අද මම කතා කරන්න යන්නේ ශ්‍රී ලාංකීය සිනමාවට එකතු වුන අලුත්ම චිත්‍රපටිය ගැනයි. එය Super Six. උදාර පල්ලියගුරු විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටිය 2012 මැයි 17 වනදා ඉදන් EAP මණ්ඩලයේ සිනමාහල් වල තිරගත වීමට නියමිතයි. ශ්‍රීලංකාවේ වැඩිම වියදමක් දරා එනම් රුපියල් මිලියන 77 ක් වියදම් කරමින් නිෂ්පාදනය කර ඇති මේ චිත්‍රපටිය පවුලේ සැමට එකට සිට නැරඹිය හැක.
සුපර් සික්ස් චිත්‍රපටියේ රූපරාමුවල ගුණාත්මක බාවය වැඩි කරගැනීමට ඉන්දියාවෙන් කොඩැක් විෂන් නැමති ලොව තිබෙන හොදම දළ සේයාපටයත් ඇරී 425 (ARRI 435) දරණ සිනේ කැමරාවත් ගෙන්වාගෙන , මේ චිත්‍රපටිය සදහා භාවිතා කර තිබෙන බවට මෙම චිත්‍රපට අධ්‍යක්ෂක උදාර පල්ලියගුරු පුවත් පත් වලට ප්‍රකාශ කර තිබෙනවා..
මැලේසියාවේ, ඉන්දියාවේ සහ අන්දමන් දූපත්වල ඇති රමණීය ස්ථාන වල සටන් ජවනිකා, ගීත ආදිය රූගත කර ඇත. උදාර පල්ලියගුරු විසින් පුවත් පත් වලට ප්‍රකාශ කරන ආකාරයට Anna and the King (1999) චිත්‍රපටිය රූගත කරපු ස්ථානයේ පවා ලබාදීලා තිබෙනවා මෙම සුපර් සික්ස් චිත්‍රපටිය රූගත කිරීමට. ඒ මැලේසියාවෙයි. ඒ වගේම ෂාරුක් ඛාන්ගේ බැක් අප් නර්තන කණ්ඩායමත් මෙම චිත්‍රපටිය සදහා රංගනයෙන් දායක වී තිබෙනවා. මෙම චිත්‍රපටියේ සටන් ජවනිකා අධ්‍යක්ෂණය කර තිබෙන්නේ, රැජිනි කාන්ත්ගේ " රොබෝ ", අමිර් ඛාන්ගේ " ගජිනි " යන චිත්‍රපටිවල සටන් අධ්‍යක්ෂණය කල පීටර් හේන් ය.
මෙම සුපර් සික්ස් චිත්‍රපටිය ශ්‍රී ලංකාවේ වගේම හින්දිවලින් දෙබස් හඩ කවා ඉන්දියාවෙත් තිරගත වීමට නියමිතයි. මේ දැවැන්ත චිත්‍රපටිය ගැන අපි තව තොරතුරු ටිකක් දැන ගනිමු..
Genre : | Action | Fantasy | Comedy | Romance |
Directed by : | Udara Palliyaguruge |
Produced by : | Satesh Kumar |
Script : | Anura Ekanayake |
Cinematographer : | R. Costa |
Art director : | M. Ayagama |
Makeup : | I. Udaralanka |
Costume Director : | Sumathi Kudaligama |
Production Managers : | A. Ariyaratne and Shanaka |
Music Directors : | Mahesh Denipitiya and Iraj Weeraratne |
Lyrics : | Nilar M Cassim, Nandana Wickramage and Wasantha Bandara Dukgannarala |
Playback Singers : | Rookantha Gunathilake, Champa Kalhari, Shihan Mihiranga and Surendra Perera. |
සුපර් සික්ස් චිත්‍රපටියේ, රොශාන් රණවන, අරුනි රාජපක්ෂ, සාරංග දිසාසේකර, පබෝදා සන්දීපනී, හේමාල් රණසිංහ, මලීකා සිරිසෙනගේ, මහේන්ද්‍ර පෙරේරා, පුබුදු චතුරංග, සනත් ගුණතිලක, රොඩ්නි වර්ණකුල, ප්‍රියන්ත සෙනවිරත්න, සුනෙත් චිත්‍රානන්ද, ගාමින්ද ප්‍රියවිරාජ්, දුලීකා මාරපන, සංගීතා සදනි, චිත්‍රා වරකාගොඩ, මැනිකේ අත්තනායක, ඇන්ටන් ජූඩ්, ජීවන් හදුන්නෙත්ති ආදී ජනප්‍රිය නළු නිළියන් 160 ක් පමණ රගපානවා.
Super Six (2012) Official Trailer :
සුපර් සික්ස් චිත්‍රපටියේ සියළුම ගීත :
- Reya Pibidee Tharu Diluni
- Hangum Danawwe Wilasithawee
- Susumata Susumak
- Mada Pinne Supi Penne
- Sakkara Deiyo Unath
- Thol Pethi Gawala Balamuda
- Six Super Six
- Papare Para Pam Pam Pam
- Ekathuwemu Api Kuhumbuwo Wage
- Udaira Mawe
- Jaya Gosha Rawdenne
- Lokko Api Lokko
Super Six චිත්‍රපටිය, Cinemax - Jaela, Quinlon - Nugegoda, Nikado - Kadawatha, Liberty - Colombo ඇතුලු EAP මණ්ඩලයේ සිනමාහල් වල මැයි 17 වෙනිදා සිට තිරගත වීම අරඹයි.. ඔබත් යන්න. ගිහින් චිත්‍රපටිය හොදයිද කියලා බලලා එන්න..
රුපියල් මිලියන 77 ක වියදමක් දරා සැදූ මෙම දැවැන්ත චිත්‍රපටියට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරය මැයි 17 න් පස්සේ අපිට දැක බලාගන්න පුලුවන් වෙයි..
meka kohomada ane පවුලේ සැමට එකට සිට නැරඹිය හැක wenne ?
ReplyDelete@ Anonymous :
ReplyDeleteඒක තමා අනේ මාත් මේ කල්පනා කර කර ඉන්නේ........
චිත්‍රපටියේ අධ්යක්ෂකනම් කියන්නේ එහෙමලු............