මම ඔයාලට කලින් දීලා තියනවා Fast Five (2011) කියලා චිත්‍රපටියක්. ඉතින් මට අද හිතුනා Fast and the Furious චිත්‍රපට මාලාවේ කලින් ආපු චිත්‍රපටි ටික දෙන්න ඔනේ කියලා. එහෙම හිතුනේ කාරණා 2 ක් නිසා. පළවෙනි එක කලින් ආපු මූවි ටික බලන්නේ නැතුව Fast Five බලන එකේ තේරුමක් නෑ. අනිත් කාරණාව තමා 2013 දී මේ Series එකේ තව චිත්‍රපටියක් එනවා. ඒ The Fast and the Furious 6 . ඒ ගැන අපි වැඩි විස්තර ඉස්සරහට කතා කරමු. ඉතින් අද මම කතා කරන්න යන්නේ මේ සීරිස් එකේ මුලින්ම ආපු චිත්‍රපටිය වන The Fast and the Furious (2001) චිත්‍රපටිය ගැනයි.
Brian O'Conner කියන්නේ L.A.P.D එකේ ඉන්න රහස් පරික්ෂකවරයෙක්. L.A.P.D එක විසින් මෙයාට වැඩක් බාර දෙනවා. ඒ තමා Semi-trailer Truck කොල්ල කන පිරිසක් අල්ලගන්න. ඒ පිළිබදව සොයා බලන අතරේ මේ Brian, Street Race ( වීදි වල තියෙන රේස්) ගැනත් සොයා බලමින් ඉන්නවා. මේ සදහා Brian මේ රේස් වලට එකතු වෙනවා. ඒ අතරේ තමා මෙයාට Dominic Toretto (Dom) ව සහ එයාගේ කණ්ඩායම හම්බවෙන්නේ. ඉතින් මේ Brian කොහොම හරි, Dom සමග මිතුරු කමක් ගොඩනගා ගන්නවා. ඒ වගේම Dom ගේ සහෝදරිය වන Mia Toretto සමග ආදර සම්බන්ධතාවයක් පටන් ගන්නවා. Dom, Mia සහ Brian ගේ සම්බන්ධය ගැන දැනගනීද? Brian ට අර Truck කොල්ල කන පිරිස අල්ලගන්න පුලුවන් වෙයිද? ඔය ගැන දැනගන්නම් අනිවාරයෙන් චිත්‍රපටිය බලන්න වෙනවා. ඒ වගේම චිත්‍රපටිය බැලුවට පාඩුවක් වෙන්නේ නෑ. හොද කාර් රේස් ටිකක් බලාගන්න පුලුවන්.
සුපිරි නළු දෙපලක් වන Vin Diesel සහ Paul Walker, පිළිවෙලින් Dominic සහ Brian ගේ චරිත වලට පනපොවයි. Michelle Rodriguez, Jordana Brewster, Chad Lindberg, ආදී ජනප්‍රිය නළු නිළියන් රැසක් මේ චිත්‍රපටිය සදහා දායක වෙයි.
තව පොඩි තොරතුරු ටිකක් දැනගමු.
Genre : | Action | Crime | Thriller |
Directed by : | Rob Cohen |
Produced by : | Neal H. Moritz |
Starring : | Paul Walker, Vin Diesel, Michelle Rodriguez, Jordana Brewster, Matt Schulze, Thom Barry |
Distributed by : | Universal Pictures |
Release date(s) : | June 22, 2001 |
Running time : | 107 minutes |
Country : | United States |
Language : | English |
Update:
(+) May 15, 2021: බ්ලොග් එකෙහි ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සදහා ඩවුන්ලෝඩ් කරගැනීමට ඔබට කලින් ලබා දී තිබුන ලින්ක් එක ඉවත් කිරීමට සිදු විය.
2 Fast 2 Furious (2003) >> |
@ පහන් තාරක ප්‍රභාෂ්වර :
ReplyDeleteබෝහෝම ස්තුතියි සහෝදරයා Comment එකට..
හොඳ series එකක්. මම තවම පලවෙනි ෆිල්ම් හතර විතරයි බලල තියෙන්නේ. හොඳ පොස්ට් එකක්.
ReplyDelete@ Rashi :
ReplyDeleteපස්වෙනි film එකත් බලන්න. Fast Five 2011. ඒකත් නියම Film එකක්.
බොහෝම ස්තුතියි Comment එකට.