Torrent ( ප්‍රවාහය ) - පළමු කොටස - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Friday, August 19, 2011

Torrent ( ප්‍රවාහය ) - පළමු කොටස

Torrent ( ප්‍රවාහය ) - පළමු කොටස


ටොරන්ට් එකක් කියන්නේ, ඒ කියන්නේ ටොරන්ට් කියන එකේ තේරුම "ප්‍රවාහය" කියන එකයි. අපි කෙලින්ම කතාවට බහිමු. මොකද ඔය හැදින්වීම් කර කර ඉන්නවට වඩා කෙලින්ම කාරනයට බහින එක හොදයි.

මුලින්ම අපි දැන ගන්න ඕනේ ටොරන්ට් file එකක් කොහොමද download කරගන්නේ කියලා. අපිට ඒකට විශේෂිත මෘදුකාංග අවශ්‍ය වෙනවා. පහත දක්වා තියෙන්නේ එවැනි මෘදුකාංග 2 කි.

ටොරන්ට් එකක් ඩවුන්ලෝඩ් කරන්න අවශ්‍යවන මෘදුකාංග?


තවත් මෙවැනි මෘදුකාංග කීපයක්ම තියනවා. මම ඒගැන වැඩිය කීවේ නැත්තේ මේ මෘදුකාංග දෙක පමනක් මා අනුමත කරන නිසාය. මෙම මෘදුකාංග නොමිලේ ලබාදෙන මෘදුකාංග නිසා මෙහිදීම Download කරගන්න පුලුවන්. මම මෙතැන් සිට පියවර වශයෙන් ඔබට කියලා දෙන්නම්.


කොහොමද ටොරන්ට් එකක් ඩවුන්ලෝඩ් කරන්නේ?


1. පලමුව මෙයින් ඔබ කැමති මෘදුකාංගයක් ඔබේ පරිගණකයේ ස්ථාපනය කරගන්න.

2. දැන් අපිට අවශ්‍ය ටොරන්ට් file එකක්. (ඒ කියන්නේ ඔබට අවශ්‍ය කරන file එකේ ටොරන්ට් file එක)

උදා-: Movie , Video Clips , Mp3 ..... ආදි ඔනැම ටොරන්ට් file එකක්

3. මේ කොටස ඉතාම වැදගත් කොටසක් වේ. අපි ටොරන්ට් file එකක් ‍තෝරා ගැනීමේදී එම ටොරන්ට් එක කොපමන ප්‍රමාණයක් seed කරනවද බලන්න ඔනේ. ( මේ seed කරන එක ගැන මම පහලදී කියලා දෙන්නම්. ඔයාලා කොහොමත් ඒ ගැන හිතන්න ඕනේ නෑ මම මේ site එකේදි දෙන්නේ හොදට seed තියන ටොරන්ට් file).

4. ටොරන්ට් file ලබා ගන්න විවිධ වෙබ් අඩවි තියනවා. නමුත් සමහර වෙබ් අඩවි වල තිබෙන ටොරන්ට් file බොරු ඒවා (fake). ඒ නිසා හොදින් සැලකිලිමත් වෙන්න ඕනේ ටොරන්ට් file එකක් ලබා ගැනීමේදි.

5. දැන් ඔබට අවශ්‍ය මෘදුකාංගයක හෝ වෙනත් දෙයක ටොරන්ට් file එක මගේ වෙබ් අඩවියෙන් හෝ වෙනත් වෙබ් අඩවි වලින් download කරගන්න පුළුවන්. එය download කිරිමේදි සැලකිය යුතු දෙයක් කරන්න නෑ. සාමාන්‍ය ආකාරයෙන් download කරගන්න පුළුවන්. එම download file එකේ size එක බොහෝ විට KB ප්‍රමාණයෙන් ලැබෙන්නේ. එය එතරම් ලොකු size එකක් නොවේ.

