Manifest (2018) - අද්භූත අහස්යානය - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Thursday, May 6, 2021

Manifest (2018) - අද්භූත අහස්යානය

 

Manifest (2018) - අද්භූත අහස්යානය

2018 සැප්තැම්බර් මස 24 වනදා NBC නාලිකාව ඔස්සේ විකාශනය ආරම්භ වු මැනිෆෙස්ට් රූපවාහිනි කතා මාලාව අද්භූත, අභිරහස්, ත්‍රාසයජනක සහ නාට්‍යමය යන කතා වර්ගීකරණ වලට අයිති වේ.

2013 වසරේදි ජැමෙයිකා වල සිට නිව් යෝර්ක් නගරය බලා ගුවන් ගත වන Montego 828 නැමති ගුවන් යානය, ගුවන් ගත වී යම් කාලයක් යන විට අහසේ ඇති වු රළු ආකුලතාවයකට හසුවේ. නමුත් කිසිදු උපද්‍රවයක් රහිතව ගමනාන්තය බලා ලගා වන විට හදිසියේ ඔවුන්ට දැනුම් දෙන්නේ ඔවුන් ලගාවීමට නියමිත ගුවන් තො‍ටුපල නොව වෙනත් ගුවන් තො‍ටුපලකට ගොඩ බාන ලෙසයි. මගින් 191 ‍රැගත් මෙම ගුවන් යානය උපදෙස් පරිදි නිව් යෝර්ක් හි Newburgh පිහිටි Stewart International Airport එකෙහි නිරුපද්‍රිතව ගොඩ බාන අතර එහිදි ඔවුන්ව පිලිගන්න පැමිනෙන්නේ ඔවුන්ගේ නෑදෑයන් නොව NSA (ජාතික ආරක්ෂාව පිලිබද ඒජන්සිය) හි අධ්‍යක්ෂක ඇතුලු පොලිස් නිළදාරින් පිරිසකි. මෙම තත්වය විමසා බලන විට ඔවුන්ට දැන ගැනිමට හැකිවන්නේ, මොවුන් ගුවන් ගත වීම හා නැවත ගොඩ බාන අවස්ථාව වන විට අවුරුදු පහක් ගෙවි ගොස් ඇති බවයි.

මේ අවුරුදු පහක කාලය ඇතුලත මෙම ගුවන් යානය අතුරුදහන් වී ඇති බවත් මෙතෙක් කල් ලෝකයා විසින් මොවුන් මරණයට පත් වෙන්නට ඇතැයි අනුමානය කර ඇති බවත් මොවුන්ට දැනගන්නට ලැබෙයි. ඇත්තටම මෙයාලට මොකද වුනේ... ඒ ගැන සෙවිමට තමයි NSA අධ්‍යක්ෂක වැන්ස් මහතා උත්සහ ගන්නේ..

මේ වන විට තම ආදරණීයයන්ගෙන් වෙන් වෙලා අවුරුදු පහක් ගත වී තිබෙන නමුත් මෙම ගුවන් යානයේ මගින්ට මෙය පැය ගානක අද්දැකීමක් පමනයි. මොවුන්ගේ පවුල් වල මේ වන විට තත්වය සහ ඔවුන්ගේ හැසිරීම පිලිබද කතාව ගලාගෙන යන අතරතුර මොවුන්ට මොකද වුනේ කියල හොයන්න උත්සහ කරන NSA අධ්‍යක්ෂකගෙත්, මෙහි කතා නායිකාව වන මිචෙල් ස්ටොන් කියන පොලිස් නිළධාරිණියගෙත් ඇයගේ පවුල වටා කතාව දිව යයි.
මේ අතර මෙම ගුවන් මගින් 191 දෙනාට අත්විදීමට සිදුවෙන අද්භූත කැදවීම් සහ පෙනීම් මොනවාද... ගැඹුරු අභිරහසක් ඔවුන් සතුව ඇති බවත් ඔවුන් ගත කරන සාමාන්‍ය ජිවිතයකට එහා ගිය දෙයක් සිදු කිරීමට ඔවුන්ට ලැබුනු දෙවෙනි අවස්ථාවක් ලෙස ටිකෙන් ටික ඔවුන් තෙරුම් ගන්න ආකාරයක් මේ කතාව ඔස්සේ ගලාගෙන යයි. ... ඒ ගැන ඔයාල කතාව බලලම උත්තර හොයාගන්න.

