Batman Begins (2005) - නිහඩ ආරක්ෂකයෙකුගේ බිහිවීම - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Wednesday, September 19, 2012

Batman Begins (2005) - නිහඩ ආරක්ෂකයෙකුගේ බිහිවීම

Batman Begins (2005) - නිහඩ ආරක්ෂකයෙකුගේ බිහිවීම

බෲස් වේන් කියන්නේ ව්‍යාපාරික හා වෛද්‍ය ‍තෝමස් වේන් ගේ හා මාර්තා වේන් ගේ එකම පුතා. මොහු පොඩි කාලේ ඉදන් වවුලන්ට හරිම බයයි. නමුත් පසු කාලෙක බැට් මෑන් බවට පත්වෙන්නේ මේ බෲස් ම තමා. නමුත් ඇයි ඔහු බැට් මෑන් වෙන්නේ? ඒ ඔහුගේ උපන් නගරය බේරා ගැනීමට. පාතාල නායකයන්ගෙන්, මංකොල්ලකාරයන්ගෙන්, අපරාධකරුවන්ගෙන් පිරිලා තියන ගෝතම් නගරයට ආරක්ෂකයෙක් අවශ්‍යවෙනවා. මේ නගරයේ ආරක්ෂකයන් විදිහට ඉන්න පොළිසිය, නිතිඥවරුනුත් මේ පාතාල නායකයෝ යටත් කරගෙන ඉන්නේ. මේ වාතාවරණය උඩ අනිවාරයෙන් කිසිවෙකු ඉදිරිපත් වියයුතුයි මේ ගෝතම් නගරය බේරා ගැනීමට. ඉතින් මේ වෙලාවේ බෲස් වේන් තීරණය කරනවා ගෝතම් නගරය බේරා ගැනීමට බැට් මෑන් විදිහට පෙනී හිටින්න. ඉතින් ඔහු අරගෙන තියෙන්නේ නිවැරදි තීරණයක්ද? මේ තීරණයත් සමග ඔහුගේ සැබෑ ජිවිතය ඔහුගෙන් කොපමණ දුරට ඈත් වෙනවද? ඔහු ආදරය කරන පුද්ගලයන් කොච්චර තමන්ගෙන් වෙන් වෙනවද? මේ බැට් මෑන්ගේ ආරම්භය හෙවත් Batman Begins (2005) චිත්‍රපටියයි.

DC Comics ලගේ ඉතා ජනප්‍රිය කා‍ටුන් චරිතයක් ඇසුරෙන් නිෂ්පාදනය කරන තිබෙන මෙම චිත්‍රපටිය IMDb රේටින් 8.3 ක් ලබාගෙන සහ IMDb හොදම චිත්‍රපට 250 අතර ඉතා දීර්ඝ කාලයක සිට ‍රැදී සිටිනවා. මේ චිත්‍රපටිය ගැන කියනවනම් ඔයාලට හිතන්න ගොඩක් දේවල් තියන චිත්‍රපටියක්. ඔයාලා මේක 5 වතාවක් බැලුවොත් වෙනස්ම විදි 5 කට හිතන්න පුලුවන් ජාතියේ චිත්‍රපටියක්. බැට් මෑන් කොහොමද බිහිවෙන්නේ කියන එකයි මේකේ කතාව වෙන්නේ. නවීන තාක්ෂණයත් උපයෝගී කරගෙන ඉතා විශිෂ්ඨ අයුරින් නිෂ්පාදනය කර තිබෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Christopher Nolan කියන චිත්‍රපට අධ්‍යක්ෂකවරයායි.

ඉතින් එහෙනම් චිත්‍රපටිය බලලා නැත්නම් Download කරගෙන බලන්න. බලලා කියන්න ඔයාලට චිත්‍රපටිය ගැන මොනවද හිතුනේ කියලා...

Genre : Action | Adventure | Drama
Directed by : Christopher Nolan
Produced by : Charles Roven, Emma Thomas, Larry J. Franco
Starring : Christian Bale, Michael Caine, Liam Neeson, Katie Holmes, Gary Oldman, Cillian Murphy, Tom Wilkinson, Rutger Hauer, Ken Watanabe, Morgan Freeman
Distributed by : Warner Bros. Pictures
Release date(s) : June 15, 2005 (United States)
Running time : 140 minutes
Country : United States, United Kingdom
Language : English


Batman Begins (2005) චිත්‍රපටියෙන් පසු ආව Batman ගේ ඊලග චිත්‍රපටිය තමයි The Dark Knight (2008) කියන්නේ. මීලග ලිපියෙන් එම චිත්‍රපටිය බලාපොරොත්තුවන්න.


Update:
(+) May 15, 2021: බ්ලොග් එකෙහි ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සදහා ඩවුන්ලෝඩ් කරගැනීමට ඔබට කලින් ලබා දී තිබුන ලින්ක් එක ඉවත් කිරීමට සිදු විය.


The Dark Knight (2008) >>





Batman Begins (2005) චිත්‍රපටිය, Saagaraya Movies, ක්‍රියාදාම, වික්‍රමාන්විත, අපරාධ, නාට්‍යමය, ත්‍රාසජනක, ඉංග්‍රීසි චිත්‍රපටි,

No comments:

Post a Comment