අද මට Windows 8 ගැන කියන්න හිතුනේ, මේ මෙහෙයුම් පද්ධතිය 2012 වර්ශයේදි එළිදැක්වෙන නිසයි. Microsoft සමාගම විසින් නිපදවන අළුත්ම Windows සංස්කරණය වෙන්නේ මෙයයි. මේ වන විටනම් Windows 8 ගැන එහෙන් මෙහෙන් විවිධ කතා රාශියක් ඔබ අසා ඇති. ඒසේ එක එක කතා ඇති වීමට ප්‍රධාන හේතුවක් වන්නේ Microsoft සමාගම විසින් මේ පිලිබදව තොරතුරු හෙලි නොකිරිමයි. ඒ නිසා සමහරවිට ඔබ දැන ගෙන ඇති තොරතුරු බොරු තොරතුරු වෙන්නත් පුළුවන්.
නමුත් මම මේ ලිපියේ සදහන් කරන්න යන්නේ Microsoft සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ස්ටිව් බැල්මර් විසින් 2011 ජනවාරි වල ඇමරිකාවේ ලාස් වේගාස් වල පැවති CES - Consumer Electronic Show ප්‍රදර්ශනයේ හෙලිකල තොරතුරු ටිකකි. ඒ නිසා මේ තොරතුරු වැරදිමට හේතුවක් නැත. ඔහු විසින් සදහන් කරන ආකාරයට මේ මෙහෙයුම් පද්ධතිය සදහා විශේෂ මයික්‍රෝචිප් වර්ගයක් භාවිතා කරයි. ඒ කියන්නේ මේ මෙහෙයුම් පද්ධතිය දැනට තිබෙන ARM චිප් ආකෘතියට අනුව නොව Soc - System on a chip නම් අලුත් චිප් ආකෘතියකට ගැලෙපෙන බවයි.
ඔහු මේ තොරතුර හරි පිට කෙරුවේ එම ප්‍රදර්ශනයේදි නොකියාම බැරි හින්දා විය යුතුය. මොහු මේ Windows මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන ගුණාංග හෙලි කිරිමෙන් වැළකි සිටියහ. එය Microsoft සමාගම විසින් ගන්නා ලද දැඩි තීන්දුව බව Microsoft සමාගමේ විධායක නිලධාරි ස්ටීව් බැල්මර් විසින් ප්‍රකාශ කරන ලදි.
තවද Microsoft නෙදර්ලන්ත සමාගම විසින් Windows 7 නිකුත් කර අවුරුද්දක් ගත වු මොහොතේ, ඒ කියන්නේ 2010 ඔක්තෝබර් 22 වෙනිදා කියා සිටියේ මීලග මෙහෙයුම් පද්ධතිය 2012 ඔක්තෝබර් මාසයේදි නිකුත් කරන බවයි.
සාමාන්‍යයෙන් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් එළිදක්වන්නේ අදියර තුනකිනි. ඒ වෙනුවෙන් මාස හතක කාලයක් ගනී. එයින් දෙමසකට පසුවය මෙහෙයුම් පද්ධතිය වෙළෙද පොලට එන්නේ. ඒ අනුව 2012 ඔක්තෝබර් මස මේ මෙහෙයුම් පද්ධතිය නිකුත් කරන්නනම්, 2012 ජනවාරි වන විට Beta සංස්කරණයත්, 2012 අප්‍රේල් වන විට RC සංස්කරණයත්, 2012 ජූලි වන විට RTM සංස්කරණයත් ඉදිරිපත් කල යුතුය.
winreview.ru වෙබ් අඩවිය විසින් Microsoft සමාගමේ ලියවිල්ලක් ප්‍රසිද්ධියට පත් කර කියා සිටියේ මේ වන විට එම අදියර තුනෙන් දෙකක්ම නිර්මාණය කර අවසන් බවයි. එම නිසා බොහො විට Windows 8 හි Beta සංස්කරණය 2012 ජනවාරි මාසයේදි එළි දක්වයි.
හොදයි අපි දැන් Windows මෙහෙයුම් පද්ධති වල ඉතිහාසය ගැන ටිකක් හොයලා බලමු.
රූපය පැහැදිලි නැතිනම් රූපය මත Click කරන්න |
1985 න් පසු Windows සංස්කරණ 12ක් මේ වන විට පැමිණ තිබේ.එහෙත් ඒවා තාක්ෂණික අතින් ගත් විට අයත් වෙන්න මුලික සංස්කරණ 7 කටයි. Windows 1.0, 2.0 සහ 3.0 ට පසු පැමිණි Windows NT හැදින්වුයේ Wndows 3.1 ලෙසය. ඉන්පසු ආ Windows 95 යනු Windows 4.0 යි. 98,98 SE, සහ මිලේනියම්ද Windows 4.0 හි විවිධ සංස්කරණයන්ය. Windows 2000 යනු 5.0 වැන්නයි. Windows Vista යනු 6.0 වන අතර Windows 7 යනු Windows මෙහෙයුම් පද්ධතිවල 7.0 වැන්නයි. 2012 දි මෙහි Windows 8.0 හෙවත් Windows 8 එන්නට නියමිතයි.
