Blogger Tutorials 4 - අලුත් ලිපියක් ලියමු (I) - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Sunday, September 30, 2012

Blogger Tutorials 4 - අලුත් ලිපියක් ලියමු (I)

Blogger Tutorial 4 - අලුත් ලිපියක් ලියමු (I)

හොදයි. එහෙනම් අද අපි Blogger සම්බන්ධයෙන් තවත් පොඩි කරුණු ටිකක් දැනගනිමු. ඔයාලට මතක ඇති කලින් ලිපියෙදි මම කියලා දුන්නා Dashboard එක කියන්නේ මොකද්ද කියලා. ඒ වගේම Dashboard එකේ අඩංගු වෙන සමහර Option ගැනත් අපි කතා කරා. කලින් ලිපිය බැලුවේ නැත්නම් මෙතන පහල ලින්ක් එකෙන් ගිහින් ඒක බලලා එන්න.

Blogger Tutorials 3 - Dashboard එක ගැන විස්තර ටිකක්



හරි. මතක ඇතිනේ ඒ ලිපිය අන්තිමේදි මම කොටස් ටිකක් සරලව ඔයාලට හදුන්වලා දුන්නා. ඒ ලිපිය දිග වැඩිවෙන නිසා තමා එහෙම සරලව මම එතන හදුන්වලා දුන්නේ. ඉතින් අද අපි ඒ සරලව හදුන්වලා දුන්න කොටස් ටික ගැන දීර්ඝව කතා කරමු. හොදයි අපි ඒ ලිපියේ අන්තිමට කතා කර කර හිටියේ මේක ගැනයි.

Dashboard

Contents :

අපි අද කතා කරන්න බලාපොරොත්තු වන්නේ ඔකේ පලවෙනි Option එක ගැන හෙවත් කොහොමද අලුතෙන් ලිපියක් ලියන්නේ කියලයි.



•?((¯°·._.• අලුතෙන් ලිපියක් ලියන්න ආරම්භ කරමු •._.·°¯))؟•

New Post 

මුලින්ම ඔයාලා ඔතන තියන New Post කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මම පහල දාලා තියනවා වගේ වෙනවම පි‍ටුවකට එනවා. මෙතන තමයි අපි ලිපි ලියන්නේ.

Post


ඔයාලට තේරුම් ගන්න පහසු වෙන්න, මේක මම කොටස් කිපයකට වෙන් කරගන්නවා.


Post

Contents :

1 වෙනි කොටස - ලිපිය ලියන තැන
2 වෙනි කොටස - ලිපිය ලියන්න භාවිතා කරන
3 වෙනි කොටස - ලිපිය Publish කරන තැන
4 වෙනි කොටස - Post Settings

හොදයි. අපි දැන් ඔතන 1 වෙනි කොටස ගැන කතා කරමු.




1 වෙනි කොටස - ලිපිය ලියන තැන

මෙතනින් වැඩි දෙයක් නෑ. මෙතන තමා අපි ලිපිය ලියන්නේ. ඉතින් ඔයාලට කැමති වෙදිහට ලිපිය මෙතන Type කරන්න පුලුවන්.

