන බවයි. මේ අතරතුරදිම සැන්ඩියාගෝ කොමික් කොන් එකෙහි Chu විසින් නිවේදනය කරලා තියනවා Scarlett කියන චරිතය මීලග චිත්‍රපටයේ එක් කර ගන්නවා කියලා. ඒ වගේම ඔවුන් Baroness කියන චරිතයත් මේ මීලග චිත්‍රපටය සදහා යොදාගන්නවා කියලා තියනවා. G.I. Joe: Retaliation චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රග දක්වන Johnson, මීලග චිත්‍රපටයත් එකතු වීමට කැමැත්ත දක්වලා තියනවා. මෙම චිත්‍රපටය සදහා චරිත හදුන්වාදෙන අතර තුර එම අවුරුද්දේම සැප්තැම්බර් මාසයේ Evan Daugherty ව අරගෙන තියනවා මේ ප්‍රොජෙට් එකේ පිටපත රචනා කරන්න. 2016 මේ චිත්‍රපටය නිකුත් වෙන්න තිබුනත් එය කල් දමා තිබෙනවා ස්‍ටුඩියෝ එක මේ සදහා වෙනත් අධ්‍යක්ෂකවරයෙක් යොදාගන්න තිරණය කිරීම හේතුවෙන්. 
 
 2014 ජුලි මාසයේ Jonathan Lemkin ව ස්ක්‍රිප්ට් එක ලිවීමට එකතු කර ගන්නා අතර චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ලෙස Roadblock ව යොදා ගැනිමට තිරණය කර තිබෙනවා. එම චරිතය වෙනුවෙන් Johnson කැමැත්ත පල කර ඇති අතර ඉදිරියට එන G.I. Joe චිත්‍රපට වලටත් ඔහු එකතු වීමට බලාපොරොත්තුවෙන් ඉන්න බව සදහන් කරල තියනවා. 2018 මැයි මස චිත්‍රපටයේ නම G.I. Joe: Ever Vigilant ලෙස නිවේදනය කෙරුන අතර Roadblock ගේ චරිතය වටා ගෙතුන කතාවක් විදිහට මෙය දිග හැරිමට නියමිතයි. ඔහු අලුත් ටීම් එකක් එකතු කරගන්න යන කතාවක් විදිහට මෙය සදහන් කරන්න පුලුවන්. Daina Janack, Dr. Adele Burkhart, Wild Bill, Barbecue, General Flagg, Doc, Keel-Haul යන චරිත මේ සදහා එකතු වීමට නියමිතයි. ඒ වගේම කලින් චිත්‍රපටයේ සිටිය චරිතයක් වන Cobra Commander ත් මේ සදහා එක් වෙන ලෙසත් නිවේදනය කරලා තියනවා. මේ චිත්‍රපටය 2020 මාර්තු 27 එන්නට තිබුනත්, එය දින නියමයකින් තොරව කල් දමා තිබෙනවා. මීට හේතුව වන්නේ G.I Jeo චිත්‍රපට මාලාවේ එන චරිතයක් වන Snake Eyes ගේ චරිතය අලලා G.I Jeo ගේ Spinoff එකක් ලෙස Snake Eyes චිත්‍රපටය නිර් මාණය කිරීමයි, G.I. Joe: Ever Vigilant චිත්‍රපටය මේ වන විටත් සැලසුම් කරගෙන යන අතර මේ ගැන අලුත් තොරතුරු දැනගත් වහාම මම ඔයාලව දැනුවත් කරන්නම්. කෙසේ වුනත් ඔයාලා G.I. Joe: Ever Vigilant චිත්‍රපටයට කලින්, ඊලගට ලැස්ති වෙන්න Snake Eyes: G.I. Joe Origins චිත්‍රපටය බලන්න. 




<< G.I. Joe: The Rise of Cobra Snake Eyes: G.I. Joe Origins >>


G.I. Joe: The Rise of Cobra සහ G.I. Joe: Retaliation (2013) යන මේ චිත්‍රපට දෙකම අඩංගු Data DVD එක Rs 100/= කට ඔබට ලබා ගත හැක. වාරියපොල සහ කුරුණෑගල නගර අවට බෙදා හැරිමට හැකියාවක් ඇත. වෙනත් තැනකට කූරිය කිරිමට අවශ්‍ය නම් කූරිය ගාස්තුත් මේ සදහා එකතු වේ. USB Pen Drive එකකට ලබා ගන්නවානම් වාරියපොල ප්‍රාදේශීය සභාව අසල Siyapatha Engineering Services වෙත පැමිණෙන්න. මේ සදහා Rs 40/= පමණි. වැඩි විස්තර සහ ඔබේ ඇනවුම් Whatsup ඔස්සේ විමසන්න. 0768856030

Update:
(+) May 17, 2021: බ්ලොග් එකෙහි ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සදහා ඩවුන්ලෝඩ් කරගැනීමට ඔබට ලින්ක් ලබාදිය නොහැකි.

G.I. Joe: Retaliation (2013) චිත්‍රපටිය, Saagaraya Movies, ක්‍රියාදාම, වික්‍රමාන්විත, විද්‍යා ප්‍රබන්ධ, ඉංග්‍රීසි චිත්‍රපටි, 3D චිත්‍රපටි

No comments:

Post a Comment