මේ තියෙන්නේ කතාමාලාවේ පොඩි විස්තර ටිකක්



Genre : Drama | Mystery | Sci-Fi | Thriller | Supernatural
Created by : Jeff Rake
Based on : Influenced by the mystery of Malaysia Airlines Flight 370
Starring : Melissa Roxburgh, Josh Dallas, Athena Karkanis, J. R. Ramirez, Luna Blaise, Jack Messina, Parveen Kaur, Matt Long, Holly Taylor
Official Site : Manifest (2018) NBC
Country of origin : United States
Language(s) : English
No. of seasons : 3 (Still going on)
Executive producer(s) : Robert Zemeckis, Jack Rapke, Jacqueline Levine, Jeff Rake, David Frankel (pilot), Joe Chappelle, Len Goldstein
Producer(s) : Cathy Frank, Laura Putney, Margaret Easley, Harvey Waldman, Marta Gené Camps
Distributor : Warner Bros. Television Distribution
Production company(s) : Compari Entertainment, Jeff Rake Productions, Universal Television, Warner Bros. Television
Original channel : NBC
Original airing : September 24, 2018

රුපවාහිනි කතාමාලාවේ රගපාන චරිත ගැන විස්තර පොඩ්ඩක් දැනගමු.
Michaela Stone (Melissa Roxburgh):
නිව්යෝර් ක් පොලිස් දෙපාර්තමේන්තුවේ 129 වන බළකායේ සේවය කරන මිචෙල් ස්ටොන් 828 ගුවන් යානයේ මගියෙකි. බෙන් ස්ටොන්ගේ සොහොයුරියද වේ. කතාවේ ප්‍රධාන චරිතය පන පොවන ඇය ගුවන් ගත වී නැවත පැමිනිමත් සමග දැනගන්නට ලැබෙන්නේ ඇයගේ ජිවිතය උඩු යටිකුරු වී තිබෙන ආකාරයයි. ඇය කෙසේ ජිවිතයට මුහුන දෙයිද...

Ben Stone (Josh Dallas):
විශ්ව විද්‍යාලයේ ආචාර්‍යවරයෙකු ලෙස සේවය කරන බෙන් ස්ටොන් 828 ගුවන් යානයේ මගියෙකි. මිචෙල් ස්ටොන්ගේ සොහොයුරා වේ.

Grace Stone (Athena Karkanis):
ග්‍රේස් ස්ටොන්, බෙන් ස්ටෝන්ගේ බිරිද වන අතර අවුරුදු පහක් තම ස්වාමියා සහ තම දරුවා මියගියා යැයි සිතා ජිවිතය ගත කල ඇය කේරටින් ව්‍යාපාරයක් හසුරවයි.

Jared Vasquez (J.R. Ramirez):
නිව්යෝර් ක් පොලිස් දෙපාර්තමේන්තුවේ 129 වන බළකායේ සේවය කරන ජෙරඩ්, ගුවන් ගත වීමට පෙර මිචෙල් ස්ටෝන් ගේ ආදරවන්තයා ලෙස පනපොවයි. මොහු මිචෙල්ගේ අතුරුදහන් වීමත් සමග ඇයගේ හොදම යෙහෙලිය වන ලෝඩර් ස් සමග විවාහ වෙයි. නමුත් මිචෙල්ගේ නැවත පැමිණිමත් සමග එම සම්බන්දය කුමක් වේවිද....

Olive Stone (Luna Blaise):
බෙන් සහ ග්‍රේස්ගේ දියණිය වන ඔලිව් ස්ටෝන්, තම සොහොයුරා සහ තම පියා අවුරුදු පහක් තිස්සේ අතුරුදහන් වීමත් සමග එක්ක තම මව සමග ජිවිතය ගත කරයි. මැය කාල් ස්ටෝන්ගේ නිවුන් සහොදරිය වේ..