Post


අපි මේ විදිහට ලිපි ලියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඔයාලගේ බ්ලොග් එක බලන අයට දැනුමක් සහ විනෝදයක් ගෙන දීම. ඒ වගේම තව සැගවුනු දෙයක් තියනවා. ඒක තියෙන්නේ අපේ හිතේ. ඒ තමා අපේ මේ බ්ලොග් එක බලන අයව නිතර නිතර අපේ මේ බ්ලොග් එකට ගෙන්වා ගැනීමේ බලාපොරොත්තුව. එතකොට තමා ඔයා ලියන ලිපි ජනප්‍රිය වෙලා ඒවට නියම වටිනාකමක් හම්බවෙන්නේ. ඉතින් ඒ අයව නිතර නිතර ගෙන්වා ගන්නේ කොහොමද? ඒක කරන්න පුලුවන් වෙන්නේ මෙහෙමයි. ඔයා ලියන ලිපිය, බලන කෙනාගේ ඇස පිනවන්න පුලුවන් විදිහට ලියන්න. මොකද අපි කවුරුත් කැමතියි ලස්සනට. ඉතින් කොහොමද ලස්සන ලිපියක් ලියන්නේ. අපි මෙතන සාමාන්‍ය ලියන විදිහට ලියලා Post කරා කියලා ඒක ලස්සන ලිපියක් වෙන්නේ නෑ. ඒකට පිංතුර එකතු කරලා, වෙනස් අකුරු වලින් ලියලා, වැදගත් වචන හයිලයිට් කරලා, වගේ දාපුවාම තමා ඒ ලිපියට නියම ලස්සනක් එකතු වෙන්නේ.. ඉතින් ඒ වගේ පොඩි පොඩි දේවල් කරගන්න අපිට පොඩි ටූල් වගයක් ඔනේ වෙනවා. අන්න ඒක ගැන කතා කරන්න තමයි දැන් යන්නේ. අපි යමු 2 වෙනි කොටසට.




2 වෙනි කොටස - ලිපිය ලියන්න භාවිතා කරන Tools

හොදයි. මෙතන තමා අපිට ගොඩක් වැදගත් වෙන Tool ටික තියෙන්නේ. මුලින්ම පොඩි ස්ක්‍රීන් ෂොට් එකක් බලමුකෝ.

ලිපිය ලියන්න භාවිතා කරන Tools

Contents :

  1. Compose/HTML
  2. Undo/Redo
  3. Font
  4. Font Size
  5. Headings
  6. Bold/Italic/Underline/Strikethrough
  7. Text Color
  8. Background Color
  9. Add or Remove Link
  10. Insert Image
  11. Insert a Video
  12. Insert Jump Break
  13. Alignment
  14. Numbered/Bullet List
  15. Quote
  16. Remove Formatting
  17. Check Spelling

1 -: >> Compose/HTML

හරි. මුලින්ම අපි Compose සහ HTML ගැන කතා කරමු. Compose එකේ තමා ඔයා ලිපිය Type කරන්න ඔනේ. ඒකට අදාල HTML කෝඩ් ටික HTML කියන එකේ ලියවෙනවා/ තියනවා. උදාහරණයක් විදිහට පහල රූපය බලන්නකෝ.

Compose/HTML

Compose යටතේ වම් පැත්තේ තියෙන්නේ අපි Type කරමු වචන ටික. ඒකට අදාල HTML කෝඩ් ටික බලාගන්න ඔනෙනම් HTML කියන එක ක්ලික් කරන්න. ඒ කෝඩ් ටික තමා දකුණු පැත්තේ තියෙන්නේ. මම හිතනවා තේරෙන්න ඇති කියලා.



2 -: >> Undo/Redo

ඊලගට තියෙන්නේනම් ඔයාලා හොදටම දන්න කියන එකක්. ඒ තමා Undo, Redo  Button දෙක. ටයිප් කරද්දි ඔයාලා අතින් මොනවා හරි වැ‍රැද්දක් වුනොත් Undo කරන්න පුලුවන්. ඒ වගේම Redo කරන්න පුලුවන්. ඔයාලා දන්නවනේ මේ දෙක. සාමාන්‍යයෙන් හැම කෙනෙක්ම භාවිතා කරන Button දෙකක්.



3 -: >> Font

මෙතනින් අපිට, අපි Type කරපු වචන වල Font එක වෙනස් කරන්න පුලුවන්. ටයිප් කරපු වචනය Select කරලා f අකුර ක්ලික් කරපුවාම තව මෙනු එකක් එනවා. එතනින් ‍තෝරන්න පුලුවන් අපිට අවශ්‍ය font එක...

Font


4 -: >> Font Size

මෙතනින් අපි Type කරපු වාක්‍යයේ Font Size එක වෙනස් කරන්න පුලුවන්.

