ඔන්න ඉතින් අද හා හා පුරා කියලා වැඩක් පටන් ගන්න යන්නේ. මේක ඇත්තටම අද නෙවේ පටන් ගත්තේ. මීට කලින් ලිපියකදි.
කියන ලිපියෙන් මම ආරම්භ කරා ඔයාලට Blog එකක් මුළ ඉදන් හදන්නේ කොහොමද කියලා කියලා දෙන ලිපි මාලාව. මුලින්ම හැදින්වීම කරාට අද ඉදන් තමා Blog එකක් හදන හැටි ගැන කියලා දෙන්නේ. ඒක තමා මම මුලින්ම කිවේ අද පටන් ගන්නවා කියලා අලුත් වැඩක්.. ලිපිය ටිකක් දිග වෙන්න පුලුවන්. ඒ හින්දා වැඩි කතාවක් නැතුව කෙලින්ම වැඩේට බහිමු..
මම රූප සටහනුත් එක්ක තමා මේක කියලා දෙන්න යන්නේ. විස්තර කරන ගමන් ඒකට අදාල රූපසටහන් භාවිතා කරනවා. ඉතින් ඔයාලට ඒ රූප පැහැදිලිව පේන්නේ නැත්නම් Right Click කරලා New Tab එකකින් Open කරගෙන බලන්න.
Update: ගොඩක් වෙලාවට අතරින්පතර සමහර පියවරවල් කීපයක් කරන්න ඔනේ වෙන්නේ නැතිවෙයි. මොකද Blogger දැන් අලුත් Interface එකකට Update වෙලා තියෙන්නේ.
කොහොමද බ්ලොග් එකක් හදන්නේ?
1. ඔන්න දැන් අපි Blog එකක් හදාගන්න යන්නේ. ඒකට ඔයාලා මුලින්ම Blogger.com කියන වෙබ් අඩවියට යන්න.
2. ඊට පස්සේ එතන තියෙනවා Get Started කියලා. ඒක ක්ලික් කරන්න. උඩ රූපයේ මම නිල්පාටින් කොටු කරලා තියෙන්නේ ඒක.
3. ඊට පස්සේ ඔයාල Create Account කියන තැනට එනවා. මෙතනින් කරන්න තියෙන්නේ Blogger වල Account එක හදාගන්න එකයි.
4. ඊලග පියවර ක්‍රම 2 කින් ඔයාලට කරගන්න පුලුවන්.
■ ඔයාලට Gmail Account එකක් තියනවනම්,
ඔයාලට දැනටමත් Gmail Account එකක් තියනවනම්, Create a Google Account කියන තැනට පහලින් තියන sign in first කියන තැන ක්ලික් කරන්න. [පහල රූපයේ මම අංක 1 න් පෙන්නලා තියන තැන]

ඊට පස්සේ ඔයාලගේ Email එකයි Password එකයි දිලා Sign In වෙන්න තැනක් එයි. එතන අවශ්‍ය දත්ත පුරවලා Sign In වෙන්න.

ඕක තමා පළවෙනි ක්‍රමේ. දැන් දෙවනි ක්‍රමය බලමු.
■ Google Account එකක් හදාගෙන,
Create a Google Account කියන තැනට පහලින් තියන ෆෝම් එක පුරවලා ඔයාලට Google Account එකක් හදාගන්න පුලුවන්.
ඒක ඇතුලේ තියන විස්තර ටික හරියට පුරවලා I Accept the Terms of Service කියන තැනට ටික් එක දාලා Continue කියන තැන ක්ලික් කරන්න. මේ ෆෝම් එක නිවැරදිව පුරවගන්න ඔනේ නිසා මම ඔයාලට මේක පුරවගන්න උදව් කරන්නම්.
5. ඔය උඩ තියන 4 වෙනි පියවර මම දීලා තියන ක්‍රම දෙකෙන් ඕනෙම එකකින් කරත් අවසානයේ එන්නේ ඔයාලගේ බ්ලොග් එකේ විස්තර පුරවන්න තියන පිටුවටයි.

දැන් අපි මේක පුරවගන්නේ කොහොමද කියලා බලමු.
■ Blog Title - බ්ලොග් එකේ නම
ඔයාලගේ බ්ලොග් එක ගැන විස්තර පුරවන්න ඔනේ තැන මුලින්ම පෙන්නන්නේ ඔයාලගේ බ්ලොග් එකේ නමයි. ඒ Blog Title කියන තැනට ඔයාලා හදන්න යන බ්ලොග් එකේ නම දෙන්න.

■ Blog Address (URL) - බ්ලොග් ඇඩ්රස් එක
ඊට පහල Blog Address (URL) කියන තැනට ඔයාලගේ බ්ලොග් Address එක විදිහට එන්න ඔනේ මොකද්ද කියන එක දෙන්න.
ඊටපස්සේ එතනම යට තියනවා Check Availability කියලා. ඒකෙන් වෙන්නේ අපි දුන්න Blog Address එක දැනට වෙන කවුරු හරි පාවිච්චි කරනවද, කවුරු හරි අරන් තියනවද කියලා බලන එකයි. ඒක බලාගන්න Check Availability කියන එක ක්ලික් කරන්න.

