G.I. Joe: The Rise of Cobra (2009) - කෝබ්‍රාගේ පිබිදීම - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Saturday, September 3, 2011

G.I. Joe: The Rise of Cobra (2009) - කෝබ්‍රාගේ පිබිදීම

G.I. Joe: The Rise of Cobra (2009) - කෝබ්‍රාගේ පිබිදීම


ඔන්න අද මම අලුතින් චිත්‍රපටයක් අරගෙන ආවා. අලුතින් කිවේ මේක නිකුත් වුනේනම් 2009 ඒ වුනාට මගේ වෙබ් සයිට් එකට අලුත් හින්දයි එහෙම කිවේ .කියද්දි කියන්නේ එහෙමනේ. හරි අපි බලමු මොකද්ද මේ කියලා. මේක ඇවිල්ලා සුපිරි ක්‍රියාදාම වලින් පිරුණු චිත්‍රපටයක්. 2009 දි තමයි ආවේ. නමුත් මේකේ චිත්‍රපටය එන්න කලින් මේකේ කා‍ටුනය ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ කා‍ටුනය පාදක කරගෙනයි.

හොදයි. අනම්මනං කතා ඇති අපි බලමු දැන් කතාව මොකද්ද කියලා. මුළු කතාවමනම් නෙවේ. කතාවෙන් ටිකක්.

G.I Joe කියන්නේ සුපිරි වැඩකාරයෝ ටිකක්. එතකොට Cobra කියන්නේ තවත් වැඩකාරයෝ ටිකක්. හැබැයි Cobra කියන කණ්ඩායම තමයි මේ චිත්‍රපටයේ ඉන්න හතුරෝ. ඒ කියන්නේ G.I Joe තමයි වීරයෝ. ඉතින් මේ Cobra කණ්ඩායම අතට අවියක් ලැබෙනවා. මොකද්ද මේ අවිය? ඔයාලම බලන්නකෝ. ඉතින් ඒ අවිය මේ කට්ටිය විනාශකාරි ක්‍රියාවන් සදහා තමයි යොදාගන්නේ. ඒ මේ ලෝකයේ පාලනය එයාලගේ අතට ගන්න. එව්වා කොහෙද G.I Joe කියන කණ්ඩායම ඉන්නකම් නේද......
කණ්ඩායම් 2ක්, සුපිරි වැඩකාරයෝ දෙගොල්ලක්, සුපිරි ආයුද වලින් කෙරෙන සටනක්, ඉතින් නොබලා කොහොමද. ඔන්න බලලා නැත්නම් අදම බලන්න. ඔය කිවට ඔයාලා බලලා ඇත්තේ නේද? ආ තව දෙයක් කියන්න අමතක වුනා. මේක කේලමක් එහෙම නෙවෙයි. G.I. Joe එකේ දෙවෙනි කොටස ඔන්න 2013 දි එනවලු. හැබැයි ආරංචි විදිහට මේකේ අලුත් කට්ටියකුත් ඉන්නවලු. Dwayne Johnson එහෙමත් ඉන්නවලු. හැබැයි හරියටම දන්නේ නෑ. ආ පොඩ්ඩක් ඉන්න. හරි හරි වැඩේ ඇත්ත. මම මේ දැන් පොඩ්ඩක් Google Search පාරක් එහෙම දාලා බැලුවේ. Dwayne Johnson ඉන්නවා තමයි.  වැඩි දුර මම පස්සේ කියන්නම්. මේ කතාවෙන් ගොඩාක් පිට පැන්නා. අයෙත්  G.I Joe කතාවට එමු.


හොදයි අපි මෙච්චර වෙලා කතා සාරංශය කතා කරානේ. දැන් අපි මේ චිත්‍රපටය ගැන වෙනත් විස්තර ටිකක් දැන ගනිමු.

Genre : Action | Adventure | Sci-Fi
Directed by : Stephen Sommers
Produced by : Lorenzo di Bonaventura, Bob Ducsay, Brian Goldner
Starring : Adewale Akinnuoye-Agbaje, Christopher Eccleston, Joseph Gordon-Levitt, Lee Byung-hun, Sienna Miller, Rachel Nichols, Jonathan Pryce, Saïd Taghmaoui, Channing Tatum, Marlon Wayans, Dennis Quaid
Distributed by : Paramount Pictures
Release date(s) : August 7, 2009
Running time : 118 minutes
Country : United States
Language : English



මේ චිත්‍රපටියේ තවත් කොටසක් එනවා 2013 දී. G.I. Joe: Retaliation (2013) - පළිගැනීම


Update:
(+) May 15, 2021: බ්ලොග් එකෙහි ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සදහා ඩවුන්ලෝඩ් කරගැනීමට ඔබට කලින් ලබා දී තිබුන ලින්ක් එක ඉවත් කිරීමට සිදු විය.

G.I. Joe: The Rise of Cobra (2009) චිත්‍රපටිය, Saagaraya Movies, ක්‍රියාදාම, වික්‍රමාන්විත, විද්‍යා ප්‍රබන්ධ, ඉංග්‍රීසි චිත්‍රපටි,

No comments:

Post a Comment