ඕනෙම ස්කේල් එකකට ගැලපෙන්න අකුරු හදාගමු - AutoCAD Tutorial - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Sunday, September 12, 2021

ඕනෙම ස්කේල් එකකට ගැලපෙන්න අකුරු හදාගමු - AutoCAD Tutorial

 


අපි සැලසුමක් නිර්මාණය කරද්දි එහි අඩංගු එක එක කොටස් උදාහරණයක් විදිහට ප්ලෑන්, සෙක්ෂන්, එලිවේෂන් වගේ දේවල් එක ස්කේල් එකකිනුත්, තව අත්තිවාරම්, සයිට් ප්ලෑන්, දොර ජනෙල් ඩීටේල් වගේ දේවල් වෙන වෙන ස්කේල් වලිනුත් සකස් කරන්න සිද්ද වෙනවා. මම හිතෙනවා දැන් ස්කේල් කරගන්න එක ප්‍රශ්ණයක් නෙවේ කියලා. මොකද මම කියලා දුන්න පාඩම් මාලාව ඔයාලා බැලුවනම් මේ වෙද්දි ඒ වැඩේ ඉක්මණට කරගන්න පුලුවන් කියලා මට විස්වාසයි.
ඉතින් මෙහෙම ස්කේල් කරගද්දි අපි ගොඩක් වෙලාවට අමාරුවේ වැටෙන තැනක් තමා මේ දේවල් ටික ස්කේල් කරලා ප්‍රින්ට් එක ගත්තාම ඒවගේ අඩංගු විස්තර පෙන්නන අකුරු එක එක සයිස් වලින් දිස්වීම. මේක ලොකු ප්‍රශ්ණයක් මොකද ඒ නිසා අපේ සැලසුම අපිළිවෙලකට පේනවා. ඉතින් අදින් පස්සේ ඒ ප්‍රශ්ණෙනුත් ඔයාලා නිදහස්.

මම අද කියලා දෙන්න යන්නේ ඕනෙම ස්කේල් එකකට ගැලපෙන විදිහට අපේ අකුරු සයිසස් ටික කොහොමද හදාගන්නේ කියලා. එහෙනම් අපි කෙලින්ම් විඩියෝ එකට යමු. බලලා ඇවිත් වැඩි විස්තර කතා කරමු.




හරි මම මේ විඩියෝ එකේ කියලා දෙන විදිහට වැඩ ටික ඔයාලා කරානම් අදින් පස්සේ කිසිම බයක් සැකක් නැතුව ඔයාලට අකුරු වල සයිස් ටික හදාගන්න පුලුවන්.

මම විඩියෝ එකේ සදහන් කරා පොඩි වගුවක් ඔයාලට දෙනවා කියලා ඒ ඒ ස්කේල් එකට ගැලපෙන විදිහට අකුරු සයිස් ටික දාපු. මෙතනින් ඒක ඔයාලට ගන්න පුලුවන්.

Text Sizes in Drawing- PDF


A4 සයිස් එකට මම හදලා තියෙන්නේ කොලේ. ඔයාලට කැමතිනම් ප්‍රින්ට් එකක් දාගෙන හෝ ලග තියාගන්න හදිස්සියට ඕනේ වෙයි.

ඉතින් මම හිතනවා ඔයාලට මම කියලා දෙන ඒවා තෙරෙනවා ඇති කියලා. ගොඩක් කට්ටිය ප්‍රශ්ණ අහනවා. ඒකට ඇත්තටම මම කැමති මොකද එතකොට මට තෙරේනවා ඔයාලට පොඩි හරි උනන්දුවක් තියනවා කියලා. ඒක තමා මගෙත් බලාපොරොත්තුව ඔයාලට මේවා ගැන උනන්දුවක් ඇති කරන්න.

අලුතෙන් ‍ෆිල්ම් වගේකුත් ඇවිත් තියනවා දැක්කා. ඒවත් බලලා හොද එකක් තිබුනොත් ඔයාලටත් ඒ ගැන විස්තර ගෙන්නම්. එහෙනම් අදට මම නවතිනවා. ඔක්කොටම සුභ දවසක් පරිස්සමින් ඉන්න.



#AutoCAD Sinhala, #Saagaraya Tutorial, #Sinhala Tutorial, #ඔටෝකැඩ්, #සිංහල ටියුටෝරියල්, #Text sizes, #සාගරය, #House Plan, #නිවාස සැලසුම්, #Sinhala Tutorial, #අකුරු සයිසස්, #ඔටෝකැඩ් සිංහලෙන්, #ප්‍රින්ට් , #සැලසුම ප්‍රින්ට්, #ඩ්‍රෝවින් එක ප්‍රින්ට්, #Print a drawing, #සරලව, #මුලසිට, #කොලේ හදාගන්න, #අකුරු, #ස්කේල්,

No comments:

Post a Comment