Font Size


 5 -: >> Headings

මෙතනිනුත් අපිට පුලුවන් අපි Type කරන වචනයක Font Size එක වෙනස් කරගන්න. නමුත් අර ක්‍රමයට නෙවේ වෙනස් වෙන්නේ. මෙතන භාවිතා වෙන්නේ HTML වල භාවිතා කරන <h2>, <h3>, <h4> ටැග් ටිකයි.

Headings


සාමාන්‍යයෙන් <h1> ඉදන් <h6> යනකම් තිබ්බට අපිට මෙතනින් පුලුවන් වෙන්නේ <h2> ඉදන් <h4> යනකම් තියන ගැග් එකතු කරගන්නයි. උදාහරණයකට මුල ඉදන් ගත්තහම මෙහෙම තමා Font Size එක වෙනස් කරගන්නේ.

Headings


HTML <h1> to <h6> ටැග් ගැන සම්පූර්ණ විස්තරයක් මම ලගදිම ඔයාලට කියලා දෙන්නම්.



 6 -: >> Bold/Italic/Underline/Strikethrough

මේ ටිකනම් ඔයාලා දන්නවා. Bold, Italic, Underline, Strikethrough, කරන්න තමා තියෙන්නේ...උදාහරණයකට පහල රූපය බලන්නකෝ.

Bold/Italic/Underline/Strikethrough


 7 -: >> Text Color

මෙතනින් කරන්නේ අපි ලියන අකුරු වල පාට වෙනස් කරන එකයි.

Text Color

පාට වෙනස් කරන්න ඔන වචනය Select කරලා පාටක් ‍තෝරන්න තියෙන්නේ. උදාහරණක් පහල තියනවා.

Text Color



 8 -: >> Text Background Color

මෙතනින් වෙන්නේ අපි Type කරපු වචනයක Background එකේ පාට වෙනස් කරන එකයි.

Text Background Color

Background එකේ පාට වෙනස් කරන ඔනේ වචනය Select කරලා මෙතනින් පාටක් ‍තෝරන්න.

Text Background Color


 9 -: >> Add or Remove Link

මෙතනින් ඔයාලගේ ලිපියට ලින්ක් එකක් ඇඩ් කරගන්න පුලුවන්. මුලින්ම ඔතන තියන Link කියන එක ක්ලික් කරන්න.

Add or Remove Link


  • Text to display : මෙතෙන්ට ඔයාල ලින්ක් එක දාන්න ඔනේ වචනය දෙන්න.
  • Link to : උඩ වචනය ක්ලික් කරපුවාම ඔයාලට වෙන වෙබ් අඩවියක් Open කරගන්න ඔනෙනම්, ඔයාලා Web Address කියන එක ‍තෝරලා එතන එහා පැත්තට URL එක දෙන්න. Test this link කියන එකෙන් ඔනෙනම් ලින්ක් එක Test කරගන්න පුලුවන්. උඩ දුන්න වචනේ ක්ලික් කරපුවාම ඔයාලට ඊමේල් එකක් එවන්න පුලුවන් විදිහට හදාගන්න ඔනෙනම් ඔයාලා තොරන්න ඔනේ Email Address කියන එකයි. ඒක ‍තෝරලා එහා පැත්තට Email Address එක දෙන්න.
උඩදි දුන්න Link එක වෙනම window එකකින් Open කරගන්න ඔනෙනම් Open this link a new window කියන එකට ටික් මාර්ක් එකක් දාන්න.
ඔයාලා දාන ලින්ක් එක Nofollow ලින්ක් එකක් කරගන්න ඔනෙනම් මේකට ටික් මාර්ක් එක දාන්න. ටික් මාර්ක් එක දැම්මේ නැත්නම් ඒ ලින්ක් එක වැටෙන්නේ Dofollow ලින්ක් එකක් විදිහට. මේ Nofollow, Dofollow ගැන වැඩි විස්තර ටිකක් මම පස්සේ තේරුම් කරලා දෙන්නම්. දැනට ඒ ටික් එක දාන්නේ නැතුව ලින්ක් එකක් ඇඩ් කරන්න.

