Torrent ( ප්‍රවාහය ) - තුන්වන කොටස - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Thursday, September 8, 2011

Torrent ( ප්‍රවාහය ) - තුන්වන කොටස

Torrent ( ප්‍රවාහය ) - තුන්වන කොටස

අද මම ඔයාලට මේ Torrent ලිපි පෙලේ තුන්වන කොටසින් කියලා දෙන්න යන්නේ කොහොමද හොද තත්වයකින් තියෙන චිත්‍රපටයක් සොයාගන්නේ කියලයි. ඔයාලට Torrent ගැන තාමත් අවබෝධයක් නැත්නම් මා විසින් ලියන ලද පලමු සහ දෙවන ලිපි කියවන්න. එවිට ඔබට තේරෙන ආකාරයෙන් Torrent ගැන දැනගැනිමට හැක.


හොදයි අපි දැන් අද දිනයට නියමිත මාතෘකාවට එමු. මම මුලින්ම කිවනේ  අද මම ඔයාලට හොද තත්වයකින් යුතු චිත්‍රපටයක් ‍තෝරාගන්න කියලා දෙනවා කියලා. ඔන්න මම දැන් ඒක කියලා දෙන්නයි යන්නේ.

චිත්‍රපටියක් ඩවුන්ලෝඩ් කිරීමට හොද පිටපතක් ‍තෝරගන්නේ කොහොමද?


සාමාන්‍යයෙන් චිත්‍රපටයක් තිරගත වීම ආරම්භවු කාලයේදිම එම චිත්‍රපටයේ ටොරන්ට් File එක අන්තර්ජාලයට එකතු වෙනවා. බොහෝවිට මේ කාලයේ නිකුත් වෙන්නේ එතරම් තත්වයෙන් උසස් Torrent File නෙවෙයි. සාමාන්‍යයෙන් තත්වයෙන් උසස් Torrent File එකක් නිකුත් වීමට දින කීපයක් හෝ මාස කිපයක් ගත වෙනවා..

නමුත් අපි හදුනාගන්න ඕනේ නිවැරදි Torrent File එක. බොහෝවිට මෙම Torrent Files වලට විවිධ නාමයන් එකතු කර තමයි ඒවා නිකුත් කරන්නේ...

උදාහරණ ලෙස Cam, TS, Dvdrip......... ආදි නම් වලින් හදුන්වන Torrent File තියනවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේ එක එක වර්ග වලින් තිබෙන ඒවගේ තේරුම්ය. තේරුම් කියා දෙනවාත් සමග ඔබට Transformers 2 චිත්‍රපටයේ රූපරාමු කීපයකුත් පෙන්නනවා උදාහරණ ලෙස.

1.  Cam :
මෙය බොහෝවිට නිකුත් වෙන්නේ චිත්‍රපටය තිරගත වීම ආරම්භ වු දිනවලමය. මෙම Cam කියන එකේ තේරුම වන්නේ Camera Recoded යන්නයි. ඒ කියන්නේ මේ චිත්‍රපටය තිරගත වන චිත්‍රපට ශාලාවේ තිරය කැමරාවක් මගින් පටිගත කොට ඇති බවයි. මෙහි තත්වය ඉතාම බාල තත්වයක් වේ. Recode කිරිමේදි වෙන අත්වැරදිම්, ඒ කියන්නේ ඇදවීම්, ගැස්සීම් ආදිය, චිත්‍රපට ශාලාවේ ඇති ඝෝෂාකාරි ශබ්දයන්, අනවශ්‍ය ලෙස වර්ණ වලට නිරාවරණය වීම, අපැහැදිලි බව ආදි විවිධාකාර දෝෂ ‍රැසක් දැකගත හැකිය. මම ඔයාලට කියන්නේ මේ Cam වර්ගය Download නොකරන ලෙසය.

Cam සදහා උදාහරණය. රූපය මත Click කර බලන්න

2.  TS/Scr :
මෙය Tele Synchronize ලෙස හදුන්වයි. මෙහි තත්වයත් Cam වලට සමාන වෙයි. බොහෝ විට මෙහි Video කොටසයි Audio කොටසයි වෙන වෙනවම Recode කර ඒ දෙක එකට එකතු කිරිම සිදුවෙයි. මෙහිදිත් බොහෝ විට විශාල වැරදි සිදුවෙයි. ඒ කියන්නේ , සමහර වෙලාවට Video එක ගියාට පසුවයි එයට අදාලා Audio කොටස Play වෙන්න පටන්ගන්නේ. මෙයත් Download නොකර සිටිනවානම් හොදය.

TS/Scr සදහා උදාහරණය. රූපය මත Click කර බලන්න

3.  DVDScr :
DVDScr කියන එකේ තේරුම වෙන්නේ DVD Quality Screen Capture යන්නයි. මෙය බොහෝ විට 80% තත්වයෙන් උසස් විඩියෝ එකකි. මේකෙත් බොහෝවිට ශබ්දය වෙනවෙනම පටිගත කර යොදා ඇත. නමුත් Video එක යම් තරමක උසස් ගණයේ ඇත. සමහර අවස්ථාවල ඉතා උසස් තත්වයේ ශබ්දය සංකලණයද කර ඇත. මේ ගණයේ චිත්‍රපට Download කර ගැනිමට හොදය. නැරඹීමෙන් යම් තරමක සෑහීමකට පත් විය හැක.

