Prison Break (2005–2009) - සුපිරි ප්ලෑනක් - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Saturday, March 31, 2012

Prison Break (2005–2009) - සුපිරි ප්ලෑනක්

Prison Break (TV Series 2005–2009) - සුපිරි ප්ලෑනක්

Prison Break කිවහම ඉතින් ආයේ මට අමුතුවෙන් කියන්න දෙයක් නෑ අනිවාරයෙන්ම ඔයාලා මේ TV Series එක බලලා තියනවා. කලාතුරකින් නොබලපු කෙනෙක් ඉන්න පුලුවන්. ඒ වුනාට ගොඩාක් අය මේක බලලා තියනවා. ඉතින් අද මට මේ TV Series එක ගැන ඔයාලට කියන්න හිතුනා. ඒකට ගොඩක් හේතු වුනේ මේක Download කරන්න පුලුවන් හොද ලින්ක් ටිකක් මට හම්බවුනා. ඉතින් ඒවා මට තියාගෙන වැඩක් නැනේ. ඔයාලත් එක්ක බෙදාගත්තාම තමා මට සතුටක් දැනෙන්නේ.

ඉතින් මේ Prison Break කතාමාලාවේ තියෙන්නේ හිරේට ගිය තමන්ගේ අයියව බේරගන්න යන මල්ලි කෙනෙකුගේ කතාවක්. අයියා හිරේට ගිහින් තියෙන්නෙත් නොකරපු වරදකට. ඉතින් මේ දෙන්නගේ සහෝදර ප්‍රේමය මේ කතාවෙන් අපිට බලාගන්න පුලුවන්. හිරේ සිදුවන සියළු කටයුත්තක්ම ඔයාලට මේ TV Series එකෙන් දැක බලාගන්න පුලුවන්. ආයේ හිරේ ඉන්නේ කොහොම පුද්ගලයන්ද, ඔවුන්ගේ හැසිරිම් ආදිය හොදට බලාගන්න පුලුවන්, කතා මාලාවෙන් සෑහෙන්න ප්‍රමාණයක් හිරේ රූගත කරපු TV Series එකක් තමා Prison Break කියන්නේ. ඉතින් මේ හිරේට ගිය අයියව බේරගන්නේ කොහොමද? කෙලින්ම මල්ලිත් යනවා හිරේ. එතකොට දෙන්නම හිරේ ඉදපුවාම කොහොමද බේරෙන්නේ. අන්න එතන තමා සුපිරි ප්ලෑනක් තියෙන්නේ. කාටවත් සැක නොහිතන විදිහට මල්ලි හිරේ ප්ලෑන් එක ටැ‍ටු එකක් විදිහට තමන්ගේ ඇගේ ගහගෙන යන්නේ. කාටවත් හිතාගන්න බෑ මේ මොකද්ද කියලා. ඉතින් මේ අයියලා මල්ලිලා මේ වැඩේ ගොඩ දාගනිද? මේ දෙන්නට තනියමනම් හිරෙන් පැනලා යන්න වෙන්නේ නෑ. තව සෙට් එකක් මේ දෙන්නට එකතු වෙනවා. ඒ කවුද? ඉදිරියට මොනවා වෙයිද? මේ ගැන දැනගන්නනම් මේ TV Series එක Download කරගෙනම බලන්න වෙනවා.

හොදයි අපි දැන් Prison Break ගැන තව තොරතුරු ටිකක් දැන ගනිමු.

Genre : Serial drama | Action | Crime | Thriller
Created by : Paul Scheuring
Starring : Dominic Purcell, Wentworth Miller, Robin Tunney, Peter Stormare, Amaury Nolasco, Marshall Allman, Wade Williams, Paul Adelstein, Robert Knepper, Rockmond Dunbar, Sarah Wayne Callies, William Fichtner, Chris Vance, Robert Wisdom, Danay García, Jodi Lyn O'Keefe, Michael Rapaport
Theme music composer : Ramin Djawadi
Country of origin : United States
Language(s) : English, Spanish
No. of seasons : 4
No. of episodes : 81
Producer(s) : Marty Adelstein, Neal H. Moritz, Dawn Parouse, Brett Ratner, Paul Scheuring, Matt Olmstead, Kevin Hooks, Michael Pavone
Production company(s) : Original Television, 20th Century Fox Television
Running time : 45 minutes (per episode)
Original channel : Fox
Original run : August 29, 2005 – May 15, 2009

Nominated for 2 Golden Globes. Another 4 wins & 22 nominations




Prison Break Season 1 >>





Saagaraya TV Series, Prison Break ටීවී සීරිස් එක, Prison Break (TV Series 2005–2009), ප්‍රිසන් බ්රේක්,

No comments:

Post a Comment