තව ඔබට කීමට අපුරු කතාවක් ඇත. ඒ තමයි Windows 8 කියලා කියන්නේ Microsoft සමාගම විසින් දුන් නමක් නොවේ. ඔවුන් මෙය නම් කරන්නේ Windows vNext කියලයි. නමුත් මේ වන විටත් මෙහි නම Windows 8 නමින් ප්‍රසිද්ධ වෙලා තියෙන නිසා සමහර විට ඔවුනුත් මෙය Windows 8 නමින් නම් කරයිද කියලා තාමත් දන්නේ නෑ. ඒ කියන්නේ තාමත් මේ සදහා නිල වශයෙන් නාමක් දී නැත.
Windows 7 යන නම 2008 ඔක්තෝබරයේ ප්‍රසිද්ධ කරමින් Microsoft සමාගමේ Windows නිෂ්පාදන පිළිබද උප සභාපති මයික් නාෂ් කිවේ මීළග අලුත්ම මෙහෙයුම් පද්ධතියේ නම වනු ඇත්තේ Windows 8 බවයි.
අලුතින් එන Windows 8 හි මොන මොන ගුණාංග දරනවාද කියලා හරියටම දැන ගන්නට නොහැකි වුනත් Microsoft සමාගමෙන් නිකුත් වෙන ආරංචි අනුව පහත් ගුණාංග තියෙන බව කියවෙනවා.
User Interface එක අලුත් වෙලා...
2010 දෙසැම්බරයේදි Windows8italia නැමති ඉතාලි වෙබ් අඩවිය පෙන්නා දෙන ආකාරයට Windows 8 මෙහෙයුම් පද්ධතිය වෙනුවෙන් අලුත් ග්‍රැෆිකල් යුසර් ඉන්ටෆේස් (GUI) එකක් හදුන්වාදෙනවාලු. මේ ග්‍රැෆිකල් යුසර් ඉන්ටෆේස් එක හදුන්වන්නේ වින්ඩ් (Wind) නමිනුයි. එය Support කරන්නේ බිට් 64 පරිගණකයක් සදහා වන අතර 170MB ග්‍රැෆිකල් මතකයක් ඒ සදහා අවශ්‍ය වේ.
මෙය පැරණි Moniter වල පවා හොදින් පෙනෙන ආකාරයෙන් ත්‍රිමාණ ගුණාංග මෙයට එක්කෝට ඇත.
මෙහෙයුම් පද්ධතිය බිට් 128 යි...
හැම පරිගණකයකටම ගැලපෙනවා...
මාර Speed එකේ බූට් වෙනවා...
අපට අළුත් තාක්ෂණයක්...
මුහුණු හදුණාගැනිමේ තාක්ෂණය (Facial Recognition) යොදා ගෙන Computer එකට ලොග් විය හැකි ක්‍රමයක් Windows 8 හදුන්වාදෙන බවට ආරංචි තිබේ. මෙහිදි පරිගණකය පාවිච්චි කරන්නා එහි වෙබ් කෑම් එක වෙත බැලිය යුතුය. ව්විට මුහුණු හදුනාගෙන පරිගණකය ක්‍රියාත්මක වෙයි. මේ ආකාරයට User Account වලට Password වෙනුවට ඒ ඒ තැනැත්තාගේ ඡායාරූපය ලබා දිය හැක. එහිදි පරිගණකය ඉදිරියේ සිටින තැනැත්තා හදුනාගෙන ඔහුගේ User Account එකට විවෘත කර දෙයි.
ඇප් ස්ටෝර් සහය...
Microsoft සමාගම පවසන ආකාරයට Windows 8 මෙහෙයුම් පද්ධතියට ගැලපෙන මෘදුකාංග මිලදි ගැනිමට විශේෂ වෙබ් අඩවියක් නිකුත් කරයි. එම වෙබ් අඩවියේ නොයෙක් මෘදුකාංග නිෂ්පාදකයෝ Windows 8 සමග වැඩ කළ හැකි මෘදුකාංග විකුණති. Online ක්‍රමයට ඒවා මිලදිගෙන Install කරගන්නට පුළුවන. මම හිතන ආකාරයට මේ වැඩ පිළිවෙල දියත් කීරීමට හේතුවක් වී ඇත්තේ වර්ථමානයේ සිදූවන Software CD/DVD හොරෙන් පිටපත් කර විකිණිම නතර කිරිමට විය හැක.
නව තාක්ෂණයේ මුසුව...
