Torrent (ප්‍රවාහය) - දෙවන කොටස - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Friday, August 19, 2011

Torrent (ප්‍රවාහය) - දෙවන කොටස

Torrent (ප්‍රවාහය) - දෙවන කොටස


අපි පලමු ලිපියෙන් Torrent කියන්නේ මොනවද කියලා දැනගත්තනේ. අපි අද ඒකටම සම්බන්ධ වෙනත් දෙයක් ගැන දැන ගනිමු. ඔයාලා පළමු ලිපිය කියව්වේ නැත්නම් මෙතනින් ගොස් කියවන්න.


මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ Torrent වලින් මොනවා හරි File එකක් ගන්නකොට Seeds ලා ටිකක් වැඩිකරගන්න හැටි. සමහරුනම් දන්නවත් ඇති. මම මේ කියලා දෙන්නේ නොදන්නා අයටයි.


ටොරන්ට් එකේ Seeders ලා ටිකක් වැඩිකරගන්නේ කොහොමද?


මුලින්ම ඔයාලා Torrentz Site එකට යන්න.

Torrentz Site

ඊට පස්සේ ඔයාලට අවශ්‍ය File එකේ නම ගහලා Search කරන්න. මම ගැහුවේ The Kings Speech 2010 චිත්‍රපටය.

Torrentz


දැන් අපි ඒ ඔයාල Search කරපු File එකේ Fake නොවන File එකක් download කරගන්න ඕනේ.

Torrentz


මුලින්ම අපි බලන්න ඔනේ අපි ‍තෝරගන්න File එකේ සීඩ් හොදට තියන Torrent එකක් (අංක 1). ඊට පස්සේ ඔයාලට වැදගත්නම් File Size එක බලාගන්න පුලුවන්. මම එහෙම කිවේ, සමහරු Movie එකක් Download කරන්න යනකොට මුලින්ම බලන්නේ File Size එකනේ (අංක 2). මම මේ Download කරන්න ‍තෝරගත්තේ Movie එකක් නිසා මොන කොපියක්ද තියෙන්නේ කියලා ඊලගට බලන්න ඔනේ(අංක 3). මේක DVDRip කොපියක්. කොලිටිය අනුව මෙහෙමයි මේ කොපි වෙන් වෙන්නේ.

BDRip > BRRip > DVDRip > R5 > DVDSCR > TS > Cam

BDRip තමයි හොදම කොලිටි කොපිය.

ඉතින් මේ Movie එකේ කොලිටිය සාමාන්‍යයෙන් හොදයි. හොදට සීඩ් එහෙමත් තියන නිසා මම මේක ‍තෝරාගන්නවා. ඊට පස්සේ ඒක ක්ලික් කරන්න.

ඉන්පසුව මේක Download කරගන්න වෙබ් සයිට් ටිකක් එනවා. ඒවගෙන් ඔයාලා වෙනද Download කරගන්නා වෙබ් සයිට් එකෙන් මේක Download කරගන්න.

Torrentz


එහෙමටම කියන්න වෙබ් අඩවියක් ඔයාලා දන්නේ නැත්නම් මම පහල කියලා තියන Site වලින් එකකින් Download කරගන්න. මම මේ දාලා තියෙන්නේ මම පෞද්ගලිකව අනුමත කරන, දැනට මම භාවිතා කරන ටොරන්ට් වෙබ් අඩවි ටිකක්.

  • 1337x.org
  • h33t.com
  • kat.ph 
  • thepiratebay


හොදයි මම ‍තෝරාගන්නේ kat.ph කියන වෙබ් අඩවියයි.

Torrentz


ඉන්පසු එය ක්ලික් කරන්න. ඊට පස්සේ Torrent එක Download කරන්න Kat.ph සයිට් එක, වෙන වින්ඩෝ එකකින් Open වෙනවා. එය මෙසේ පෙන්නනවා.

kat.ph



එහි අංක 1 හි සදහන් වන Download Torrent යන තැන Click කර torrent file එක download කරගන්න.



kat.ph

ඉන්පසු Download කරගත් file එක Click කර ඔබේ Computer එකේ install කර තිබෙන µTorrent හෝ BitTorrent Software එකෙන් Open කරගන්න.

එම Software ඔබේ පරිගණකයට Install කර නොමැතිනම් පහතින් Install කරගන්න.


Download කරගත් Torrent file එක Open කරගත් පසු එය ඔබට මෙසේ දර්ශනය වේ.

µTorrent


මම Install කර තිබෙන්නේ µTorrent නිසා මෙසේ දැක්වේ. ඔබගේ Software එක අනුව මෙය වෙනස්වේ.

එහි Advanced කියන එක ක්ලික් කර එන Window එකේ උඩින්ම තියන Trackers කියන එක හොයා ගන්න ඕනේ.

µTorrent

හරි ඒක ඔහොම්මම  තියාගෙන නැවත අර Torrentz Site එකේ Torrent Trackers කියන තැන හොයා ගන්න (අංක 1).

Torrentz

Torrent Trackers

ඊට පස්සේ අංක 2 හි සදහන් කර ඇති ආකාරයට එහි යටින් ඇති µTorrent compatible list here යන්න Click කරන්න. ඉන්පසු එයින් Open වන window එකෙහි ඇති Torrent Trackers ලා ඔක්කොම Copy කරගන්න.

Torrent Trackers

ඉන්පසු කලින් open කරගත් file එකේ Trackers කියන තැනට යටින් Paste කරගන්න.

utorrrnt Trackers


ඉන්පසු Ok කර File එක Download කරගන්න.


මෙම ලිපියෙන් ඔයාලා වැදගත් දෙයක් ඉගෙන ගත්තනම් Comment එකක් දාලා යන්න.

<< Torrent ( ප්‍රවාහය ) - පළමු කොටස Torrent ( ප්‍රවාහය ) - තුන්වන කොටස >>



Saagaraya Tricks, Torrent ගැන සිංහලෙන්, ටොරන්ට් වෙබ් අඩවි, Torrent එකක් Download කරන්නේ කොහොමද,

2 comments:

  1. niyamai Saho... ubala wage kuhaka nethi dannade wena eakekuta kiyanaayata tahama niyama maussakama thiyenne mama Wish karanawa denuma wedi wediywn lebewa...! kiyala

    ReplyDelete
  2. @ Anonymous :

    බොහෝම ස්තුතියි මචන් Comment එකට. අනිවාරයෙන්ම මම දන්න හැම දෙයක්ම ඔයාලට කියලා දෙනවා...

    ReplyDelete