6. දැන් එම download කරගත්ත file එක right click කර open with ගිහින් ඔබ කලින් ස්ථාපනය කරගත් මෘදුකාංගය මගින් එය Open කරගන්න.

7. දැන් එම මෘදුකාංගය මගින් , ඔබගේ අන්තර්ජාල සබදතාවේ වේගය අනුව එය download වේවි. බොහෝ විට එය My Documents\Downloads යන තැනට තමයි download වෙන්නේ.

හරි දැන් ඔයාලා ටොරන්ට් file එකක් මගින් ඔයාලට අවශ්‍ය දේ ගන්න හැටි දන්නවා. මම පහලින් කියලා දෙන්න  යන්නේ ටොරන්ට් seed කරනවා කියන්නේ මොකද්ද, වගේ පුංචි ප්‍රශ්ණ කීපයකට උත්තර වගයක්. මම මේ පිලිබද ඔයාලට කියලා දෙන්න තොරතුරු හොයද්දි මට හමුවුනා ඒ පිලිබදව හොදින් විස්තර කරලා තියන වෙබ් අඩවියක්. මම එයින් උපුටාගත් කොටසක් මෙහි සදහන් කරන්නම්. මම සාමාන්‍යයෙන් උපුටා ගන්නේ නෑ.නමුත් මේ කොටසනම් උපුටා ගන්න වෙනවා. මොකද මම මේ කොටස උපුටා ගන්න තීරනය කලේ ඔයාලට ටොරන්ට් පිලිබදව හොද දැනුමක් ලබා දෙනු පිනිසමයි.
උපුටා ගැනීම www.baiscopelk.com වෙබ් අඩවියෙන්.

ටොරන්ට් Client එකක් යනු!

ටොරන්ට්  Client එකක් කියන්නෙ මේ බාගත කිරීමේ ක්‍රියාව කළමණාකරනය කරගැනීමට සැදු මෘදුකාංගයක්. මේවා නොමිලේ ලබාදෙන අතර බොහොම සැහැල්ලු මෘදුකාංග කියල කියන්න පුලුවන්.

ටොරන්ට් Tracker එකක් යනු!

මේක සේවාවක්. මෙමගින් කරන්න ලොව පුරා ටොරන්ට් මගින් බාගත කරන අය සම්බන්ද කරගෙන ඔවුන්ව කළමනාකරණය කිරීමයි..

ටොරන්ට් ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද?

ටොරන්ට් ක්‍රියාත්මක වෙන්නෙ මෙහෙමයි..හිතමු X ගාව අලුත්ම චිත්‍රපටියක් තියෙනව කියල,ඔහු ඒක බෙදාදෙන්න කැමතියි අනික් අයටත්.. ඔහුට පුලුවන් ටොරන්ට් ෆයිල් එකක් හදන්න.. හදල ඒ ෆයිල් එක දෙනව Z ට.. එතකොට Z මේක තමන්ගේ ටොරන්ට් මෘදුකාංගය හරහා බාන්න පටන් ගන්නව.. X මේ චිත්‍රපටය කොහෙටවත් අප්ලෝඩ් කලේ නෑ නෙ..Z බානකොට මේ ටොරන්ට් එක යන්නෙ X ගේ පරිගනකයේ ඉදල.. මෙහිදි මෙම ක්‍රියාව කළමනාකරණය කරන්නෙ Tracker එකක් මගින්.. ඒ නිසා Xට සිදුවෙනව Z මේක බාල ඉවර වෙනකම්ම මේ චිත්‍රපටිය අප්ලෝඩ් කරන්න,මේකට තමයි සීඩ් කරනව කියන්නෙ.. දැන් ඔන්න Z ගාවත් අදාල චිත්‍රපටිය තියෙනව.. මේක තමයි මූලික සිද්දාන්තය.


දැන් බලමු ප්‍රසිද්ධම චිත්‍රපටි වලට වෙන දේ මොකද්ද කියල.

