අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ පොඩි වින්ඩෝස් ට්‍රික්ස් එකක් ගැන. ඒ Start Menu එකේ මෙනු පෙන්නන වේගය ටිකක් වැඩි කරගන්නා අන්දම. සමහරවිට මේක කරන්න දන්න කට්ටියත් ඉන්න පුළුවන්. නොදන්න කට්ටිය ඉන්නවනම් මම මේ පහල කියලා තියන විදිහට කරගෙන බලන්නකෝ. මුලින්ම කියන්න ඕනේ මේක කරන්න අවශ්‍ය වෙන්නේ Windows XP මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන අය පමණයි. Windows 7 වගේ මෙහෙයුම් පද්ධති භාවිතා කරන අය මේක කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඒ මොකද Win XP වලට වඩා Win 7 වල ස්පීඩ් එක කොහොමත් වැඩි නිසා.
මේක කරන්න කලින් ඔයාලා Start Menu → All Programs ගිහින් බලන්න ඔයාලගේ මෙනු පෙන්නන වේගය කොහොමද කියලා.

මේක ටිකක් වේගවත් කරගන්න කැමතියි නම් මම පහල කියලා තියන විදිහට කරගෙන බලන්න.
Menu ලැබෙන වේගය වැඩි කරමු
1. මුලින්ම ඔයාලා Registry Editor එක open කරගන්න ඕනේ. ඒ සදහා Start මෙනු එකේ තියන Run කියන program එක open කරගෙන, එහි regedit යන්න type කර ok කරන්න.

එවිට පහත ආකාරයෙන් Registry Editor එක open වෙනවා.

2. මීලගට ඔයාලා මේ Registry Editor එකේ MenuShowDelay කියන තැන හොයාගන්න ඕනේ. මේක හොයාගන්න හැටි දැන් මම ඔයාලට කියලා දෙන්නම්.. පහත රූපය බලන්න. මම ඔයාලට හදුනගන්න පුලුවන් වෙන්න වැදගත් තැන් Highlight කරලා තියනවා

HKET_CURRENT_USER කියන folder එක යටතේ තියන Control Panel කියන folder එක හොයාගෙන, ඒ යටතේ තියන Desktop කියන folder එක උඩ ක්ලික් කරන්න. එතකොට ඔයාලට උඩ රූපයේ පෙනෙන අන්දමට දකුණු අත පැත්තෙන් MenuShowDelay කියලා තියන තැන හොයාගන්න පුලුවන්.
HKET_CURRENT_USER\Control Panel\Desktop
3. දැන් MenuShowDelay කියන එක double click කරන්න . එතකොට ඔයාලට පහත රූපයේ පෙනෙන ආකාරයට අලුත් වින්ඩෝ එකක් open වේවි.

4. දැන් එහි Value data කියන තැන ඔබට පේනවා නේද? එතන සාමාන්‍යයෙන් තියෙන්නේ 400 වගේ සංඛ්‍යාවක්. එතෙන්ට 100 ත් 70 ත් අතර සංඛ්‍යාවක් දාලා OK කරන්න. සාමාන්‍යයෙන් හොදම අගය තමයි 100 ය. නමුත් ඊට අඩු ගණනක් වුනත් දාගන්න පුලුවන්. මම දැම්මේ 70 ව.

5. හරි දැන් ඒක OK කරන්න. දැන් මේ Registry Editor එක Close කරලා දාලා Computer එක Restart කරන්න. ඊට පස්සේ බලන්නකෝ කලින් තිබුනට වඩා මෙනු ලැබෙන වේගය වැඩියිද කියලා...
මේ ලිපිය ඔයාලට වැදගත් වුනානම් Comment එකක් එහෙම දාලා යන්න. ඒ වගේම දන්නේ නැති යමක් තියනවනම් ඒක අහන්නත් අමතක කරන්න එපා.
මේ ලිපිය ඔයාලට වැදගත් වුනානම් Comment එකක් එහෙම දාලා යන්න. ඒ වගේම දන්නේ නැති යමක් තියනවනම් ඒක අහන්නත් අමතක කරන්න එපා.
windows 7 wala mama stiky note eka open karala ccleaner eken eka open wena eka delay kara eth dan mama ea delay wena eka nawaththala startup eken eka ain kara eth kochchara close karath machine eka on karaddi aye parakku wela on wenawa.eka hari wadayak.kohomada ain kara ganne kyla mail ekak danna puluwanda. fbninja1995@gmail.com
ReplyDelete