ඩ්‍රෝවින් එක ප්‍රින්ට් කරගමු (IV) - AutoCAD Tutorial - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Wednesday, September 1, 2021

ඩ්‍රෝවින් එක ප්‍රින්ට් කරගමු (IV) - AutoCAD Tutorial

හුරුබුහුටි තනි තට්‍ටුවේ අංගසම්පූර්ණ නිවසක් ඇදගන්න හැටි කියල දෙන පාඩම් මාලාවේ අවසාන පාඩමත් එක්ක තමා ඔයාලා අද එකතුවෙලා ඉන්නේ. හතරවෙනි පාඩම විදිහට මම හිතුවා මෙතනින් මේ පාඩම් මාලාව ඉවර කරන්න.

අපි කලින් පාඩම් වලදි කතා කරා කොහොමද ප්ලෑන් එක, සෙක්ෂන් එක, එලිවේෂන්, ෆවුන්ඩේෂන්, ලේ අවුට්, සයිට් ප්ලෑන් ඇදගන්නේ කියලා. මම හිතනවා මේ වෙනකොට ඔයාලා ඒ ටික බලල ඇති කියලා. බැලුවේ නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් ඒවා ටික බලාගන්න පුලුවන්.
ඉතින් අද මම කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ඩ්‍රෝවින් එකට විස්තර ඇතුලත් කේජ් එකක් නිර්මාණය කරගන්නා ආකාරය සහ කොහොමද හරියට ස්කේල් කරලා ප්‍රින්ට් එකක් ගන්න කොලයක් හදාගන්නේ කියලා.. ගොඩ දෙනෙක්ට මේ කොලේට හදාගන්න වැඩේ ටිකක් අමාරුයි කියලා මට දැනගන්න ලැබිලා තියනවා. ඉතින් මම හිතනවා අදින් පස්සේ ඒ වැඩෙත් හරියට කරගන්න පුලුවන් වෙයි කියලා..

මම ක්‍රම 3ක් යටතේ වැඩේ කරගන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙනවා. ඔයා දැනට කරගෙන යන විදිහත් ඔය අතරේ තියෙන්න පුලුවන්. ඉතින් ඒ ක්‍රමේ තියන වාසි අවාසි මොනවද, ඊට වඩා ලේසි අලුත් විදිහක් තියනවද කියලා බලාගන්න පුලුවන් දැන්.

 
විඩියෝ එක ටිකක් දිග වුනාට සමාවෙන්න. මට මේක කොටස්වලට කඩලා දාන්න තිබ්බා. ඒ වුනාට මට හිතෙනවා මෙහෙම දාපු එක හොදයි කියලා. නැත්නම් මම කොටස් ගෙද්දි ඔයාලට තව කාලයක් ඉන්න වෙනවා. අපි හිමීටනේ වැඩේ කරගෙන යන්නේ තාම.

ඉතින් මම විඩියෝ එකේදි කිවා AutoCAD ෆයිල් එක ඔයාලට දෙනවා කියලා. ඒක මම පහලින් දානවා. එක අරගන්න. මොනවා හරි ගැටලු ඇති වුනොත් එතනිනුත් ඔයාලට බලාගන්න පුලුවන්. ගොඩක් දේවල් ඔයාලට ඒකෙන් ඉගෙන ගන්න පුලුවන් මම මේ කියලා දුන්න දේවල් වලට අමතරව. Line Thickness, Dimension Style, Text Sizes... වගේ ගොඩක් දේවල් බලාගන්න පුලුවන් එතනින්. ඉගෙන ගැනීම සදහා පමණක් එය භාවිතා කරන්න. එය කිසිවෙකුගෙන් කොපි කරගෙන කරපු නිර්මාණයක් නොවේ. ඔයාලට ඉගැන්වීම සදහා මමම නිර්මාණය කරපු දෙයක්.

AutoCAD Drawing File - New Project 01 (.dwg)

ඉතින ඔයාලගේ අදහස් උදහස් මට වටිනවා ගොඩක්. ගැටලු තියනවනම් යොමු කරන්න. මම ඉදිරියට හිතාගෙන ඉන්නවා තව AutoCAD වල ගොඩක් දේවල් කියලා දෙන්න ඒ වගේම Revit මෘදුකාංගය සහ Sketchup වලින් 3D වැඩ ටිකකුත් කරන්න. ඉතින් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අදට ගිහින් එන්නම් සුභ දවසක්.



#AutoCAD Sinhala, #Saagaraya Tutorial, #Sinhala Tutorial, #ඔටෝකැඩ්, #සිංහල ටියුටෝරියල්, #සාගරය, #How to Design a Small House, #Foundation, #Layout, #Site Plan, #Doors Windows, #සයිට් ප්ලෑන් , #දොර ජනෙල්, #ෂෙඩූල්, #House Plan, #නිවාස සැලසුම්, #Sinhala Tutorial, #ඔටෝකැඩ් සිංහලෙන්, #ප්‍රින්ට් , #සැලසුම ප්‍රින්ට්, #ඩ්‍රෝවින් එක ප්‍රින්ට්, #Print a drawing, #සරලව, #මුලසිට, #කොලේ හදාගන්න, #A0, #A1, #A2, #A3, #A4,

No comments:

Post a Comment