මුහුදට අධිපති පොසයිඩන් දෙවියන්ගේ පුතා වන පර්සි ජැක්සන්ගේ තවත් වීර චාරිකාවක්, අද මම ඔයාලට දෙන චිත්‍රපටියෙන් බලන්න පුලුවන්. මේ Percy Jackson : Sea of Monsters (2013) චිත්‍රපටියයි. Rick Riordan ගේ Percy Jackson & the Olympians කියන නවකතා මාලාවේ The Sea of Monsters කියන දෙවන නවකතාව පාදක කරගෙන නිර්මාණය කර තිබෙන මේ චිත්‍රපටිය කලින් තිරගත වුන Percy Jackson & the Olympians: The Lightning Thief චිත්‍රපටියේ දෙවන කොටසයි. පර්සි ඇතුළු ඔහුගේ යහළුවන් පිරිස රත්තරං ලෝම රෙද්දක් හොයාගෙන Sea of Monsters, එහෙම නැත්නම් බර්මියුඩා ත්‍රිකෝණය නමින් හදුන්වන ප්‍රදේශයට යන විර චාරිකාව තමයි Percy Jackson: Sea of Monsters චිත්‍රපටිය පුරා අපිට දකින්න ලැබෙන්නේ. මේ චිත්‍රපටිය Thor Freudenthal විසින් අධ්‍යක්ෂණය කරනු ලබන අතර, කලින් චිත්‍රපටියේදි අපිට දකින්නට ලැබුන හුගක් චරිත මේකෙන් අයින් කරලා තියනවා.
මේ චිත්‍රපටිය ආරම්භ වෙන්නේ පර්සි, අර්ධ දෙවි-මිනිස් දරුවන් ඉගෙනුම ලබන කදවුරේ අතීතයේ සිදුවුන කතාවක් ගැන නැවත මතක් කිරීමෙන්. ඒ Annabeth, Luke, Grover සහ Thalia කියලා අර්ධ දෙවි-මිනිස් ළමයි හතරදෙනෙක් මේ කදවුරට එන අතරතුරේදී රාක්ෂයන් විසින් ලුහුබදින්න ගන්නවා. එහිදි තම යහළුවන් තුන් දෙනාට, මේ රාක්ෂයන් බේරිලා ආරක්ෂිතව කදවුරට ඇතුලු වීම සදහා Thalia තම ජීවිතය පරිත්‍යාගය කරනවා. මෙසේ Thalia මිය යන විට ඇයගේ පියා වන Zeus දෙවියන්, ඇය කෙරෙහි අනුකම්පාවෙන් ඇයව වෙනත් විදිහකට ජිවත් කරවන්න කටයුතු කරනවා. ඒ තමා ඇයව පයින් ගසක් බවට පත් කිරීමෙන්. අදටත් මේ Thalia ට සිදුවුන ඉරණම වෙන කිසිම අර්ධ දෙවි-මිනිස් දරුවෙකුට සිදුවන්නේ නැති වෙන්න, මේ පයින් ගස ආරක්ෂක බැම්මක් ලෙස මුළු කදවුරම ආරක්ෂා කරනවා.
ඉතින් දවසක් මේ කදවුරට ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒ මීට පෙර මේ කදවුරේම සිටිය කෙනෙක්ගෙන්. ඔහු කදවුරට පහර දීලා මේ කදවුර ආරක්ෂා කරන ගසටත් විස පොවලා යනවා. ඉතින් මේ මිය යන ගහ සුව කරන්න පුලුවන් ක්‍රමයක් ගැන Percy ගේ යහළුවන් දෙන්නා, ඒ කියන්නේ Annabeth සහ Grover හොයාගන්නවා. ඒ තමයි රත්තරං ලෝම රෙද්දක්. ඉතින් මේක හොයන්න යන්න කදවුරේ ප්‍රධානියා විසින් වෙනත් පිරිසක් යෙදෙව්වත්, Percy සහ ඔහුගේ යහළුවන් දෙදෙනා වන Annabeth සහ Grover ත් මේ වැඩේට වෙනවම යනවා. ඒ වගේම මේ තුන් දෙනාට අමතරව තවත් කෙනෙක් පැමිණෙනවා. ඒ තමයි Percy ගේ සහෝදරයා, Tyson. ඉතින් මොවුන් පිරිස මේ රත්තරං ලෝම රෙද්ද හොයාගෙන මේ මිය යන ගස සුව කර ඔවුන්ගේ කදවුර බේරාගන්න පුලුවන් වෙයිද? මේ ගමන අතරතුරදි ඔවුන්ට මොනවගේ ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න සිද්ද වෙයිද?
කතාව අවසානය ගැන විස්තර ටිකක් කියනවනම්, ඔවුන්ට අවසානයේ මේ කදවුර විතරක් නෙවෙයි මුලු ලෝකයම බේරගන්න වෙනවා. ඒ වෙන කාගෙන්වත් නෙවෙයි Zeus, Poseidon, Hades යන දෙවිවරුන්ගේ පියා වන Kronos ගෙන්.

