Lost (2004–2010) - දෛවයට ආමන්ත්‍රණය - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Tuesday, March 20, 2012

Lost (2004–2010) - දෛවයට ආමන්ත්‍රණය

Lost - දෛවයට ආමන්ත්‍රණය

ලොස්ට්. ලොස්ට් කිවාහම ඔයාලා හිතනවා ඇති මොකක් හරි නැති වෙලා එක හොයාගන්න එක තමා මේ කතාවෙන් කියවෙන්නේ කියලා. නමුත් ඊට වඩා ගැඹුරු සංකීර්ණ දෙයක් මේ කතාව ඇතුලත තියනවා. කතාව ගැන මම පොඩි විස්තරයක් කරන්නම්. ඔනේම දෙයක් පොඩ්ඩක් විස්තර කරලා දුන්නහම ටිකක් අගේ වැඩිවෙනවනේ. මගේ ලිපිවල විශේෂත්වය ඒකයි. ඔයාලට ‍ෆිල්ම් එකක් වුනත් දෙන්නේ මම පොඩි විස්තරයක් එක්ක. ඒ නිසා මම මේ කතාව ගැන පොඩි විස්තරයක් දෙනවා. හොදින් කියවන්න.

කතාව පටන් ගන්නේ ගුවන් අනතුරකින්. පටන් ගනිද්දිම අනතුර සිදුවෙලා තියෙන්නේ. මේ ගුවන් යානය දුපතකට කඩාගෙන වැටෙන්නේ මෙයාලගෙ වාසනාව නිසා. ගුවන් යානය කොටස් 2 කට තමා කඩාගෙන වැටෙන්නේ. එක කොටසක් දුපත මැද. අනිත් කොටස මුහුදු වෙරළේ. ටික දෙනෙක් මේ අනතුරෙන් බේරිලා ඉන්නවා. මේ අතර ඉන්න එකම ඩොක්ටර් තමා ජැක් කියන්නේ. ගොඩ පිරිසක් තුවාල වෙලා ඉන්නවා. සියලු දෙනාම ඉන්නේ මුහුදු වෙරළේ. මොවුන්ට බෙහෙත් කර කර හොද කරන්න ජැක් සෑහෙන්න මහන්සි වෙනවා. එදා ‍රැ එක පාරටම අමුතු සද්ද වගයක් මෙයාලට ඇහෙන්න ගන්නවා. මෙයාලා ටිකක් එළියට ඇවිදින් බලනකෝට ගස් පෙරලෙනවා, අමුතු සද්ද ඇහෙනවා. මොනවද මේ වෙන්නේ.....? මොනවද මේ වෙන්නේ කියන්න කවුරුවත් දන්නේ නෑ. පහුවෙනිදා උදේ ජැක් තීරණය කරනවා කඩා වැ‍ටුනු ප්ලේන් එකේ අනිත් කොටස හොයාගෙන යන්න. එකට එක හේතුවක් තමා ඒ කොටස තමා ප්ලේන් එකේ ඉදිරි කොටස. ගුවන් නියමුවන් ඉන්න කොටස.. ගුවන් යානයේ ට්‍රාන්ස්මීටරය හොයාගන්න පුලුවන් උනොත් මෙයාලට මෙතනින් බේරෙන්න පුලුවන්නේ. මේ ගමනට තව 2 නෙකුත් සම්බන්ධ වෙනවා Charlie සහ Kate.