ඒ වගේම ඔයාලා කලින් ලින්ක් එකක් දාලා තියනවනම් මේක ක්ලික් කරලා ඒ ලින්ක් එක අයින් කරගන්නත් පුලුවන්.



 10 -: >> Insert Image

මෙතනින් තමයි අපි අපේ ලිපියට Image එකක් ඇඩ් කරගන්නේ.

Insert Image


සාමාන්‍යයෙන් අපි Gmail Account එකක් හදපුවාම ඔයාලට නොමිලේ Picasa Account එකකුත් හැදෙනවා. ඉතින් මේ මුලින්ම තියෙන Upload කියන තැනෙන් ඔයාලගේ Computer එකේ තියන Photo එකක් Upload කරගන්න පුලුවන්. සමාන්‍යයෙන් අප්ලෝඩ් වෙන්නේ මේ Picasa web album එකට. ඔතන Upload කියන තැනට එහා පැත්තේ Choose files කියන තැනින් ඔයාලගේ Computer එකේ තියන Image එක ‍තෝරන්න. එතකොට අප්ලෝඩ් වෙනවා.
From this blog, From Picasa Web Albums කියන දෙකෙන්ම වෙන්නේ ඔයාල කලින් අප්ලෝඩ් කරලා තියන පිංතුරයක් ‍තෝරගන්න එක. ඔයාලා කලින් Picasa web album එකට Image එකක් අප්ලෝඩ් කරලා තියනවනම් ඔතනින් ඒක ‍තෝරගන්න පුලුවන්.
From Your Phone කියන තැනින් Download කරගන්න ඇප් එකක් දෙනවා. ඒක දාගෙන ඔයාලගේ Phone එකෙන් පිංතුර අප්ලෝඩ් කරන්න පුලුවන්.
From Your Webcam කියන එකෙන් ඔයාලගේ වෙබ් කැම් එකක් තියනවනම් එකේන් Photo එකක් අරගෙන ඒක අප්ලෝඩ් කරගන්න පුලුවන්.
From a URL කියන එකෙන් ඔයාලා වෙන තැනකට අප්ලෝඩ් කරලා තියන පිංතුරයක් මේකට ඇඩ් කරගන්න පුලුවන්. පිංතුරයේ Direct link එක මෙතෙන්ට දෙන්න ඔනේ.
උදා -:

http://i.imgur.com/Gt23Q.jpg

මම ඔයාලට දෙන්නම් පිංතුර අප්ලෝඩ් කරන්න හොද සයිට් ටිකක්.

  • imgur.com
  • flickr.com
  • tinypic.com
  • imageshack.us

මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ imgur.com කියන සයිට් එකටයි. ඒක තමා මට හොදම.



ඊලග කොටස

Blogger Tutorials 4 - අලුත් ලිපියක් ලියමු (II)




Blogger සම්බන්ධ අලුත් තොරතුරු ඔක්කොම ඔයාලට මෙතනින් බලාගන්න පුලුවන්.

All Blogger Tutorials




Tags : blogger widgets, blogger tricks 2012, blogger tricks and hacks, top blogger tricks, blogger tricks and tools, blogger tricks meta tags, blogger tricks toolz, blogger tips and tricks 2012, Blog about Blogger Tips, Blogger Templates, Widgets, hacks, Blogger Tricks, Blogger and blogs, creating your blog, blogger writing tips, widgets, design, templates, themes, SEO, social media, Find Blogger Widgets, Blogger Gadgets, Blogging tips, Free Templates, Plugins, SEO, complete list of blogger tutorials, blogger tutorials 2012, blogger tutorials blog, blogger tutorials beginners, blogspot tutorials, blogger templates, blogger widgets, blogger tricks, blogger tips and tricks, blogger tips and tricks widget, blogger tricks, google blogger tips, blogger tips 2011, blogger tips and tricks 2012, Blog Tips in Sinhala, සිංහලෙන් බ්ලොග් ටිප්ස් , සිංහලෙන් ඉගෙන ගමු, Blogger ගැන සිංහලෙන්, කොහොමද Blog එකක් හදන්නේ, blogger tutorial සිංහලෙන්, Blogger Tips and Tricks, Best Blogger tips, Blogger Hacks, Blogspot Tutorial, Blogspot tips and Tricks, Blogger Templates, Seo tips, sinhala tutorial, sinhala tricks, tips, බ්ලොගර් උදවු, Blogger help, Blogger tricks and Tools, best blogger tips and tricks,


