ඕනෙම ස්කේල් එකකට ගැලපෙන විදිහට ඩිමෙන්ෂන් හදාගමු - AutoCAD Tutorial - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Sunday, September 19, 2021

ඕනෙම ස්කේල් එකකට ගැලපෙන විදිහට ඩිමෙන්ෂන් හදාගමු - AutoCAD Tutorial

 



අපි නිර්මාණය කරගන්න සැලසුමක අනිවාරයෙන් අඩංගු වෙන කරුනක් තමා ඩිමෙන්ෂන් කියන්නේ. ඒ කියන්නේ අපි අනිවායෙන්ම අඩංගු කොටස් වල දිග, පළල, උසවල් සදහන් කරන්න ඕනේ. මේක සැලසුමේ ප්‍රධානම අංගයක් වෙනවා.

ඉතින් ගොඩක් අයට ගැටලුවක් වෙලා තියනවා මේ ඩිමෙන්ෂන් හරියට හදාගන්න හැටි. සමහරු හිතුන විදිහට ඩිමෙන්ෂන් හදාගෙන දාගන්නවා. ප්‍රින්ට් ගත්තාම සමහර ඩිමෙන්ෂන් ලොකුයි සමහර ඒවා කියවන්න බෑ පොඩි. ගොඩක් වෙලාවට ඔය ප්‍රශ්ණේ එන්නේ එකින් එකට වෙනස් ස්කේල් භාවිතා කරන්න වුනාම. ඒ කියන්නේ අපි හිතමුකෝ ප්ලෑන් එකක් 1:100න් ස්කේල් කරනවා කියලා. තව foundation එකක් 1:25 නුත් දෝර ජනෙල් ඩීටේල් එකක් 1:50 නුත් ස්කේල් කරනවා කියලා. ඉතින් ඔය කොටස් තුනම අඩංගු කරලා අවසානයේ කොලේකට හදාගත්තාම 3නේම තියන ඩිමෙන්ෂන් වෙන වෙන සයිස් වලින් පෙන්නන්නේ. ඉතින් අන්තිමට ප්‍රින්ට් එක ගත්තාම හරිම කැතයි වෙන වෙන ස්යිස් වලින් පෙන්නන නිසා. ඔය වගේ එක එක ප්‍රශ්න මේ ඩිමෙන්ෂන් නිසා ඇති වෙනවා. මට හිතන විදිහට ගොඩක් දෙනා මේ ඩිමෙන්ෂන් ගැන හරියට කියලා දෙන්නේ නෑ. එකයි මේ ප්‍රශ්ණේ ගොඩක් අයට ඇතිවෙන්නේ.

මෙකටම අදාල දෙයක් තමා අකුරු වල ප්‍රශ්ණෙත්. මම ඒකනම් ගිය සතියේ ඔයාලට කියලා දුන්නා ඕනෙම ස්කේල් එකකට වෙනස් කරගන්න හැටි.


මම හිතනවා ඒ ගැනනම් දැන් මේ වෙද්දි ප්‍රශ්ණයක් නැතුව ඇති. ඉතින් ගිය සතියේ ඔය ප්‍රශ්ණේ විසදුන නිසා අද අපි ඩිමෙන්ෂන් ප්‍රශ්ණේ විසදගමු.

ඩ්‍රෝවින් එකක් අවසානයේ ප්‍රින්ට් ගත්තාම අපි ඩ්‍රෝවින් එක තුල දාගෙන තියන ඩිමෙන්ෂන් එකම සයිස් එකෙන් පෙන්නන්න අවශ්‍යයි. මේක අපි අකුරු වල කතා කල විදිහමයි. අපේ කොලේ එක එක කොටස් වෙන වෙන ස්කේල් වලින් තිබ්බත්, ඒ කියන්නේ උදාහරණයක් විදිහට Plan, Elevation, Section, 1:100 ස්කේල් එකෙනුත් Foundation Details 1:25 නුත්, Door widows details 1:50 ස්කේල් එකෙනුත්, සයිට් ප්ලෑන් 1:1000 ස්කේල් එකෙනුත් තිබ්බට ඕවට දාලා තියන ඩිමෙන්ෂන් අවසානයේ ප්‍රින්ට් ගද්දි එකම සයිස් එකෙන් පෙන්නන්න ඔනේ. නැත්නම් ඒ ඩිමෙන්ෂන් හරියට කියවගන්නත්, පිළිවෙලකටත් නැති වෙනවා. ඉතින් ඒ වැඩේ හරි පිළිවෙලකට කරගන්නේ කොහොමද කියලා දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ.





මම හිතනවා ඔයාලා විඩියෝ එක බලන්න ඇති කියලා. ඒ වගේම කියලා දුන්න දේවලුත් තේරෙන්න ඇති කියලා හිතෙනවා. ඔතන තව ඔයාලට සෙටින්ස් හදාගන්න පුලුවන් මම කියලා දුන්නට වැඩියෙන්. ඇරෝස් එහෙම වෙනස් ඒවා දාගන්න, ලයින් වල ස්පේස් එක හදාගන්න, ලයින් දික් කරගන්න, කෙටිකරගන්න එහෙම. මම අද ගොඩක් බලාපොරොත්තු වුනේ සරලව ප්ලෑන් එකකට දාගන්න පුලුවන් විදිහට ඔයාලට ඩිමෙන්ෂන් ටික හදාගන්න එක කියලා දෙන්නයි. ඒ නිසා මම ගොඩක් ඩීටේල් කතාකරන්න ගියේ නෑ. අපි වෙන දවසක් ඔය සෙටින්ස් ඔක්කොම ආයෙත් වෙනස් කරගන්න හැටි කතා කරමු. එතකම් ඔයාලා එවගෙ වෙනස් කම් කරගෙන බලන්න මොකද වෙන්නේ කියලා. කොහොමටත් මම කියලා දෙනවට වඩා ඔයාලම හොයාගන්න දේවල් ගොඩක් වටිනවා. ඒ වගේම එවා අපිටත් කියන්න කමන්ට් එකක් දාලා. අපි හැමොම එකතු වෙලා ඉගෙනගෙන ගමනක් යමු.

එහෙනම් අදට ගිහින් එන්නම් තව දවසකින් හමුවෙමු. ඔයාලගේ අදහස් හා උදහස් ගොඩක් වටිනවා මට. අමතක නොකර දාලා යන්න.



#AutoCAD Sinhala, #Saagaraya Tutorial, #Sinhala Tutorial, #ඔටෝකැඩ්, #සිංහල ටියුටෝරියල්, #Dimension sizes, #සාගරය, #House Plan, #නිවාස සැලසුම්, #Sinhala Tutorial, #ඩිමෙන්ෂන් සයිසස්, #ඔටෝකැඩ් සිංහලෙන්, #ප්‍රින්ට් , #සැලසුම ප්‍රින්ට්, #ඩ්‍රෝවින් එක ප්‍රින්ට්, #Print a drawing, #සරලව, #මුලසිට, #Styles, #අකුරු, #ස්කේල්,

No comments:

Post a Comment