The Rundown (2003) - ගේමනම් ගේම - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Saturday, August 27, 2011

The Rundown (2003) - ගේමනම් ගේම

The Rundown (2003) - ගේමනම් ගේම

අද මම දෙන්න යන්නේ මම මාර ආස Film එකක්. මම මේක 2 පාරක් 3 පාරක් විතර බැලුවා. ඔයාලා මේක බලලා නැත්නම් අරගෙන බලන්න. හොදයි අද වැඩි කතා නැතුව කෙලින්ම කාරනයට බහිමු. මෙන්න මේකයි කතා සාරාංශය. බෙක් (ඒ කියන්නේ Dwayne Johnson) ඔහුගේ එකම සිහිනය Restaurants එකක් දාගන්න ඒක. මොහු උයන්න කොච්චර ආසද කියනවනම් මොහුගේ ගාව සටහන් පොතක් තියනවා, ඒකේ තියෙන්නේ ඒක එක කෑම ජාති හදන ආකාරය. නමුත් මොහුට ඒ Restaurants දාන්න සල්ලි නෑ. ඒ නිසා මොහු එක පුද්ගලයෙක් යටතේ ඔහු කියන කියන වැඩ කරනවා. චිත්‍රපටය පටන් ගද්දිම මොහුට භාරදිලා තියෙන වැඩේ තමයි, එක පුද්ගලයෙක් ඉන්නවා. ඔහු ගාව මුද්දක් තියෙනවා. ඒ මුද්ද ගෙන්න තමයි බෙක්ව යවන්නේ. බෙක් ගැන තව ටිකක් කතා කරොත් මොහු හරිම Direct පුද්ගලයෙක්. කෙලින්ම අවශ්‍ය කෙනා ගාවට ගිහිල්ලා කියනවා "ඔයාට Option 2 ක් තියෙනවා, පලවෙනි Option එක ඔයා මම කියන දේ කරන්න. දෙවෙනි Option එක මම ඒ දේ බලෙන් කරනවා." කියලා කියනවා..

මේ වගේම අර මම මුලින් කිව මුද්ද තියෙන පුද්ගලයා ගාවටත් ගිහිල්ලා කියනවා. අවාසනාවට හෝ වාසනාවට ඔහු ‍තෝරාගන්නේ දෙවෙනි Option එක. දැන් මොකද වෙන්නේ? බෙක් මුද්ද ගෙනෙයිද?


දැන් මම තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා එතන ඉදන් අයෙත් කතාව කියනවා.

බෙක්ට තවත් වැඩක් දෙනවා. මේක දෙද්දි කියන්නේ "මේ වැඩේ අවසාන වැඩේ. මේක කරපුවාම සල්ලි ඔක්කෝම දෙනවා. එතකොට ඔයාට Restaurant එක පටන් ගන්න පුළුවන්නේ" කියලා. මේ වැඩේ තමයි බ්‍රසීලයේ ඉන්න මේ හාම්පුතාගේ පුතාව මෙයා ගාවට ගෙනත් දෙන්න කියලා. වැඩේ කොච්චර ලේසිද කියනවනම් එහෙට ගිහිල්ලා ටික වෙලාවකින්ම අරයගේ පුතාව හම්බවෙනවා.. ඒ වුනාට පුතාව ගෙදර ගේන්න සෑහෙන දවසක් යනවා. ඇයි ඒ? මම දන්නවා. මම ඒ වුනාට කියන්නේ නෑ. ඔයාලා බලලම හොයාගන්න..

හොදයි අපි මෙච්චර වෙලා කතා සාරංශය කතා කරානේ. දැන් අපි මේ චිත්‍රපටය ගැන වෙනත් විස්තර ටිකක් දැන ගනිමු....

Genre : Action | Adventure | Comedy
Directed by : Peter Berg
Produced by : Vince McMahon, Marc Abraham, Bill Corless, Karen Glasser, Kevin Misher
Starring : The Rock, Seann William Scott, Christopher Walken, Rosario Dawson, Ewen Bremner, Jon Gries
Distributed by : Universal Pictures (North America/Japan), Columbia Pictures (International)
Release date(s) : September 26, 2003
Running time : 104 minutes
Country : United States
Language : English, Portuguese



ලිපිය හොදයිනම් Comment එකක් එහෙම දාගෙනම Download කරගෙන යන්න..

Update:
(+) May 15, 2021: බ්ලොග් එකෙහි ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සදහා ඩවුන්ලෝඩ් කරගැනීමට ඔබට කලින් ලබා දී තිබුන ලින්ක් එක ඉවත් කිරීමට සිදු විය.


The Rundown (2003) චිත්‍රපටිය, Saagaraya Movies, ක්‍රියාදාම, වික්‍රමාන්විත, කොමඩි/ප්‍රහසන, ඉංග්‍රීසි චිත්‍රපටි

No comments:

Post a Comment