සයිට් ප්ළෑන් සහ දොර ජනෙල් ෂෙඩූල් (III) - AutoCAD Sinhala - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Wednesday, August 25, 2021

සයිට් ප්ළෑන් සහ දොර ජනෙල් ෂෙඩූල් (III) - AutoCAD Sinhala




අංග සම්පූර්ණ නිවසක් සැලසුම් කිරීමේ පාඩම් මාලාවේ තුන් වන පාඩම තමයි අද මම අරගෙන ආවේ. කලින් වතාවේදි අපි කතා කරා කොහොමද හුරුබුහුටි පොඩි නිවසක ප්ලෑන් එක, සෙක්ෂන් එක, එලිවේෂන් එක, අත්තිවාරම සහ අත්තිවාරම් සැලැස්ම ඇදගන්නේ කියලා. ඔයාලා ඒවා ටික බැලුවේ නැත්නම් පහලින් ගිහින් ඒ ටික බලලා එන්න.
ඉතින් අද මම කතා කරන්න යන්නේ කොහොමද සයිට් ප්ලෑන් එකක් සහ දොර ජනෙල් විස්තරයක් අපේ සැලැස්මට අඩංගු කරගන්නේ කියන දේ ඔයාලට කියලා දෙන්න. සයිට් ප්ලෑන් එක හදාගන්න හැටිනම් මම කලින් ගොඩක් හොද විස්තරයක් ඇතුව කියලා දීලා තියනවා. එකත් ඔයාලට මෙතනින් බලාගන්න පුලුවන්.
කොහොම වුනත් මම නැවත වරක් අද පාඩෙමෙදිත් ඔයාලට ඒ ගැන මතක් කරනවා බය වෙන්න එපා. ඉතින් වැඩිය විස්තර නැතුව අපි කෙලින්ම පාඩමට යමු.



හරි මම හිතනවා ඔයාලා මේ විඩියෝ එක බලන්න ඇති කියලා. ඉතින් ඒ සම්බන්ධව මොනවා හරි ඔයාලට ගැටලුවක් තියනවනම් පහතින් කමන්ට් එකක් දාගෙන යන්න, මම පුලුවන් විදිහට ඔයාලට උදව් කරන්නම්,

මෙහි තව කරුණක් ඔයාලට කියන්න ඔනේ ඒ තමා දොර ජනෙල් ෂෙඩූල් එක ඔයාලට තව විස්තර සහිතව හදන විදිහක් ගැන මම ඉදිරියට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ අපි දොර ජනෙල් ඩීටේල් අදින දවසට මම කියලා දෙන්නම් ඔයාලට ෂෙඩූල් එක තව විස්තර ගොඩක් එකතු කරලා ලස්සනට හදාගන්න හැටි ගැන. ඒ ආකාරයේ ඩීටේල් ෂෙඩූල් භාවිතා කරන්නේ ඩීටේල් ඩ්‍රෝවීන් නිර්මාණය කරද්දි. එහෙම නැතුව අනුමැතිය ලබාගන්න සහ සාමාන්‍යයෙන් නිවාස සැලසුමක් සකස් කරද්දි අද මම ඔයාලට කියලා දුන්න ෂෙඩූල් එක හොදටම ඇති.

ඒ වගේම ගොඩක් අය මගෙන් මේ ප්ලෑන් එකේ ඔටෝකැඩ් ෆයිල් එක ඉල්ලා තිබ්බා. මම නොදුන්නේ වෙන හේතුවක් නිසා නෙවේ මේ සැලසුම සම්පූර්ණ කල ගමන් මම ඒක ඔයාලට ලබාදෙන්නම්. මොකද බාගෙට හදපු එකක් කාටවත් වැදගත් නොවෙන නිසා. බොහෝ දුරට අනිත් විඩියෝ එකින් මම මේ ප්ලෑන් එක ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා.

මට විඩියෝ එකේ කියන්න බැරිවුන කරුණු තිබුනොත් ගොඩක් වෙලාවට මම මේ බ්ලොග් එකේ තමා සටහන් කරන්නේ. ඒ නිසා ඔයා විඩියෝ එක හරහා බ්ලොග් එකට ආව කෙනෙක්නම් මතක ඇතුව බ්ලොග් එකට නිතරම සම්බන්ධ වෙන්න පේජ් එකට ලයික් එකක් දාන්න මොකද අලුත් තොරතුරක් එකතු වුන ගමන් මම Fb එක හරහා ඔයාලව දැනුවත් කරනවා.



#AutoCAD Sinhala, #Saagaraya Tutorial, #Sinhala Tutorial, #ඔටෝකැඩ්, #සිංහල ටියුටෝරියල්, #සාගරය, #How to Design a Small House, #Foundation, #Layout, #Site Plan, #Doors Windows, #සයිට් ප්ලෑන් , #දොර ජනෙල්, #ෂෙඩූල්, #House Plan, #නිවාස සැලසුම්, #Sinhala Tutorial, #ඔටෝකැඩ් සිංහලෙන්,

No comments:

Post a Comment