ගෘහ නිර්මාණ ශිල්පය පිළිබද පොත් - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Friday, May 14, 2021

ගෘහ නිර්මාණ ශිල්පය පිළිබද පොත්

 

ගෘහ නිර්මාණ ශිල්පය පිළිබද පොත්

අද මම ඔයාලට ගෘහ නිර්මාණ ශිල්පය පිලිබදව ඔයාලට තොරතුරු දැනගන්න පුලුවන් පොත් කිපයක් ලබාදෙන්න හිතුවා. මේකට ප්‍රධාන වුනේ ෆේස් බුක් එකේ "ශ්‍රී ලංකා සැලසුම් ශිල්පින්ගේ සංසදයේ" ඊයේ අපේ සහෝදරයෙක් ගෘහ නිර්මාණ ශිල්පය පිලිබද පොතක් ගැන අහලා තිබුනා, මේ පොත තමා සුගත් පියරත්න මහතා විසින් රචිත "ගෘහ නිර්මාණ ශිල්පය" කියන පොත. මෙතුමා මටත් කාලයක් ගුරු හරුකම් කල නිහතමානි ගුරුවරයෙක්. ඉතින් එතුමාගෙන් ඉගෙන ගනිමින් සිටින කාලයේ මම එතුමාගෙන් එම පොත ලබාගෙන PDF කරගෙන මගේ ජංගම දුරකතයනේ එය සු‍රැකිව තබා සිටියා.

ඒ සහොදරයාගේ එම ඉල්ලිමෙන් පසු සහ තව ගොඩ දෙනෙක්ගේ ඉල්ලිම මත මම එම පොත Google Drive එකට අප්ලෝඩ් කර ලින්ක් එක ශෙයාර් කෙරුවත්, ගොඩ දෙනෙක්ට එය ලබා ගැනිමේදි ගැටලු ඇති වී තිබුනා. ඉන් පසුව මම එම පොත තව වෙනත් වෙබ් අඩවියකට අප්ලෝඩ් කර එහි ලින්ක් එක ෆෙස් බුක් හරහා ශෙයාර් කිරිමට උත්සහ කරත් ඉන් පසු මට ගැටලු ඇති වුනා එය ස්පැම් ලින්ක් එකක් වශයෙන් ෆේස් බුක් හදුනාගැනිම හේතුවෙන්. ඒ නිසා මම මේ මොහොත වෙනකම් සිය ගණනකට ඊමේල් හරහා එය ලබාදීමට කටයුතු කල අතර ඇත්තටම එය මට ගොඩක් වෙහෙස කර කාර්ය්‍යක් වුනා. ඒ නිසා තමා මම මේ ලිපිය හරහා ඔයාලට ඒ පොත සහ මා සතුව ගෘහනිර්මාණ ශිල්පය පිළිබදව ඇති අනිකුත් පොත් කිපයක් ලබා දීමට හිතුවේ.

ප්‍රධාන වෙබ් අඩවි කීපයකටම මම පහත ඇති පොත් අප්ලෝඩ් කරන අතර ඔයාලට පහසු තැනකින් එය ලබා ගන්න. PDF පොත් හයක් ඇති නිසා මම ඒ සේරම zip ගොනුවක් විදිහට සාදා අප්ලෝඩ් කර ඇත.


ගොනුවේ ප්‍රමාණය: 220MB 

අඩංගු පොත් :

Building Construction (ගෘහ නිර්මාණ ශිල්පය) - H.S. Piyarathna - සිංහල මාධ්‍ය 
Building Maintenance (ගොඩනැගිලි නඩත්තු කිරීම) - H.S.Piyarathna - සිංහල මාධ්‍ය 
Build. Construction (ගොඩනැගිලි ඉදිකිරීම් තාක්ෂණය) - Gamini Walikala - සිංහල මාධ්‍ය 
Building Construction and Equipment - ඉංග්‍රීසි මාධ්‍ය 
Building_Construction 10th by Roy Chudley and Roger Greeno - ඉංග්‍රීසි මාධ්‍ය 
Basic Roof Framing - ඉංග්‍රීසි මාධ්‍ය

 

මෙතනින් ගන්න.


මෙහි ප්‍රධාන ස්තුතිය සහ ප්‍රණාමය පොත් කතුවරුන්ට ලබාදීමට කාරුණික වන්න. ඔයාලගේ ඉල්ලිම මත ඉදිරියේදිත් මම ලග ඇති පොත් pdf වශයෙන් ලබාදෙන්නම්. 



Building Construction, Building Maintenance, ගෘහ නිර්මාණ ශිල්පය, ගොඩනැගිලි නඩත්තු කිරීම, ගොඩනැගිලි ඉදිකිරීම් තාක්ෂණය, සුගත් පියරත්න, ගාමිණී වැලිකල,

14 comments:

  1. Replies
    1. ගොඩක් ස්තුතියි කමන්ට් එකට :)

      Delete
  2. Replies
    1. ගොඩක් ස්තුතියි කමන්ට් එකට :)

      Delete
  3. බොහොම ස්තූතියි !!!

    ReplyDelete
  4. ගොඩාක් ස්තූතියි.....!!

    ReplyDelete
  5. @ Sandeepa, Sl Net: Thank you for the comment :)

    ReplyDelete
  6. ඉතාම වටින එකතුවක්.... බොහොම ස්තූතියි බෙදාගැනීම සම්බන්ධයෙන්

    ReplyDelete
  7. Thanks bro..........

    ReplyDelete
  8. තවත් මෙවැනි දේ දාන්න .ඉතාමත් වටිනවා ....ඔබතුමාට බොහොම ස්තුතියි ...

    ReplyDelete