Venom: Let There Be Carnage (2021) Official Trailer - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Tuesday, May 11, 2021

Venom: Let There Be Carnage (2021) Official Trailer

Venom: Let There Be Carnage (2021) Official Trailer

"වෙනම්" චිත්‍රපට මාලාවේ දෙවන චිත්‍රපටිය වන, "වෙනම්: ලෙට් දෙයාර් බී කාර්නේජ්" චිත්‍රපටිය මාවල් කොමික් වල සිටින "වෙනම්" නැමති චරිතය පාදක කරගෙන නිර්මාණය වුවෙකි. මෙහි පළමුවන චිත්‍රපටය 2018 ඔක්තොබර් 18 තිරගත කිරිම ආරම්භ කර ඉතාමත් සාර්ථකව බොක්ස් ඔ‍ෆිස් 856.1 million USD කරා යැමට හැකියාවක් ලැබු අතර මෙහි දෙවන චිත්‍රපටයත් මෙසේ සාර්ථක වේ යැයි මම විස්වාස කරනවා. 

Columbia Pictures ආයතනය මගින් නිෂ්පාදනයද, Sony Pictures ආයතනය මගින් බෙදාහැරීමද කරන "වෙනම් 2" චිත්‍රපටයේ අධ්‍යක්ෂණයට එකතු වෙන්නේ අප කවුරුත් හදුනන "ලෝඩ් ඔෆ් ද රින්ග්" චිත්‍රපටයේ "ගොලම්ගේ" චරිතය, "කින් කොන්ග්" චිත්‍රපටයේ "කින් කොන්ග්" ගේ චරිතය, "ප්ලැනට් ඔෆ් ද එප්ස්" චිත්‍රපටයේ "සීසර්" ගේ චරිතයට පන දුන් Andy Serkis කියන නළුවයි. ඒ වගේම පළමු චිත්‍රපටයේ චරිතවලට පණ පෙවු නළු නිලියන් කීප දෙනෙක් සමගම සුපුරුදු "වෙනම්/එඩී බ්‍රොක්" කියන ප්‍රධාන නළුවාගේ චරිතයට Tom Hardy රංගනයෙන් දායකත්වය දක්වයි. අපි ඒ විස්තර ටික බලමු දැන්. 

 

Genre : Action, Horror, Sci-Fi
Directed by : Andy Serkis
Produced by : Avi Arad,Matt Tolmach,Amy Pascal,Kelly Marcel,Tom Hardy,Hutch Parker
Starring : Tom Hardy,Michelle Williams,Naomie Harris,Reid Scott,Stephen Graham,Woody Harrelson
Distributed by : Sony Pictures Releasing
Official Site : Venom: Let There Be Carnage | Official Movie Site
Release Date : September 24, 2021 (United States)
Country : United States
Language : English

 

පලමුවන චිත්‍රපටයේ අවසානයට ඔයාලට දැක ගන්න පුලුවන් වෙන්න ඇති මේ චිත්‍රපටයට පාදක වෙන්නේ මොකද්ද කියන එක. ඒ තමා "කාර්නේජ්" කියන චරිතය. සුප්‍රකට නළු වුඩී හැරිසන් (Woody Harrelson) විසින් මේ Cletus Kasady එහෙම නැත්නම් Carnage කියන චරිතයට පන පොවයි. Cletus Kasady කියන්නේ භයානක මිනීමරුවෙක්. ඔයාලට පළමුවන චිත්‍රපටයෙදි දැක ගන්න පුලුවන් වෙන්න ඇති ඔහු හිරේ ඉන්න දර්ශනයක්. ඒ වගේම මාවල් කොමික් වලට අනුව "කාර්නේජ්" කියන්නේ "වෙනම්" වගේම තවත් ජීවියෙක්. කොමික් වලට අනුවනම් "වෙනම්ගේ" දරුවෙක් තමා "කාර්නේජ්" කියන්නේ. Eddie Brock ට වෙනම් ඇතුල් වුනා වගේ Cletus Kasady ට කාර්නේජ් ඇතුල් වෙන්නේ කොහොමද? ඉතින් අපි බලමු චිත්‍රපටියේ කොහොමද මේ "කාර්නේජ්" නිර්මාණය වෙන්නේ සහ කොහොමද ඔහුත් එක්ක කතාව ගලාගෙන යන්නේ කියන දේ.. 


 

චිත්‍රපටය 2021 සැප්තැම්බර් මස 24 වන දින තිරගත කිරීම ආරම්භ කිරිමට නියමිතයි. 2019 ජනවාරි වල චිත්‍රපටයේ වැඩ ආරම්භ කර ඇති අතර, අගොස්තු වල Serkisව අධ්‍යක්ෂක ලෙස තොරගෙන තියනවා. 2019 නොවැම්බර් වල සිට 2020 පෙබරවාරි වෙනකම් එංගලන්තයේ Leavesden Studios එකේ තමා චිත්‍රපටය රූගත කිරිම් කරල තියෙන්නේ. අමතර රූගත කිරිම් San Francisco වල සිදු කර ඇත. චිත්‍රපටයේ නම 2020 අප්‍රේල් වල තමා නිල වශයෙන් ‍තෝරගෙන තියෙන්නේ. 2020 ඔක්තොම්බර් වල චිත්‍රපටය තිරගත කිරිමට බලාපොරොත්තුවෙන් සිටියත් කොවිඩ් වසංගත තත්වය නිසා 2021 සැප්තැම්බර් 24 යන දිනට පසු වේලා තියනවා. 

 

තව ඉදිරියට මෙම චිත්‍රපටය පිළිබදව අලුතෙන් එන තොරතුරු සියල්ල ඔයාලට මම මේ ලිපිය ඔස්සේ දැනගැනිමට සලසනවා. ඒ නිසා අපිත් සමග දිගටම ‍රැදි සිටින්න...

 

 

No comments:

Post a Comment