Red Eye Correction - Photoshop Sinhala Tutorial - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Saturday, May 8, 2021

Red Eye Correction - Photoshop Sinhala Tutorial

 

Red Eye Correction - Photoshop Sinahala Tutorial

ඡායාරූපකරණයේදි ආලෝකය නිසා ඇතිවෙන ප්‍රශ්ණයක් තමා Red eye එහෙම නැත්නම් ඇස් රතුපාටට පෙනිමේ ගැටලුව. මට විස්වාසයි ඔයලා සතුව ඇති ගොඩක් ඡායාරූප වල මේ ප්‍රශ්ණය ඇති කියලා. අද මම බලාපොරොත්තු වෙන්නෙ මේ ලිපියෙන් ඒ ප්‍රශ්ණෙට විසදුමක් ලබාදෙන්න.

මම මීට කලින් Lightroom කියන මෘදුකාංගය ගැන හැදින්වීමේදි ඉතා කෙටියෙන් ඔයාලට පෙන්නුවා මොකද්ද මේ Red eye කියන්නේ කියලා. 


ඇත්තටම ගොඩක් වෙලාවට අඩු අලෝක මට්ටමක් යටතේ ඡායාරූප ගැනිමේදි තමා මේ ප්‍රශ්ණේ ඔයාලට ඇතිවෙන්නේ. අපි ඡායාරූප ගන්න භාවිතා කරන ජංගම දුරකතනයේ හෝ ඔබ කැමරාවකින් ගන්නවනම් ඒ සදහා භාවිතා කරන ෆ්ලැෂර් එකේ ආලෝකය, ඡායාරූපයට ලක් වන පුද්ගලයාගේ ඇස මතට වැටි එය පරාවර්ථනය වීමක් සිද්ද වෙනවා. මේ එළිය තමා අපිට ඇස රතු පාටට පෙනෙන්න හේතු වෙන්නේ.

අපි දැන් බලමු කොහොමද මේක නිවැරදි කරගන්නේ කියලා. මේ සදහා Photoshop කියන මෘදුකාගය තමා මම භාවිතා කරන්නේ. ඔයාලට මේක කරන විදිහ නිවැරදිව, පියවරෙන් පියවර, පහල තියන විඩියෝ එක මගින් මම කියලා දෙනවා. 



 

මේ සම්බන්ධව මොනවා හරි ප්‍රශ්ණයක් තියනවනම් පහලින් Comment එකක් දාලා අහන්න. ඒ වගේම කියන්න ඔනේ මම සැහෙන කාලෙකින් තමා අයෙත් මේ බ්ලොග් එක කරගෙන යන්න පටන් ගත්තේ. මගේ ඉගෙනීමේ වැඩ, රස්සාවත් එක්ක ඉඩක් තියන වෙලාවට මම දන්න විදිහට දිගින් දිගටම ඔයාලට අලුත් දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ‍රැදී ඉන්න මාත් එක්ක.



Saagaraya Tutorials, Photoshop Sinhala Tutorials, Red Eye Correction, #PSTutorials

No comments:

Post a Comment