එතන This blog address is available කියලා වැටෙනවනම් ඔයාලගේ ඇඩ්රස් එක මීට කලින් කවුරුවත් පාවිචිකරලා නෑ. ඒ නිසා ඔයාලට ඒක ගන්න පුලුවන්. කවුරු හරි ඔයාලා දුන්න Blog Address එක අරගෙන තියනවනම් මැසේජ් එකක් එයි. ඊට පස්සේ ඔයාලා වෙන Address එකක් ආයෙත් දීලා බලන්න..
ඊට පස්සේ එතන යට ඔයාලට දීලා තියන අකුරු ටික ටයිප් කරලා Continue කියන එක ක්ලික් කරන්න.
6. ඊලගට එන පියවරෙන් තමයි අපේ බ්ලොග් එකට Template එකක් ඇඩ් කරගන්න ඔනේ. එතනින් ඔයාලට කැමති Template එකක් තෝරාගන්න. අපිට samples ටිකක් පෙන්නනවා. ඔතන පෙන්නන ඒවගෙන් කැමති එකක් තෝරගන්න අපිට පුලුවන්. පස්සේ ඔනෙනම් වෙනස් කරගන්නත් පුලුවන්. තෝරගෙන Continue කියන එක ක්ලික් කරන්න.

7. හරි. දැන් ඔයාලගේ බ්ලොග් එක හදාගෙන ඉවරයි. Start Blogging කියන එක ක්ලික් කරපුවාම ඔයාලට බ්ලොග් එක සදහා ලිපි දාන්න පුලුවන්.

8. නමුත් ඊට කලින් තව පොඩි Option එකක් තියනවා. එකෙන් මොකද කරන්න පුලුවන් වෙන්නේ කියලත් අපි බලමු.. 7 වෙනි පියවරේදී එන පිටුවේ වම් පැත්තේ පහල තියන ► Advanced Setup Options කියන එක ක්ලික් කරන්න.

9. ඊට පස්සේ ඔයාලට Set Up a Custom Domain සහ Import Blog Tool කියලා තව Option දෙකක් පෙන්නයි.

ඔය දෙක ගැන අපි දැන් කරුණු ටිකක් දැනගනිමු.
■ Set Up a Custom Domain
ඔතන තියන Set Up a Custom Domain කියන එක ක්ලික් කරලා අපිට අපේ බ්ලොග් එක .com/ .net . වගේ Full Domain එකකට මාරු කරගන්න පුලුවන්. ඒ කියන්නේ දැන් අපේ තියන .blogspot.com කියන එක වෙනුවට .com/ .net වගේ එකක් දාගන්න පුලුවන්. ඒවා ඉතින් ගෙවලා තමා ගන්න වෙන්නේ.
■ Import Blog Tool
Import Blog Tool කියන එකෙන් වෙන්නේ මේකයි. ඔයාලා මීට කලින් බ්ලොග් එකක් කරලා තිබ්බනම්, ඔයාට පුලුවන් ඔනේනම් ඒ බ්ලොග් එකම මේකට Import කරගන්න.
එතන තියෙන select an exported blog file (.xml) කියන තැනින් ඔයාලා කලින් බ්ලොග් එක Save කරගත්ත තැන Browse කරලා හොයාගෙන ඒක ඇඩ් කරගෙන පහල තියන අකුරු ටික ටයිප් කරලා Import Blog කියන එක ක්ලික් කරන්න. ඒ කලින් බ්ලොග් එකේ තිබ්බ ලිපි මේකෙත් ස්වයන්ක්‍රීයව පල කරගන්න ඔනෙනම් Automatically Publish all imported posts කියන තැනට ටික් එක දාන්න.
10. කලින් තිබුන පියවරේදී Set Up a Custom Domain සහ Import Blog Tool කියන Option දෙකේ වෙනසක් සිදුකරගන්නේ නැත්නම්, කෙලින්ම Start Blogging කියන එක ක්ලික් කරන්න.
11. ඊට පස්සේ ඔයාලා කෙලින්ම එන්නේ ලිපි ලියන්න තියන තැනටමයි. ඔතන ලිපි ලියලා Publish Post දුන්නහම ඒ ලිපිය Post වෙනවා..
බ්ලොග් එකේ ලිපි ලියන හැටි ගැන ඉස්සරහට මම තව දේවල් කියලා දෙනවා.. ඒ හින්දා මෙතන වැඩි දුර කතා කරන්නේ නෑ ඒ ගැන.
12. දැන් අපි Dashboard එකට යමු. උඩ තියන Dashboard කියන එක ක්ලික් කරන්න.
13. මේක තමා Dashboard එක කියන්නේ. මේ තියෙන්නේ පරණ Blog Interface එකට එන Dashboard එක. අපි ඒක අලුත් Interface එකට මාරුකරගමු. මොකද පරණ එකට වඩා අලුත් එක ලස්සනයි.
14. මේ Dashboard එකේ උඩම තියනවා Upgrade Now කියලා. අන්න ඒක ක්ලික් කරන්න මේක අලුත් Interface එකට මාරු කරන්න.