මෙයාලා ඊටපස්සේ ගුවන් යානයේ ඒ කොටසේ හොයාගන්නවා. එකේ කවුරුවත් ජිවතුන් අතර නෑ. එක්කෙනෙක් ඉන්නවා. ගුවන් යානයේ නියමුවා. ඔහුගේ උදව්වෙන් ට්‍රාන්ස්මීටරය හොයාගන්නවා. එතකොටම ආයෙත් අර අමුතු සද්ද ඇහෙන්න පටන් ගන්නවා. නියමුවා එළියට ගිහින් මේ සද්දේ මොකද්ද කියලා බලනකොටම මෙයාව ඇදලා ගන්නවා. මෙයාට  මොකද්ද වුනේ කියන්න ජැක් චාර්ලි සහ කේට් ට හිතාගන්නවත් හම්බෙන්නේ නෑ. ඊට පස්සේ මේ 3 දෙනා එතනින් පැනලා දුවනවා. මෙයාලගේ පස්සේ මොකක්දෝ දෙයක් පන්නගෙන එනවා. මොකද්ද ඒ? ඊට ටික වෙලාවකට පස්සේ නියමුවාගේ මලසිරුර ගහක් උඩ තිබිලා මෙයාලා හොයාගන්නවා. කවුද නියමුවව මැරුවේ..........?
මෙයාලා හැකි ඉක්මනට අනිත් පිරිස ඉන්න තැනට එනවා. එතන ගිහින් බලනකොට ට්‍රාන්ස්මීටරය වැඩ කරන්නේ නෑ. නමුත් මේවා හදන්න දන්න කෙනෙක් ඉන්නවා Sayid කියලා.  එයාගේ උදව්වෙන් මේක හදාගන්නවා. ඊලගට තවත් ප්‍රශ්ණයක්. මේකට සිග්නල් එන්නේ නෑ.සිග්නල් හොයාගන්න උස තැනකට යන්න ඔනේ කියලා මේ කට්ටිය තීරණය කරගෙන දුපතේ තියන කන්දක් නගින්න තීරණය කරනවා.

මෙහෙම කතාව ගලාගෙන යන අතරතුරදි මේ අනතුරට පත් වෙච්ච කට්ටිය අතරේ පොඩි ළමයෙක් ඉන්නවා. මේ ළමයා ටිකක් එහා මෙහා ඇවිදිද්දි මෙයාට හම්බවෙනවා මාංචු කුට්ටමක්. තවත් ලෝක ප්‍රශ්නයක්. මේ අය අතර සිරකරුවෙක්? කවුද මේ හිරකාරයා?

මම කිවනේ මේ අතර කට්ටියක් කන්දක් හොයාගෙන යනවා කියලා. මේ අය තරමක් උස් තැනක් බලාගෙන ට්‍රාන්ස්මීටරය ක්‍රියාත්මක කරනවා රේඩියෝ පණිවිඩයක් දෙන්න. මෙයාලගේ වාසනාවට එක සිග්නල් කනුවක් පෙන්නනවා. ට්‍රාන්ස්මීටරය ටියුන් කරගන්න කොට මෙයාට තෙරෙනවා මීට වඩා ප්‍රබල ට්‍රාන්ස්මීටරයක් මේ දුපතේ ක්‍රියාත්මක වෙනබව. ඒ කොහෙන්ද? කවුද ක්‍රියාත්මක කරවන්නේ? ඊට පස්සේ මෙයාලා ඒ සංඛ්‍යාතයට මේක ටියුන් කරනවා. එකෙන් පණිවිඩයක් කියවෙනවා. " කරුණාකරලා මට උදව්කරන්න... මේ දුපතේ මම තනියෙන් ඉන්නේ.... කරුණාකරලා මාව බේරගන්න... අනිත් හැමෝම මැරුනා... ඒක ඔවුන්ව මැරුවා..... ඔක්කෝමලාව මරලා දැම්මා......"

මේක ආපදාවක් දැනුම් දෙන පණිවිඩයක්. අවුරුදු 16 ක් තිස්සේ එකදිගට නැවත නැවත මේ පණිවිඩය විකාශණය වෙනවා. අන්තිමට එක ප්‍රශ්ණයයි ඔවුන් ඔවුන්ගෙන්ම අහගන්නේ..........

Guys......
....Where are we ?