DVDScr සදහා උදාහරණය. රූපය මත Click කර බලන්න

4.  R5 :
මෙය DVD Region 5 ලෙස හදුන්වයි. මෙය 90% ක් පමණ තත්වයෙන් උසස් පිටපතකි. මේවැනි පිටපතක් Download කර ගැනිමෙන් ඔබට අපහසුවකින් තොරව චිත්‍රපටය නැරඹිමට හැකිය..

R5 සදහා උදාහරණය. රූපය මත Click කර බලන්න

5.  DVDRip :
Torrent වෙබ් අඩවි වල ජනප්‍රිය පිටපත වන්නේ DVDRip පිටපතයි. මේය ඉතාම උසස් තත්වයකින් යුතු පිටපතකි. මෙය කෙලින්ම Original DVD එකකින් ලබාගන්නා පිටපතකි. Download කරගැනිමට ඉතාමත් යෝග්‍ය පිටපතකි. Video හා Audio ඉතාමත් උසස් තත්වයේ තිබේ. බොහෝවිට මෙගාබයිට් 700 (700MB) තරම් වු චිත්‍රපට පිටපතකි.

DVDRip සදහා උදාහරණය. රූපය මත Click කර බලන්න

6.  BRRip :
මෙය මෑතකදි අන්තර්ජාලයට එක් වු වර්ගීකරණයකි. Blu-ray යන නමින් හදුන්වන මෙය DVDRip වලටත් වඩා තත්වයෙන් උසස් වෙයි. 5.1 Surround ශබ්ද තාක්ෂණය සමග මේවා බොහෝ අය අන්තර්ජාලයට එකතු කරයි. ඒ වගේම DVDRip පිටපත් වලට වඩා බොහෝ විට ප්‍රමාණයෙන් වැඩි ඉඩක් ගනියි.

BRRip සදහා උදාහරණය. රූපය මත Click කර බලන්න

තවත් මේ ආකාරයෙන් විශාල වශයෙන් විවිධ නම්වලින් පිටපත් වර්ග රාශියක් ඇත. නමුත් මම මේ හදුන්වා දුන් පිටපත් තමයි දැනට වැඩියෙන්ම භාවිතා වෙන පිටපත් වෙන්නේ.

තවද ඔබට විවිධ පුද්ගලයන් විසින් එම Torrent File එකට දී තිබෙන ලකුණු මගිනුත් එම Torrent File එක හොද පිටපතක්ද කියලා හොයාගන්න පුළුවන්. නමුත් මතක තියාගන්න මම මේ කියන්න යන දේට වඩා පළමුවෙන් මම කියලා දුන් දේ වලින් ඉතාමත් විශ්වාසනීය Torrent File තොරාගන්න පුලුවන් බව. ඒ කියන්නේ පිටපත් වර්ගවලින් විශ්වාසනියව හොද Torrent File එකක් ‍තෝරාගන්න පුළුවන් බවයි..


විවිධ පුද්ගලයන් විසින් දෙනුලබන Comments වලින් හොද පිටපතක් ‍තෝරාගන්න හැටි?


ඔබ Torrent File එකක් Download කරගැනිමට Torrent Site වලට ගියහම එම Torrent File එක ගැන විස්තර ඇති තැන ඔබට දකින්න ලැබෙයි පුද්ගලයන් විසින් එම Torrent File එක සදහා දමා තිබෙන Comments. බොහෝ විට ඔවුන් එම චිත්‍රපට පිටපතකට Comments දාන්නේ මේ ආකාරයටය.

A=9/10, V=8/10

හෝ

A-9, V-8

යන ආකරයටයි..

දැන් අපි බලමු මේවායින් කියවෙන දෙය. පිටපතේ තත්වය සදහා ඔවුන් පුද්ගලික මතය අනුව 10න් ලකුණු සංඛ්‍යා ලබා දේ.


A යන්නෙන් අදහස් කරන්නේ Audio කියන එකයි. එයට ඉදිරියෙන් 9/10 හෝ 9 යන්න සදහන් කර ඇත්තේ එම චිත්‍රපට පිටපතේ Audio තත්වය 90% පමණ තත්වයෙන් උසස් බවයි.


V යන්නෙන් අදහස් කරන්නේ Video කියන එකයි. එයට ඉදිරියෙන් 8/10 හෝ 8 යන්න සදහන් කර ඇත්තේ එම චිත්‍රපට පිටපතේ Video තත්වය 80% තරම් හොද තත්වයේ ඇති බවයි.



මේ ආකාරයට කීප දෙනෙක්ගේම Audio, Video තත්ව ගැන සදහන් කර තිබෙන Comments කියවා ඔබට හොද තත්වයේ චිත්‍රපට පිටපතක් ‍තෝරා ගැනිමට හැකියාව ඇත.


මේ සම්බන්ධයෙන් ඔබට ගැටළුවක් ඇත්නම් පහලින් එය Comments එකක් විදිහට දමන්න. මම දන්න විදිහට ඔබට උදව් කරන්නම්.....



<< Torrent (ප්‍රවාහය) - දෙවන කොටස


Saagaraya Tricks, Torrent ගැන සිංහලෙන්, හොද Quality චිත්‍රපටියක් සොයාගමු, ටොරන්ට් වෙබ් අඩවි, හොද තත්වයකින් යුතු චිත්‍රපටයක්, Torrent එකක් Download කරන්නේ කොහොමද, තත්වයෙන් උසස් Movie Torrent File එකක් සොයාගනිමු,

1 comment:

  1. bohoma thanks, harima wedagath me, me lepe 3nama. hoda awabodayak laba ganna,puluwan. obata jaya.nawa wasara

    ReplyDelete