ලෝකයේ විශිෂ්ඨතම සම්මාන උළෙලක් ලෙස සැලකෙන නොබෙල් සම්මාන උළෙල ගැන විස්තර ටිකක් ඔයාලට ගෙන එන්න ඕනේ කියලා මට හිතුනා. මේ සම්මාන උළෙල ස්ටෝක්හෝම් හා ඔස්ලෝ යන නගර වලදි අති උත්කර්ෂවත් අයුරිනුයි පැවැත්වෙන්නේ. ඒ සදහා ලෝව පුරා විද්‍යාඥයන්, සාහිත්‍යධරයන්, අර්ථශාස්ත්‍රඥයන්, සමාජ විද්‍යාඥයන් විවිධ ක්ෂේත්‍රවල විශේෂඥයන් හා නෝර්වේ හා ස්වීඩනයේ රාජකීයයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වෙනවා.
හොදයි අපි දැන් කොහොමද නොබෙල් ත්‍යාගයට කට්ටිය තෝරන්නේ, මොනවද නොබෙල් ත්‍යාගයේ තියෙන්නේ කියන එක ගැන බලමු.
නොබෙල්ගේ අන්තිම කැමැත්ත
කායික හා වෛද්‍ය විද්‍යාව, භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව, සාහිත්‍යය හා සාම ත්‍යාගය සදහා නොබෙල් ත්‍යාග පිරිනමනු ලබන්නේ ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ අන්තිම කැමති පත්‍රයට අනුවයි. ආර්තික විද්‍යාව ඊට එක්වුණේ 1965 දිය. නොබෙල් ඔහුගේ ජීවිත කාලය පුරාම අන්තිම කැමති පත්‍ර කිපයක් ලියුවත් අන්තිමටම අන්තිම කැමති පත්‍රයක් ලියුවේ මිය යන්නට වසරකට කලින්ය..
එය අත්සන් කලේ ප්‍රංශයේ පැරිස් නුවර ස්වීඩන නෝර්විජියානු සමජ ශාලාවකදිය. ඒ 1895 වසරේ නොවැම්බර් 27 වැනිදාය. නොබෙල් ඔහුගේ සියලුම වත්කම්වලින් සියයට 94 ක්, ඒ කියන්නේ ස්විඩන ක්‍රෝනර්වලින් මිලියන 31 ක් නොබෙල් ත්‍යාග වෙනුවෙන් යෙදවීමට කටයුතු යොදා තියෙනවා. ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ අන්තිම කැමැත්ත ක්‍රියාත්මක කිරීමට නොබෙල් පදනමට අවුරුදු 5 ක් ගතවුණා. ඊට හේතුව වුණේ නොයෙක් බාධක හා කරුණු කාරණා හේතු වුණා. පළමු වතාවට නොබෙල් තයාග ප්‍රධානෝත්සවය පවත්වනු ලැබුවේ 1901 වසරේ දෙසැම්බර් 10 වැනිදායි. දෙසැම්බර් 10 වැනිදා නොබෙල් ත්‍යාග ප්‍රධානෝත්සවය පවත්වන්නේ ඇල්ෆ්‍රඩ් නොබෙල් මියගියේ දෙසැම්බර් 10 වැනිදා නිසයි.
ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ අත්සන
නොබෙල් තෑග්ගට ඇතුලත් වෙන්නේ මොනවාද?
නොබෙල් ත්‍යාගය වෙනුවෙන් එක් ත්‍යාගලාභියෙකුට ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5 කට අධික මුදලක් හිමිවෙනවා. ඒ තෑග්ග කොටස් තුනකින් යුක්තයි. ඊට ඩිප්ලෝමාවක්, ත්‍යාගය පිළිබද සහතිකයක් සහ නොබෙල්ගේ පිළිරුව රැගත් රන් පදක්කමක් ඇතුළත් වෙනවා. නොබෙල් සම්මාන උළෙළ සෑම වසරකම දෙසැම්බර් 10 වැනිදා ස්වීඩනයේ ස්ටෝක්හෝම්වල දි පැවැත්වෙනවා. ත්‍යාග පිරිනැමීම සිදුවන්නේ ස්වීඩන රජුගේ ප්‍රධානත්වයෙන්. එවෙලේම ඔස්ලෝ නුවරදි පැවැත්වෙන නොබෙල් සාම ත්‍යාග පිරිනැමීමේ උත්සවය නෝර්වේ රජුගේ ප්‍රධානත්වයෙන් සිදුවෙනවා. තෑගි පිරිනැමෙන්නේ නෝර්විජියානු නොබෙල් සාම මණ්ඩලයේ සබාපති අතිනි.
නොබෙල් ත්‍යාගයට සුදුස්සන් තෝරන හැටි
නොබෙල් ත්‍යාගයට සුදුස්සන් නම් කිරීම හා තේරිම සිදු කෙරෙන්නේ දීර්ඝ මෙන්ම දැඩි විමර්ශන ක්‍රියාවලියකින් පසුවයි. ලොව අනෙක් සෑම සම්මානයකට ම වඩා නොබෙල් සම්මානය උතුම් කොට සලකනු ලබන්නේ ඒ නිසයි. නොබෙල් සම්මානලාභීන් තෝරනු ලබන්නේ ඊට අදාළ කමිටු මගිනුයි. රසායනික විද්‍යාව භෞතික විද්‍යාව හා ආර්ථික විද්‍යාව සදහා වන පස් දෙනෙකුගෙන් යුත් තේරිම් කමිටුව තෝරා පත් කරන්නේ රාජකීය ස්වීඩන විද්‍යා ඇකඩමියයි. සාහිත්‍යය සදහා වු තේරිම් කමිටුවට සාමාජිකයන් 4 ක් හෝ 5 ක් අයත් වන අතර ඔවුන් තෝරා පත් කරන්නේ ස්වීඩන ඇකඩමියයි.