Genre : | Adventure | Family | Fantasy |
Directed by : | Thor Freudenthal |
Produced by : | Michael Barnathan, Chris Columbus, Karen Rosenfelt |
Starring : | Logan Lerman, Brandon T. Jackson, Alexandra Daddario, Douglas Smith, Leven Rambin, Jake Abel, Stanley Tucci, Nathan Fillion |
Distributed by : | 20th Century Fox |
Release date(s) : | August 7, 2013 |
Running time : | 107 minutes |
Country : | United States |
Language : | English |
මේ චිත්‍රපටිය සදහා ජනප්‍රිය නළු නිළියන් රාශියක් රංගනයෙන් දායකත්වය ලබාදෙනවා.

චිත්‍රපටිය බලලා ඉවරවුනාට පස්සේ මට හිතුන දේවල් ටිකක් තමයි දැන් මම කියන්න යන්නේ. පළමුවෙන්ම මේ චිත්‍රපටිය මම හිතුව තරම් ඇක්ෂන් වලින් පිරුන එකක් නෙවෙයි. මම හිතාගෙන හිටියේ චිත්‍රපටියේ නමත් එක්ක (Percy Jackson Sea of Monsters) මුහුදේ ගොඩක් ඇක්ෂන් අපිට බලාගන්න පුලුවන් වෙයි කියලා. මොකද පර්සි කියන්නේ මුහුදට අධිපති දෙවියන්ගේ පුතානේ. මුහුදේ හොද සටන් ටිකක් තිබුනා, නමුත් පර්සිගේ තියන බළයත් එක්ක මම මීට වඩා හොද සටන් ටිකක් බලාපොරොත්තු වුනා.
ඊලගට තිබුන ලොකු අඩුවක් තමයි සියුස් ,හේඩීස්, පොසයිඩන් සහ පර්සිගේ අම්මා සැලී කියන චරිත මේ චිත්‍රපටියේ අඩංගු නොවුන එක. මම හිතන්නේ එකටනම් ඔයාලා අනිවාරයෙන්ම මාත් එක්ක එකග වෙයි. මේකේ පළවෙනි චිත්‍රපටියේ (Percy Jackson & the Olympians: The Lightning Thief) හිටපු මේ චරිත ටික මේ Sea of Monsters චිත්‍රපටියෙත් හිටියනම් මීට වඩා ගොඩක් මේ චිත්‍රපටිය ලස්සන කරගන්න තිබුනා. විශේෂයෙන්ම ක්‍රෝනෝස් අවදිවුන වෙලාවේ. සියුස් ,හේඩීස්, පොසයිඩන් කියන දෙවිවරුන්ගේ තාත්තා තමයි ක්‍රෝනෝස් කියන්නේ. ඉතින් මීට කලින් මේ ක්‍රෝනෝස්ව පරාජය කරන්න මේ සියුස් ,හේඩීස්, පොසයිඩන් දෙවිවරුන් තුන් දෙනාටම එකට එකතු වෙන්න සිද්ද වුනා. එච්චරකට ක්‍රෝනෝස් බළවත් වෙලා හිටියේ. නමුත් කතාව අවසානයේදි පර්සි තනියම ක්‍රෝනෝස් එක්ක සටන් වදිනවා. වෙන එක දෙවි කෙනෙක්වත් අපිට පෙන්නන්නෙවත් නෑ. සියුස් ,හේඩීස්, පොසයිඩන් දෙවිවරු තුන් දෙනාත් එකතුවෙලා කරන සටන් ටිකක් තිබ්බනම් චිත්‍රපටිය මීට වඩා ලස්සන වෙනවා කියලා මට හිතෙනවා.
චිත්‍රපටිය අවසන් වෙන්නෙනම් හොද තැනකින්. මේ චිත්‍රපටි මාලාවට තවත් චිත්‍රපටියක් එකතු වෙයිද කියන කුතුහලය ඇති කරලා. මගේ අදහසනම් අනිවාරයෙන්ම එකතු විය යුතුයි. මම කලින් කිව්වා වගේ මේ චිත්‍රපටි මාලාව, Rick Riordan ගේ Percy Jackson කියන පොත් මාලාව පාදක කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒකේ හැටියටනම් Rick Riordan ඊලග පොත වෙන්නේ Percy Jackson: The Titan's Curse. ඉතින් අපි බලමු ඉදිරියේදී මේකෙන් චිත්‍රපටියක් නිමාණය වෙයිද කියලා..

Update:
(+) May 17, 2021: බ්ලොග් එකෙහි ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සදහා ඩවුන්ලෝඩ් කරගැනීමට ඔබට කලින් ලබා දී තිබුන ලින්ක් එක ඉවත් කිරීමට සිදු විය.
No comments:
Post a Comment