10 comments:

  1. බොහොම ස්තූතියි!

    ReplyDelete
  2. @ Chandi :

    Comment එකට බොහොම ස්තුතියි අක්කේ :)

    ReplyDelete
  3. විස්තර කරලා තියෙන්නේ නියමෙටම ...

    ReplyDelete
  4. @ Sanjaya සිතුවිලි :

    බොහෝම ස්තුතියි Comment එකට.. :)

    ReplyDelete
  5. නියමයි සහෝදරයා

    ReplyDelete
  6. මගේ යලුවෙක් මගෙන් ඇහුව බ්ලොග් හදන විදිය ගැන තියෙන සයිට් එකක් නැද්ද කියල.. ඉතින් මම sagaraya.blogspot එකෙ ගන කිව්ව.. මොකද මමත් බ්ලොග් ගැන ඉගෙන ගත්තේ sagaraya එකෙන් නිසා... ඉතින් මාස 2කට කලින් මම මේගැන කිව්වේ.
    දැන් මිනිහ බ්ලොග් සයිට් 3ක හිමිකරුවෙක්.
    ඉතින් මටත් මගේ යාලුවටත් දැනුම ගන්න පුලුවන් උන මේ අතිසාර්ථක පෝස්ට් ටික ගොඩාක් වටිනව...
    ඇත්තම කිව්වොත් ඉන්ටර්නෙට් එකේ කිසිම වෙබ් සයිටි එකක් නෑ මේ තරම් හොඳට බ්ලොගින් ගැන කියල දෙන....
    ඉතින් මේ හැම දේටම බොහොම ස්තූතිවන්ත වෙනවා..
    ඉදිරි කටයුතු සාර්ථක වේවා.
    ජයක්ම වේවා.....

    ReplyDelete
  7. @ SUNETH :

    Comment එකට බොහෝම ස්තුතියි සහෝදරයා.


    @ Sanjaya Thisara :

    බොහෝම ස්තුතියි සහෝදරයා comment එකට. ඔයාලා මේ විදිහට අපිව දිරි ගන්වන නිසා තමයි අපිටත් මේ විදිහේ ලිපි ලියන්න හිතෙන්නේ. ඉදිරියටත් ඔයාලා නොදන්න දේවල් ගැන කියලා දෙන්න මම පොරොන්දු වෙනවා. ඔයාටත් කරන කියන හැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.!!!

    ReplyDelete
  8. මාරම අවුල මචං මගේ ප්‍රොෆයිල් එක පෙන්නන් නෑනේ

    ReplyDelete
  9. @ Hasitha Chandimal :

    මට ඔයා කියපු දේ හරියටම පැහැදිලි වුනේ නෑ සහෝදරයා. ඔයාගේ ප්‍රශ්ණය තව ටිකක් පැහැදිලි කරලා කියන්න පුලුවන්නම් ගොඩක් හොදයි. උදාහරණයක් විදිහට කොතනට ගියපුවාමද ඔයාගේ ප්‍රොෆයිල් එක පෙන්නන්නේ නැත්තේ?

    ReplyDelete
  10. අපි බ්ලොග් එකක් අලුතින් හදපුවහම seach engings වල එක පෙන්නනවද????????????

    ReplyDelete