Nihanda Gamane (Bambara Nade) - Bachi Susan ft Shanika - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Sunday, June 28, 2015

Nihanda Gamane (Bambara Nade) - Bachi Susan ft Shanika


බාචි සුසාන් සහ ශානිකා මධුමාලි විසින් ගායනා කරන "නිහඬ ගමනේ (බඹර නාදේ)" කියන ගීතය, මේ දිනවල නිතර ඇසෙන ජනප්‍රිය ගීතයක්. මේ ගීතයේ පද රචනය, සජිත් චතුරංග විසින් සිදු කර ඇති අතර සංගීතය සපයන්නේ කේශාන් පෙරේරා විසිනුයි.

මෙම ගීතයේ පද රචක සජිත් චතුරංග කියන විදිහට, ඔහුත් කේශාන් පෙරේරාත් මේ සිංදුව නිර්මාණය කරලා තියෙන්නේ චිත්‍රපටියකට. නමුත් එම චිත්‍රපටිය නිර්මාණය වෙලා නෑ. ඊට පස්සේ තමයි ඔවුන් මේ සිංදුව බාචි සුසාන් සහ ශානිකා මධුමාලි සමග එක්වී නිර්මාණය කරලා තියෙන්නේ.


"ලබන හැම ආත්මයම ඔබගේ - ලඟම ඉන්නයි මම නම් පැතුවේ
පණට පණ දී මදිවිකතරේ - නොයමි රහසේ රකිමි පණ සේ.."


ඔබ ලබන ආත්මයක් ආත්මයක් ගානේ ඔබ ලගින්ම ඉන්නයි මම ප්‍රාර්ථනා කරන්නේ. මගේ ජිවීතය පුරාවටම මම ඔයාව පණ වගේ බලාගන්නවා. කවමදාවකවත් ඔයාව තනි කරලා දාලා මම යන්නේ නෑ.

Nihanda Gamane (Bambara Nade) - Lyrics

ıllıllı -----| නිහඬ ගමනේ |----- ıllıllı

නිහඬ ගමනේ මේ තරම් දුර
ඇවිද අපි එක වාගේ...
මිහිරි මතකේ සැරිසරා ඔබ
නවාතැන් ගෙන දෑසේ...

බඹර නාදේ... ඇසෙන මානේ...
‍රැ‍ඳෙනු මාගේ... සුවඳ වාගේ...//

ප්‍රාර්ථනා තවරා ආදරේ
ඉන්න ඉඩදෙන්න තුරුලේ...
හිනැහෙනා... කල්පනා...
ඔබ නිසයි ජිවිතේ

ඇඟිලි තුඩු තදකර මගේ නළලේ...
සිඹින සියුමැලි නුඹෙ දෙතොලතරේ...
ගැඹුරු හද කැලඹුව ඔය කඳුලේ...
රහස නොහැඟේ මගෙම ලඳුනේ...

දෑත් විදා ලමැදේ ආදරේ
දෙන්න විඳගන්න රිසි සේ...
නොම නොවේ... කිසිදිනේ...
පෙම් පැතුම් මා හදේ

ලබන හැම ආත්මයම ඔබගේ...
ලඟම ඉන්නයි මම නම් පැතුවේ...
පණට පණ දී මදිවිකතරේ...
නොයමි රහසේ රකිමි පණ සේ...

නිහඬ ගමනේ මේ තරම් දුර
ඇවිද අපි එක වාගේ...
මිහිරි මතකේ සැරිසරා නුඹ
නවාතැන් ගෙන දෑසේ...

බඹර නාදේ... ඇසෙන මානේ...
‍රැ‍ඳෙනු මාගේ... සුවඳ වාගේ...//
Title : Nihanda Gamane (Bambara Nade)
Artist/s : Bachi Susan & Shanika Madhumali
Lyrics : Sajith V Chaturanga
Music : Keshan Perera


Nihanda Gamane (Bambara Nade) - Video




Nihanda Gamane (Bambara Nade) - MP3


    ➥ Nihanda Gamane (Bambara Nade) - Bachi Susan ft Shanika - [128kbps]
    MP3 via ananmanan.lk


Saagaraya Songs, Sinhala MP3, Sinhala Songs Lyrics, Nihanda Gamane, Bambara Nade, බාචි සුසාන්, ශානිකා මධුමාලි, සජිත් චතුරංග, කේශාන් පෙරේරා, බඹර නාදේ, නිහඬ ගමනේ,

No comments:

Post a Comment