ඔන්න අද මම ඔයාලට දෙන්න යන්නේ, 1917 විද්‍යා ප්‍රබන්ධ නවකතාවක් ලෙස ලොව විශාල පාඨක පිරිසකගේ අවධානය දිනාගත් එඩ්ගා රයිස් බරෝස්ගේ "ප්‍රින්සස් ඔෆ් මාර්ස්" නම් නවකතාව පාදක කරගනිමින් 2012 වසරේ බොක්ස් ඔෆිස් වාර්තා රැසක් තබමින් ලොව පුරා ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනාගත් ජෝන් කාටර් කියන චිත්‍රපටියයි. IMDb රේටින් 7.0 ක් ලබාගෙන ඇති මේ චිත්‍රපටියේ කතාව දිගහැරෙන්නේ අගහරු ග්‍රහයා මුල්කරගෙනයි. සුපිරි Adventure චිත්‍රපටියක්. ඔයාලට ආසා හිතෙන කතා තේමාවක් තියෙන්නේ. අනික තවත් කාරණයක් තියනවා. ඒ තමා Walt Disney Pictures සමාගම විසින් තමා මේක හදලා තියෙන්නේ. ඉතින් කවුරු කවුරුත් දන්නවනේ Walt Disney ලාගේ වැඩ කොහොමද කියලා. වැඩි විස්තර කතා කරන්න පෙර මුලින්ම කතාවේ සාරාංශය දැනගෙන ඉමු.
අගහරු ග්‍රහයා නැසී ගිය ග්‍රහලෝකයක් නොව මිය යමින් පවතින ග්‍රහලෝකයක් බවට හදුන්වා දිමෙන් පසු හිටපු හමුදා නිලධාරියකු වන ජෝන් කාටර්ගේ මිය යැමේ පුවතින් චිත්‍රපටිය ආරම්භ වේ. කාටර්ගේ බෑනා වන එඩ්ගා 'නෙඩ්' රයිස් බරෝස්ට ජැක් නම් මාමා කෙනකු අවමංගල උත්සව අවස්ථාවකට සහභාගි වෙමින් කාටර් පිළිබදව අපූරු පුවතක් හෙළිදරව් කරයි. එනම් කාටර් තියුණු බුද්ධියක් හා වික්‍රමාන්විත ක්‍රියාවන්හි නිරත අධි ධනවත් තැනැත්තෙක්ව විසු බවයි. කාටර්ගේ සිරුර තැන්පත් කර තිබුනේද ඇතුලතින් පමණක් විවෘත කළ හැකි සොහෝන් ගැබක් තුළය. මේ අද්භුත බලයක් හිමි පුද්ගලයාගේ මරණයට හේතුව සොයා යන නෙඩ්ට කාටර්ගේ චතු පාලක නිතිඥයා කාටර්ගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් ග්‍රන්ථයක් ලබාදෙයි.
ඒ ඔස්සේ මතකය 1886 දක්වා දෙවෙන අතර අති බිහිසුණු සටනකින් පසුව සිදුවන අමුතු සිදුවීමකින් ජෝන් කාටර් ඔහු සිටින ග්‍රහලෝකයෙන්, වෙනත් ග්‍රහලෝකයකට ඒ කියන්නේ පෘතුවියේ සිට අගහරු වෙත යනවා. මේ ලෝකෙට යන විට ඔහුට අමුතු බලයක් හිමිවෙනවා. ඒ තමා ඔහුට ඕනෑම උස ස්ථානයකට පැනිමේ හැකියාව. ඒ එහි තියන අඩු ගුරුත්වය නිසා. මේ අතර බාර්සුම්හි (අගහරු ග්‍රහයා) වසර දහස් ගණනාවක් මුළුල්ලේ යුද්ධයක් පවතින අතර එම යුද්ධය සමතයකට පත් වන්නේ එහි රජු තම දියණිය සතුරු හමුදාවේ තවත් බලවත් පුද්ගලයෙකුට විවහා කර දිමට සුදානම් වෙමින්. එහිදි කුමාරිකාව පැන යන අතර එහිදී ඇගේ ආරක්ෂකයා බවට පත් වන්නේ කාටර් ය. සැබැවින්ම කාටර්ට කුමාරිකාව බේරා ගැනීමට හැකිවෙයිද? ඔහුට බාර්සුම්හි යුද්ධය නතර කිරීමට හැකිවෙයිද? ඒක දැනගන්නම් අනිවාරයෙන්ම චිත්‍රපටිය බලන්නම සිද්ද වෙනවා...
තව මේ චිත්‍රපටිය ගැන පොඩි විස්තරයක් තියනවා.

Genre : | Action | Adventure | Fantasy |
Directed by : | Andrew Stanton |
Produced by : | Jim Morris, Colin Wilson, Lindsey Collins |
Starring : | Taylor Kitsch, Lynn Collins, Samantha Morton, Mark Strong, Ciarán Hinds, Dominic West, James Purefoy, Willem Dafoe |
Distributed by : | Walt Disney Pictures |
Release date(s) : | March 9, 2012 (United States) |
Running time : | 132 minutes |
Country : | United States |
Language : | English |
පැය 2 යි මිනිත්තු 12 ක් ධාවනය වන ජෝන් කාටර් චිත්‍රපටිය අති බිහිසුණු සටන් ජවනිකා නවීන තාක්ෂණයෙන් ඔපවත් වේ. නිෂ්පාදනය, බෙදාහැරීම හා ප්‍රචාරණයට අතිවිශාල වියදමක් දරා ඇත. Budget එක ඩොලර් මිලියන 250 යි. ඉතින් මෙච්චර වියදම් කරලා හදලා තියන චිත්‍රපටිය අනිවාරයෙන්ම හොද එකක් වෙන්න ඔනෙනේ. මොකද නැත්නම් මෙච්චර ප්‍රේක්ෂක ප්‍රතිචාර හම්බවෙන්නේ නැනේ.
Update:
(+) May 15, 2021: බ්ලොග් එකෙහි ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සදහා ඩවුන්ලෝඩ් කරගැනීමට ඔබට කලින් ලබා දී තිබුන ලින්ක් එක ඉවත් කිරීමට සිදු විය.
No comments:
Post a Comment