Mission Impossible 4 : Ghost Protocol (2011) - සැලසුමක්, සහයක්, විකල්පයක් නොමැත - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Saturday, March 31, 2012

Mission Impossible 4 : Ghost Protocol (2011) - සැලසුමක්, සහයක්, විකල්පයක් නොමැත

Mission Impossible 4 : Ghost Protocol (2011) - සැලසුමක්, සහයක්, විකල්පයක් නොමැත

මෙන්න මම කාලයක් එනකම් බලාගෙන හිටපු ‍ෆිල්ම් එකක හොද කොපියක් ඇවිල්ලා. ඉතින් ආපු ගමන් ඔයාලත් එක්ක බෙදාගන්න හිතුනා. Mission: Impossible - Ghost Protocol තමා මේ Mission Impossible ‍චිත්‍රපට මාලාවට එක්වුන අලුත්ම ‍චිත්‍රපටිය. ටොම් කෲස්ගේ විශිෂ්ඨ,  සුපිරි රගපෑමක් මේ චිත්‍රපටියෙන් අපිට බලාගන්න පුලුවන්. මීට කලින් ඉදන් මේ Mission Impossible චිත්‍රපටි ටික ජනතාව අතරේ ගොඩක් ප්‍රසිද්ධියට පත්වුනා. එකට ගොඩක් හේතු වුනේ මම කලින් කීවා වගේ ටොම් කෲස්ගේ සුපිරි රගපෑමයි. මුල ඉදන් ගත්තාම මේ ‍ෆිල්ම් ටික ආවේ මෙහෙමයි.



කලින් ඒවගේ වගේම මේ චිත්‍රපටියෙත් ප්‍රධාන චරිතය රගදක්වන්නේ සුපිරි නළු ටොම් කෲස් විසිනි. ඒ Ethan Hunt නැමති චරිතයටයි. කලින් හැම කතාවෙන වෙනවා වගේ මෙයාට මේ පාරත් කරන්න Mission එකක් තියනවා. තනිවම නෙවේ තව මෙයාට උදව් කරන්න ටීම් එකක් ඉන්නවා. ඒ තමා Jane Carter, Benji Dunn, William Brandt, කියන 3 දෙනා. No Plan, No Backup, No Choice. (සැලසුමක්, සහයක්, විකල්පයක් නොමැත). ඉතින් තව මේ ගැන කියන්න ගියොත් නම් චිත්‍රපටියේ අගයක් නැති වෙනවා. ඒ හින්දා මම මෙතනින් කතාව ගැන කියන එක නතර කරනවා.

ආ තව දෙයක් කියන්න තියනවා. ඒ තමා ඔයාලට මතක ඇයි 2010 දී ආවා Salt කියලා චිත්‍රපටියක්. එකේ ප්‍රධාන චරිතයට පණපෙව්වේ ජනප්‍රිය නිලියක් වන Angelina Jolie. ඇය විසින් ඒ චිත්‍රපටියේ රග දැක්වනු ලැබු Evelyn Salt කියන චරිතයට මුලින්ම ආරාධනා කරලා තියෙන්නේ ටොම් කෲස්ට. ඊට හේතුව වන්නේ ඔය වගේ ක්‍රියාධාම චරිත වලට ටොම් කෲස් ජනප්‍රිය වේලා තිබිමයි. නමුත් ටොම් කෲස් ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කරා. ඊට හේතුව වුනේ ටොම් කෲස්ට ඒවගේම තවත් චරිතයටක ඒ වෙනකොට ආරාධනා ලැබි තිබිමයි. ඒ චරිතේ තමා ටොම් කෲස් අතිශය ජනප්‍රිය වුන Mission Impossible චිත්‍රපට මාලාවේ අලුත්ම කතාව වන මේ Mission: Impossible - Ghost Protocol (2011) කිය චිත්‍රපටියේ Ethan Hunt කියන චරිතයයි.  නමුත් ටොම් කෲස් නැති වුනාට Salt චිත්‍රපටියේ ඒ චරිතය කරන්න චිත්‍රපට අධ්‍යක්ෂක, Angelina Jolie ව ‍තෝරාගත්තා. අධ්‍යක්ෂකගේ සිහින සැබෑ කරමින් Angelina Jolie ඒ චිත්‍රපටියේ සුපිරි විදිහට රගපෑවා.

ඉතින් මේ කතාව ගොඩාක් දිග වුනා. දැන් අපි මේ චිත්‍රපටිය ගැන තව පොඩි විස්තර ටිකක් දැනගගනිමු.

Genre : Action | Adventure | Thriller
Directed by : Brad Bird
Produced by : Tom Cruise, J. J. Abrams, Bryan Burk
Starring : Tom Cruise, Jeremy Renner, Simon Pegg, Paula Patton
Distributed by : Paramount Pictures
Release date(s) : December 7, 2011 (Dubai), December 16, 2011 (United States), December 16, 2011 (India)
Running time : 135 minutes
Country : United States
Language : English


Update:
(+) May 15, 2021: බ්ලොග් එකෙහි ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සදහා ඩවුන්ලෝඩ් කරගැනීමට ඔබට කලින් ලබා දී තිබුන ලින්ක් එක ඉවත් කිරීමට සිදු විය.


Mission Impossible : Ghost Protocol (2011) චිත්‍රපටිය, Saagaraya Movies, ක්‍රියාදාම, වික්‍රමාන්විත, ත්‍රාසජනක, ඉංග්‍රීසි චිත්‍රපටි,

No comments:

Post a Comment