Fast Five (2011) - නොනවතින හොරකම - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Sunday, September 23, 2012

Fast Five (2011) - නොනවතින හොරකම

Fast Five (2011) - නොනවතින හොරකම

අද මම කතා කරන්න යන්නේ Fast And Furious කතා මාලාවේ 5 වන කොටස හෙවත් Fast Five ගැනයි. මම මුලින්ම කියන්න කැමතියි, මේ කතා මාලාවේ මුල් කොටස් බලලා නැත්නම් මේක කියවන එක නවත්තලා මුලින්ම ඒවා බලලා ඉන්න.


අඩුම තරමේ Fast And Furious 4 වත් බලලා ඉන්න.

හරි අපි දැන් කතාවට එමු. ආ තව දෙයක්. මම Fast And Furious 4 බලන්න කිවේ මේක පටන් ගනිද්දිම ප්‍රධාන නළුවා අත් අඩංගුවේ ඉන්නේ.බන්ධනාගාරයකට ගෙනියන ගමන්. නැත්නම් ඔයාලා බලයි කොහොමද නළුවා අහුවුනේ කියලා. Fast And Furious 4 බලන්න ඒකේ තියනවා අහුවුන හැටි. ඒකේ අන්තිමට මේකේ මුල කොටස පෙන්නනවා. ඒ කියන්නේ මේ දෙකම එකට සම්බන්ධවෙලා තියෙන්නේ. හරි මෙහෙමයි කතාව.  සුපිරි වැඩකාරයෝ ටිකක් හොරකන් කරන ඒවා තමයි මේ Fast And Furious කතා මාලාවේ වැඩි හරියක් තිබුනේ. මේකෙත් එහෙමයි. පටන් අරගෙන ටික වෙලාවකින් කාර් හොරකමක්. කොහෙදිද දන්නවද? කෝච්චියේදි. කොච්ච්ය යන ගමන්. මරු ඇති නේ?.. ඒ වගේම තව හොරකමක්? මොනවද දන්නවද. සල්ලි..... සල්ලි තියෙන්නේ සේප්පුවක. නිකන් සේප්පුවක නෙවෙයි. විශාල සේප්පුවක.... අනික මේ සේප්පුව තියෙන්නේ පොලිසියක... කොහොම හොරකම් කරයිද? කතාවේ ප්‍රධාන නළුවෝ දෙන්නා Vin Diesel සහ Paul Walker වේ. නියම රගපෑමක් තියෙන්නේ. මේ කතාවේ මේ දෙන්නට සහයට කට්ටියක් නෑ. කට්ටිය හොයාගන්නත් එපායෑ. හොරකම් කරන්න. මේ දෙන්නට විතරක් හොරකම් කරන්න බෑ නේ. කට්ටියක් හොයාගන්නවා. මෙයාලටම ගැලපෙන්න කට්ටියක්.

හරි කට්ටියත් එක්ක කරන හොරකම් බලන්නනම් මේක Download කරගන්න වෙනවා. පොඩි ආරංචියක් නම් තියනවා. ආරංචිය මේකේ තවකොටස් එනවා කියලා. ඒ කියන්නේ Fast And Furious 6 වගේ. මම මුලිනුත් කිවා වගේ මේකේ මුල් කතා ටිකත් බලලම මේක බලන්න. තව විස්තර ටිකක් පහල තියනවා. ඒවත් බලලා චිත්‍රපටය Download කරගන්න. තව දෙයක් කියන්න බැරිවුනා. මේකේ Movie Official Trailer එක මම කලින් දිලා තියනවා. එක බලන්න ඕනෙනම් පහල Link එකෙන් ගොස් බලන්න.


හොදයි දැන් කතා සාරාංශයත් බැලුවනේ. අපි දැන් මේ ච්ත්‍රපටය ගැන විස්තර ටිකක් දැනගනිමු.

Genre : Action | Crime | Thriller
Directed by : Justin Lin
Produced by : Neal H. Moritz, Vin Diesel, Michael Fottrell
Starring : Vin Diesel, Paul Walker, Jordana Brewster, Dwayne Johnson
Distributed by : Universal Pictures
Release date(s) : April 29, 2011 (United States)
Running time : 130 minutes
Country : United States
Language : English


Update:
(+) May 15, 2021: බ්ලොග් එකෙහි ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සදහා ඩවුන්ලෝඩ් කරගැනීමට ඔබට කලින් ලබා දී තිබුන ලින්ක් එක ඉවත් කිරීමට සිදු විය.


<< Fast and Furious (2009) Fast and Furious 6 >>

Fast Five (2011) චිත්‍රපටිය, Saagaraya Movies, ක්‍රියාදාම, අපරාධ, නාට්‍යමය, ඉංග්‍රීසි චිත්‍රපටි, ත්‍රාසජනක,

No comments:

Post a Comment