මෙයාලා කොහෙද ඉන්නේ? මොකද්ද මේ දූපත? මෙයාලට මෙතනින් බේරිලා යන්න පුලුවන් වෙයිද? ඉස්සරහට මොනවා වෙයිද? ඒක දැනගන්නනම් මේක බලන්නම වෙනවා.

තව පොඩි තොරතුරු ටිකක් දැනගමු මේ කතාව පිළිබදව.

Genre : Action | Adventure | Drama | Mystery | Serial drama | Science fiction | Supernatural drama
Directed by : Jack Bender (42 episodes), Stephen Williams (26 episodes) and others
Created by : Jeffrey Lieber, J. J. Abrams, Damon Lindelof
Written by : Damon Lindelof (45 episodes), Carlton Cuse (39 episodes), Edward Kitsis (21 episodes), Adam Horowitz (21 episodes), Elizabeth Sarnoff (19 episodes) and others
Composer(s) : Michael Giacchino
Country of origin : United States
Language(s) : English
No. of seasons : 6
No. of episodes : 121
Running time : 40 - 48 minutes (per episode)
Distributor : Buena Vista Television
Original channel : ABC
Original run : September 22, 2004 – May 23, 2010
Starring : Adewale Akinnuoye-Agbaje, Naveen Andrews, Nestor Carbonell, Evangeline Lilly, Henry Ian Cusick, Jeremy Davies, Emilie de Ravin, Michael Emerson, Jeff Fahey, Matthew Fox, Jorge Garcia, Maggie Grace, Josh Holloway, Malcolm David Kelley, Daniel Dae Kim, Yunjin Kim, Ken Leung, Rebecca Mader, Elizabeth Mitchell, Dominic Monaghan, Terry O'Quinn, Harold Perrineau, Zuleikha Robinson, Michelle Rodriguez, Kiele Sanchez, Rodrigo Santoro, Ian Somerhalder, Cynthia Watros

ඉතින් ඔයාලා මේ මම කරන වැඩේට කැමතිනම් Comment එකක් දාලා ඔයාලගේ අදහස් මට කියන්න.. ඒවගේම Facebook ලයික් එකකුත් දාලා යන්න. පුලුවන්නම් බ්ලොග් එකට ෆලෝව් පාරකුත් දාලා යන්න. තාම 11 දෙනයි ඉන්නේ. ඒ සංඛ්‍යාව වැඩි වෙනවා කියන්නේ මගේ බ්ලොග් එක බලන පිරිස වැඩි වෙනවා කියන එකයි. එතකොට තමා මටත් පොඩි ආසාවක් හිතෙන්නේ හැමදාම වගේ බ්ලොග් එකට ලිපි දාන්න.



Lost Season 1 >>




Saagaraya TV Series, Lost ටීවී සීරිස් එක, Lost (TV Series 2004–2010), ලොස්ට්, ඉංග්‍රීසී උපසිරස සමග,

9 comments:

  1. නියමයි, නියමයි, හොඳ වැඩක් අපි බලාගෙන ඉන්නවා. හැබැයි ගොඩක් ලොකු files නම් දෙන්න එපා හොඳද ?

    ReplyDelete
  2. @Rashi says:

    අපෝ නෑ.........
    බයවෙන්න එපා File සයිස් එක වැඩි නෑ.........
    එක කොටසක් 100MB -150MB අතර තමා වෙන්නේ..........
    සයිස් එක අඩු වුනාට කොලිටිය හොදයි..........

    ReplyDelete
  3. thankxx macho...mama prison break baluweth uba nisa.thankxxx again..

    ReplyDelete
  4. @ Anonymous :

    බොහෝම ස්තුතියි කොල්ලා Comment එකට..!!

    ReplyDelete
  5. thanks.. mekata sinhala subtitles hadanna ehema idea ekak nadda? :)

    ReplyDelete
  6. 😃😃😃😃thanks

    ReplyDelete
  7. නියමයි...ඔයා නම් මාර පොරක්

    ReplyDelete