Microsoft සමාගම සදහන් කරන ආකාරයට Windows 8 මෙහෙයුම් පද්ධතිය සමග අළුත් චිප් සෙට් අවශ්‍ය වේ. ඒවා වැඩ කරනු ඇත්තේ USB 3.0 උපාංග, Bluetooth 3.0 උපාංග සහ නවතම ත්‍රිමාන තාක්ෂණය සමගය. මේ Windows 8 මෙහෙයුම් පද්ධතිය නව තාක්ෂණය භාවිතයට උචිතවිම අතින් සියලුම මෙහෙයුම් පද්ධති වලට වඩා ඉදිරියෙන් සිටී.
Windows 8 වෙලෙද පොලට එන්නේ එතරම් හොද කාලයක නම් නෙවෙයි....
Windows 8 මෙහෙයුම් පද්ධතිය නිකුත් වෙන්නේ එතරම් හොද කාලයක නෙවෙයි කියලයි මගේ අදහස. මොකද මේ මෙහෙයුම් පද්ධතියත් එක්ක තරග කිරීමට තවත් අළුත් මෙහෙයුම් පද්ධති ගණනාවක්ම ලෑස්ති වෙනවා. අපි දැන් පොඩ්ඩක් ඒ මෙහෙයුම් පද්ධති මොනවද කියලා බලමු.
ඇපල් සමාගම දැන් අලුත් මෙහෙයුම් පද්ධතියන් දියුණු කරමින් සිටී. ඒ OS X Lion නැමති මෙහෙයුම් පද්ධතියයි. තවද Google සමාගම නොමිලේ Chrome OS මෙහෙයුම් පද්ධතිය මහජනයාට නිකුත් කරන්නට බලාගෙන සිටියි. උබුන්‍ටු ඇතුළු ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති දියුණු වෙනවා වගේම ඒවා මහජනයාගේ ප්‍රසාදයද දිනාගනිමින් සිටී. මේ අතරේ තමයි Windows 8 එන්නෙත්. එම නිසා මෙතන හොද තරගයක් ඇතිවෙයි. මේ තරගය ජය ගැනිමට තමයි Microsoft සමාගමත් බලාගෙන ඉන්නේ. ඒ නිසා තමයි මේ මෙහෙයුම් පද්ධතියේ ගුණාංග ගැන වුවත් වැඩිපුර ආරංචියක් පිට කිරීමට Microsoft සමාගම මැලිවී තිබෙන්නේ.
කෙසේ වෙතත් මහජනයාගේ ප්‍රසාදය දිනා ගැනීමට හැකිවු මෙහෙයුම් පද්ධතිය අංක 1 කේ මෙහෙයුම් පද්ධතිය වෙන බවට කිසිදු සැකයක් නෑ. මට මේ මොහොතේ අනාවැකියක් කීමට පුළුවන. එය මොන සමාගමෙන් නිපදුවත් එම සමාගම ඉදිරියේදි අංක 1 සමාගම බවට පත්වෙනවා නිසැකය.
Windows Live හි ප්‍රධානී ස්ටීවන් සිනොෆ්ස්කි පැවසුවේ Windows 8 මෙහෙයුම් පද්ධතියට උචිත වන සේ මයික්‍රොචිප් නිර්මාණය කිරීමට ලොව ප්‍රකට සමාගම් සමග දැනටමත් වැඩ අරඹා ඇති බවයි.
කෙසේ වෙතත් අඩු ප්‍රශ්න ඇති, වෛරස් වලින් සම්පුර්ණයෙන්ම වැලකී සිටිය හැකි මෙහෙයුම් පද්ධතියක් ඒවී යැයි බලාපොරොත්තුවෙන් අපි සිටිමු.
ඒ වගේම Microsoft සමාගම විසින් Video එකක් නිකුත් කර තිබෙනවා Windows 8 ගැන. ඒක පහතින් බලා ගන්න.
ඔබට තවත් දේ දැන ගැනිමට අවශ්‍ය නම් පිවිසෙන්න Windows 8 News නැමති වෙබ් අඩවියට. එය දිනෙන් දින Windows 8 වල තොරතුරු සොයමින් Update වන වෙබ් අඩවියකි.
Windows 8 News
නමුත් මම මුළින් කීව වෙබ් අඩවියේ පළවෙන දේවල් සම්බන්ධයෙන් වගකීමක් ගන්නේ නෑ. මොකද ඒක Windows 8 වල නිළ වෙබ් අඩවිය නොවන නිසා. ඔබට ඒ තොරතුරු ගැන සැකයක් ඇත්නම් Microsoft සමාගමේ නිළ වෙබ් අඩවියෙන් තොරතුරු ගන්න. වෙනත් වෙබ් අඩවි වල බොරු තොරතුරු පළවුනත් Microsoft සමාගමේ නිළ වෙබ් අඩවියේ එසේ බොරු තොරතුරු පළවෙන්නේ නැත.
Microsoft Officail Web Site
No comments:
Post a Comment