මෙහිදී යම් පුද්ගලයෙක් හැදුව ටොරන්ට් ෆයිල් එක (චිත්‍රපටය නෙවෙයි)අප්ලෝඩ් කරනව මෙහෙම ටොරන්ට් බෙදාහරින වෙබ් අඩවියකට. දැන් සීඩර්ස්ල 1 යි. අපි හිතමුකො මේ චිත්‍රපටය හොය හොයා ඉන්න පුද්ගලයන් 10 දකිනව මේ ටොරන්ට් එක. එයාල මේක බාගන්නව. බාගන්න අතරතුර අප්ලෝඩ් කරනව. දැන් සීඩර්ස්ල 10යි. ඔන්න තව 100 දෙනෙක් මේ ටොරන්ට් එක දැකල බාගන්නව,ඒ ගමන්ම අප්ලෝඩ් කරනව. දැන් සීඩර්ස්ල 100යි. මේ විදියට තමයි අපි බාන ජනප්‍රිය චිත්‍රපටි අපේ පරිගනකයට එන්නෙ. ඒ කියන්නෙ ඔබේ පරිගනකයට මේ චිත්‍රපටය ආවෙත් වෙනත් කෙනෙක් හරහා චිත්‍රපටය බාගත්තට පස්සෙත් ටික වෙලාවක් සීඩ් කරල තවත් ඔබ වගේම කෙනෙක්ට ඒ උදව්ව කරන්න.

Note: ටොරන්ට් එකක් සම්පූර්ණයෙන්ම download කරගෙන seed කරන අය ඔයාලගේ ටොරන්ට් client එකේ seeds කියන තැනින් පෙන්නනවා. ඒ වගේම එතනම තියන peers නැතහොත් leechers කියන තැනින් මේ ටොරන්ට් එක download කරගන්න ගමන් seed කරන අය ගණන පෙන්නනවා. සාමාන්‍යයෙන් seeders ලා වැඩි leechers අඩු ටොරන්ට් එකක් ඔයාලට ‍තෝරගන්න පුලුවන්නම්, ඔයාලට ඉක්මනින් මේ ටොරන්ට් එක download කරගන්න පුලුවන්.

ඒ වගේම ටොරන්ට් file එකක්, ඔබ මගේ වෙබ් අඩවියෙන් නැතුව වෙනත් ටොරන්ට් වෙබ් අඩවි වලින් ‍තෝරා ගන්නවානම්, එම file එක තියන තැන විවිධ පුද්ගලයන් විසින් දමා තිබෙන comments ගැනත් සැලකිලිමත් වන්න. එතැන fake කියලා හෝ මේක download කරන්න එපා කියලා දමා තිබෙනවානම් එම file එක download කරන්න එපා. මොකද ඒ file එක වෛරස් ආදිය තියන බොරු එකක්  හෝ paasword දමා තිබෙන එකක් විය හැකිය.

මගේ දෙවන ලිපියෙන් ඔයාලට Seeds වැඩි කරගන්නා අන්දම කියලා දෙන්නම්. මෙම ලිපියෙන් ඔයාලා වැදගත් දෙයක් ඉගෙන ගත්තනම් Comment එකක් දාලා යන්න.



Torrent ( ප්‍රවාහය ) - දෙවන කොටස >>



Saagaraya Tricks, Torrent ගැන සිංහලෙන්, ටොරන්ට් වෙබ් අඩවි,

6 comments:

  1. niyamai.mara danumak matanam hamba une.torrent gana danagena hitiyata download karana hati danagatte dan.thnkxxx bro.keep it up....

    ReplyDelete
  2. @ sandun nilanka, Anonymous :

    බොහෝම ස්තුතියි කොල්ලනේ Comments වලට...

    ReplyDelete
  3. wadagath lipiyak...........

    ReplyDelete
  4. Replies
    1. ගොඩක් ස්තුතියි කමන්ට් එකට :)

      Delete