මේ තියෙන්නේ අලුත් Blogger Interface එකයි.
හොදයි දැන් අපි බ්ලොග් එකත් හදාගත්තනේ. මට පුලුවන් තරම් සරලව තමා මම මේක කියලා දීලා තියෙන්නේ. මම හිතනවා බ්ලොග් එකක් හදාගන්න දැන් ඔයාලට අමාරු වෙන එකක් නෑ කියලා. ඔයාටම කියලා බ්ලොග් එකක් නැත්නම් අදම හදන්න ගන්න. කිසි ප්‍රශ්ණයක් නැතුව හදාගන්න පුලුවන් ඔයාලට. බැරිවෙලාවත් මොකක් හරි ප්‍රශ්ණයක් ආවොත් මෙතන Comment එකක් දාලා කියන්න. මම පුලුවන් විදිහට උදව් කරන්නම්.
දැන් ඉතින් අපි මේ හදපු බ්ලොග් එක තවත් ලස්සන කරගන්නේ කොහොමද? සහ ලිපි ලියන්නේ කොහොමද? ආදි ගොඩක් දේවල් ගැන අපි ඊලග ලිපියෙන් කතා කරමු..
දැන් ඉතින් අපි මේ හදපු බ්ලොග් එක තවත් ලස්සන කරගන්නේ කොහොමද? සහ ලිපි ලියන්නේ කොහොමද? ආදි ගොඩක් දේවල් ගැන අපි ඊලග ලිපියෙන් කතා කරමු..
machn mathath me wage blog ekak hadanna oone..
ReplyDeletemata poddk kiyala deepnako post caogorize karana heti,
me page eke wage menu Bar eka hadana heti,
@ Anonymous says:
ReplyDeleteමෙහෙමයි මචන්, පෝස්ට් එකක් ලියද්දි ඒකට Labels ටිකක් දාන්න ඔනේ.... උදාහරණයක් විදිහට මම මේ පෝස්ට් එක ලියද්දි Blog Tricks, Blogger Beginners, Blogger Tutorials, Tricks කියන ලේබල් යටතේ තමා දැම්මේ..... පෝස්ට් එක ලියන තැන එහා පැත්තේ Post Settings වල උඩම තියනවා Labels කියලා. ඒක ක්ලික් කරලා ලේබල් කරගන්න පුලුවන්.........
මේ Menu Bar එකනම් මට මේ Blog Template එකටම ආපු Menu Bar එකක්.
"css horizontal menu bar for blogger" කියලා ගූගල් සර්ච් කරොත් ඔයාට ගොඩක් ලස්සන Menu Bars හොයාගන්න පුලුවන්. මේවා HTML/Java Script විදිහට තමා තියෙන්නේ.... ඒක ඔයාගේ බ්ලොග් එකට දාගන්න. නැත්නම් Menu Bar තියන Template එකක් දාගන්න...........
ම්ම් blog එකක් හදන්න යන්නය මට් ඔයාගේ හෙල්ප් ඔනෙය්
ReplyDelete@ malaysiantech :
ReplyDeleteඅනිවාරයෙන්ම. දන්නේ නැති දෙයක් තියනවනම් අහන්න. මම කියලා දෙන්නම්.
thanks
ReplyDelete@ sandun nilanka :
ReplyDeleteබොහෝම ස්තුතියි Comment එකට..
මම ගොඩාක් ආසාවෙන් හිටියේ බ්ලොග් එකක් හදා ගන්න. සල්ලි ප්රස්නෙකුත් තිබුන මචං. මම වගේ එවුන් මේ ලංකාවේ තව කී දෙනෙක් ඇතිද. මේ වගේ කටයුත්තක් කලාට ගොඩාක් පින්. දෙමවු පියන්ටත් මේ පින් ලැබෙන්න ඔන.
ReplyDeleteඑල කිරි මචං
ReplyDelete1.api hadagaththa blog eke sinhala post danne kohomada?
ReplyDelete2.post eke podi hadinwimak dala ekata READ MORE kiyana danne kohomada?
@ Sandaruwan Senarathna:
ReplyDeleteපහල තියන ලිපි දෙක කියවන්න. ඔයාට සම්පූර්ණයෙන් මේ ගැන දැනුමක් ගන්න පුලුවන්.
Blogger Tutorials 4 - අලුත් ලිපියක් ලියමු (I)
Blog එකට Read More Button එක ඇතුල් කරමු
Blog akata design template akak daganna baha cookies anawa mokade karanne
ReplyDelete