නොබෙල් ත්‍යාගයේ කීර්තිය රැදි ඇත්තේ මේ තේරිම් ක්‍රියාවලිය නිසයි. ඒ වුනත් ප්‍රශ්නකාරි සම්මාන ප්‍රධානය වු අවස්ථා ගැනද මේ සම්මානයේ දිර්ඝ ඉතිහාසය පුරා වාර්තා වෙනවා. සාම ත්‍යාගය සදහා නාම යෝජනා ලබාගැනිමේ දි රාජ්‍ය පාලන ආයතනවලට, අන්තර්ජාතික අධිකරණයවල සාමාජිකයන්ට, විශ්ව විද්‍යාලවල උපකුලපතිවරුන්ට, මහාචාර්යවරුන්ට, කලින් සාම ත්‍යාගය ලැබු අයට, නෝවේජියානු නොබෙල් කමිටුවේ පැරණි හා අලුත් සාමාජිකයන්ට පවා ලියුම් යවනවා.
සාම ත්‍යාගය සදහා නාම යෝජනා බාර ගන්නේ පෙබරවාරි 3 වැනිදා වන තෙක් පමණයි. මෙසේ ලැබෙන නාම යෝජනා කිසිදාක හෙළිකරන්නේ නැහැ. අඩු තරමින් ඒ අයටවත් දැන ගන්න ලැබෙන්නේ නැහැ.
ඒවා වසර 50 ක් යන තෙක් මුද්‍රා තබා ආරක්ෂා කෙරෙනවා. නාම යෝජනා බාර ගන්නා දිනය ඉකුත් වුවාට පසු ඒවා කමිටුව මගින් එකින් එක පරික්ෂා කර බලා ඒවා අතරින් තරගකරුවන් 200 ක් තෝරා ගන්නවා. මේ ලැසිස්තුව අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥයන් පිරිසකට යොමු කරනවා. ම්වුන් එයින් 15 දෙනෙකුගේ අවසාන ලැයිස්තුවක් තෝරනවා. පසුව මේ කමිටුව ඔවුන්ගේ නිර්දේශ ඇතුළත් වාර්තාවක් සමග ඒ ලැයිස්තුව අදාල විෂයයට අයත් ආයතනයට යවනවා, අවසාන තේරිම කරන්නට. නිදසිනක් වශයෙන් වෛද්‍ය විද්‍යාව සදහා සුදුස්සා තෝරන්නේ 50 දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් ඔවුන්ගේ ඡන්දයෙන් මේ තෝරා ගැනිමේ ක්‍රියාවලිය විෂයයෙන් විෂයට සුළු වශයෙන් වෙනස් වෙනවා. සාහිත්‍යය සදහා වු සම්මානය ලැබෙන්නේ බොහෝ විට එක් අයෙකුට වුවත් අනෙක් විෂයයන් සදහා වු ත්‍යාග දෙදෙනෙකු හෝ තුන්දෙනෙකු අතර බෙදි යනවා.
නොබෙල් ත්‍යාගය සදහා මියගිය අය නම් කරන්න අවසර නැතත් නාම යෝජනා හා කමිටු තීරණ ප්‍රකාශ කිරිම අතර මියගිය අය ඉන්නවා. 1931 දි සාහිත්‍ය නොබෙල් ත්‍යාගය දිනු එරික් ඇක්සල් කාල්ෆේල්ඩ්, 1961 දි සාම ත්‍යාගය හිමිවු ඩැග් හැමර්ෂල්ඩ් යන දෙදෙනාම ත්‍යාගය ලැබිමට පෙර මිය ගියා. 1974 දි තිරණය වුණා, නොබෙල් ත්‍යාගය පිරි නමන්නේ අදාළ වසරේ ඔක්තෝබරයේ දි නම් ප්‍රසිද්ධ කරන තෙක් ජීවත් වු අයට පමණයි, කියා. 1996 දි ආර්ථික විද්‍යාවට නොබෙල් ත්‍යාගය හිමි කරගත් විලියම් වික්‍රි සම්මානය ප්‍රකාශයට කරනවිට ජීවතුන් අතර සිටියත් ත්‍යාගය පිරිනමන අවස්ථාව වන විට මියගොස් සිටියත් ඔහුට සම්මානය පිරිනමනු ලැබුවා.
නොබෙල් සම්මානය ගැන තව තොරතුරු මෙතනින් ගන්න පුළුවන්.
Nobelprize
නොබෙල් කෞතුකාගාරය ගැන තොරතුරු මෙතනින් ගන්න.
Nobel Museum
නොබෙල් කෞතුකාගාරය
ලිපිය ඔබට වැදගත් වුනානම් Comment එකක් එහෙම දාලා යන්න.
හොඳ වටින ලිපියක්. දිගටම ලියන්න.
ReplyDelete