අම්මෝ. අද යාන්තමින් Prison Break බලලා ඉවරකරා. TV Series එක නම් ඇවිල්ලා ගොඩක් කල්. ඒ වුනාට අද තමා බැලුවේ. කොහොම වුනත් මාර කතාව. ඉතින් අද මම මේක ගැන ලියන්න නෙවේ ආවේ. මම මේක ගැන හෙට අනිද්දා දිහාට ලිපියක් ලියන්න තමා හිතාගෙන ඉන්නේ. ඉතින් අද මම කියන්න යන දේට සම්බන්ධ දෙයක් තමයි ඔය මම උඩින් කියලා තියෙන්නේ. මම සමාන්‍යයෙන් ඔය Film එකක් හරි TV Series එකක් හරි බලනකොට බලන්නේ English Subtitle එක්ක. ඉතින් මම ඔය Prison Break TV Series එකත් එහෙම තමා බැලුවේ. ඒකේ Season 1, Season 2 ඒවගේ Subtitle නම් ලේසියෙන්ම හොයාගන්න පුළුවන් වුනා. ඊට පස්සේ තමා වැඩේ වුනේ..
Prison Break Season 3 එක Download කරගෙන ඊට පස්සේ Subtitle හොයන්න ගත්තා. සමහර සයිට් වලට ගියා, එවගෙන් Subtitle හම්බවුනා. ඒත් මම Download කරපු File එකට ගැලපෙන්නේ නෑ. ඒ කියන්නේ එක්කෝ උපසිරස එක ඉස්සරහින් යනවා, නැත්නම් Movie එක ඉස්සරහින් යනවා. දැන් හොදටම රත් වෙලා හිටියේ. සාමාන්‍යයෙන් උපසිරස නැතුව චිත්‍රපටයක් වුනත් බලන්න හිතෙන්නේ නෑ මට. ඉතින් ඔන්න ආයෙත් මම Google එකේ Search කර කර බලනවා. වෙබ් සයිට්නම් ඕන තරම් තියනවා. එත් ගැලපෙන්නේ නෑනේ. සමහර වෙබ් අඩවි වලට ගියපුවාම, ඒකෙන් වෙන එකකට යවනවා. ඒකෙන් තව එකකට යවනවා. ඒකෙන් ආයේ වෙන වෙබ් අඩවියකට යවනවා. ඉතින් කොහොම හරි එහෙම යන අපිට අන්තිමේදි මොකක් කරන්නද ආවේ කියන එකත් අමතක වෙනවා.......
ඔන්න ඔහොම ටික වෙලාවක් Search කර කර ඉන්නකොට දැක්කා අපේ කතා නායකයව. කතා නායකයා කිවේ Prison Break එකේ නෙවෙයි. මම අද කියන්න යන කෙනා ගැනයි කිවේ. මෙයා තමයි TVsubtitles.net කියන වෙබ් අඩවිය. ඔන්න ඉතින් ඊට පස්සේ මම මේකෙන් Season 3 එකයි Season 4 එකයි දෙකේම Subtitle Download කරගෙන බැලුවා. තක්කෙටම ගැලපෙනවා. ආයේ කියන්න දෙයක් නැ.
අනික තමා මේ වෙබ් අඩවියෙන් වෙන වෙන වෙබ් අඩවි වලට යවන්නෙත් නෑ. එක ක්ලික් එකකින්ම Subtitle Download කරගන්න පුළුවන්.
මුලින්ම මේ වෙබ් අඩවියට පිවිසිලා ඔයාලට ඕන කරන TV Series එකේ නම ගහන්න. ඊට පස්සේ ඒකේ Season තෝරන්න එනවා. ඊටපස්සේ ඔයාලා තොරගත්ත Season එකේ තියන කතා ටික එනවා. ඒ කතා වලට ඉදිරියෙන් විවිධ භාෂාවල් තියනවා. ඒකෙන් ඔයාලට කැමති භාෂාවක් තෝරන්න. ඊට පස්සේ එනවා ඒකේ විවිධ කොපි වර්ග. ඒ කියන්නේ HDRip, DVDRip..... වගේ ඒවා. එකෙන් ඔයාලගේ File එකට ගැලපෙන එක තොරලා එකෙන්ම Download කරගන්න. හරිම සිම්පල් ප්ලෑන් එකක්.

මෙන්න සයිට් එක
TVsubtitles.net
අපි දැන් උදාහරණයකට Knight Rider 2008 TV Series එකේ Subtitle හොයමු.
1. පළමුව මේ tvsubtitles.net වෙබ් අඩවියට පිවිසෙන්න.
2. Search කරන තැන අදාල නම ගහලා Search කරන්න.
3. දැන් ඒ TV Series එක සර්ච් කරලා අපිට පෙන්නනවා. ඒක ක්ලික් කරන්න. ඊටපස්සේ ඒකෙන් අදාල සීසන් එක තෝරන්න.
4. දැන් එම Season එකට අදාල කතා ටික ඒවි. ඔබ කැමති කතාව තෝරා ඉදිරියෙන් ඇති කොඩි වලින් භාෂාව තෝරන්න. මුළින්ම තියෙන්නේ English භාෂාව.
5. අවසානයේ මෙම Window එක ඒවී. එය පහලින් ඇති Download කියන එක Click කරන්න.
සමහරවිට 4 වෙනි පියවරට පස්සෙත් තවත් පියවරක් එයි. ඒකේ තමයි අර මම මුළින් කීව HDRip, DVDRip... එහෙම තෝරන්න තියෙන්නේ.
ඉතින් මම මේ ලිපිය ලිවේ හදිස්සියේ. මොකද ඔයාලට මේක කියන්න ඕනෙම කියලා හිතුන නිසා. ඉතින් ඔයාලට මේ තොරතුර වැදගත් වුනානම් Comments එකක් එහෙම දාලා යන්න අමතක කරන්න එපා....
Niyamai aha.............
ReplyDelete@ Gihan Sampath :
ReplyDeleteComment එකට බොහෝම ස්තුතියි සහෝදරයා.. !!
machan subscene(www.subscene.com) ekath godak hoda sub dena site ekak.anika matath subtitle nathuwa film ekakwath balanna nam hithenne na..
ReplyDelete