Cal Stone (Jack Messina):
බෙන් සහ ග්‍රේස්ගේ පුතණුවන් වන කාල් ස්ටෝන්, 828 ගුවන් යානගේ මගියෙකි. තම නිවුන් සහොදරියගෙන් වෙන් වෙලා අවුරුදු 5කට පසු නැවත පැමිනෙන විට තම සොහොයුරිය සහ යහලුවන් තමන්ට වඩා අවුරුදු පහක් වැඩිමල් විමත්, පෙනෙන අද්භූත හීනත් සමග මොහු කෙසේ ජිවිතයට මුහුන දෙයිද..

Saanvi Bahl (Parveen Kaur):
බෙන් සහ ග්‍රේස්ගේ පුතණුවන් වන කාල් ස්ටෝන්, 828 ගුවන් යානගේ මගියෙකි. තම නිවුන් සහොදරියගෙන් වෙන් වෙලා අවුරුදු 5කට පසු නැවත පැමිනෙන විට තම සොහොයුරිය සහ යහලුවන් තමන්ට වඩා අවුරුදු පහක් වැඩිමල් විමත්, පෙනෙන අද්භූත හීනත් සමග මොහු කෙසේ ජිවිතයට මුහුන දෙයිද..

Zeke Landon (Matt Long):
බසීක් ලැන්ඩන් කියන්නේ කදු නගින්නෙක්. ඔහු තරණය කල අවසාන අවස්ථාවේ ගුහාවක සිරවී නැවත තම ජිවිතය බේරාගත් ඔහුට දැන ගැනිමට ලැබෙන්නේ මේ කාලය ඇතුලත අවුරුද්දක් ගෙවි ගොස් අවසාන බවය. 828 ගුවන් යානයේ සිදුවීමට සමානකම් ඇති සිදුවිමක් මොහුට වුයේ කෙසේද.. මොහු කවදාවත් මුනගැසි නොමැති මිචෙල් ස්ටොන්ට මොහුව හිනෙන් පෙන්නට ගන්නේ ඇයි..

NSA Director Vance (Daryl Edwards):
ජාතික ආරක්ෂාව පිලිබද ඒජන්සියේ අධ්‍යක්ෂක රොබට් වැන්ස්, අතුරුදහන් වු 828 ගුවන් යානය පිළිබද පරික්ෂන පවත්වයි. ගමන් ගත් මගින්ගෙන් කවුද මේ සිද්දියට වගකියයුත්තා සොයා මොහු සියලු මගින් පි‍ටුපස පන්නයි.. මේ අතර ඔහුට දැනගැනිමට ලැබෙන්නේ තමන් නොදැනුවත්වම තම රජයත් මේ ගැන සොයන්න පටන් ගෙන ඇති බවයි.. මොහු සමග කරට කර මේ පිලිබදව සොයා බලන රජයේ උසස් නිළධාරියා කවුද?

Kathryn Fitz / The Major (Elizabeth Marvel):
මේජර්... කතාව බලලම තේරුම් ගන්න මැය කවුද කියල...


මැනිෆෙස්ට් කතාමාලාවේ පළමුවන Season එක සදහා කතාංග 16ක් අඩංගු වේ.
මැනිෆෙස්ට් කතාමාලාවේ දෙවන Season එක සදහා කතාංග 13ක් අඩංගු වේ.
මැනිෆෙස්ට් කතාමාලාවේ තුන්වන Season එක තවම විකාශන වෙමින් පවති.

"Manifest" on Facebook

Manifest Official Trailer





මගේ වෙබ් අඩවියේ ටොරන්ට් සහ අනිකුත් ඩවුන්ලෝඩ් කිරිමට ලබාදි තිබු ලින්ක් සියල්ල කණගා‍ටුවෙන් වුවත් ඉවත් කිරිමට සිදුවේ. ගොඩක් ලින්ක් නිවැරදිම ක්‍රියාත්මක වන්නේද නැත. ගොඩක් වෙබ් අඩවියට රිපෝට් වදිනවා ලින්ක් දාන නිසා. එ නිසා මින් ඉදිරියට ඩවුන්ලෝඩ් කිරිමට ලින්ක් ලබාදෙන්නේ නැත.

ඔබට මෙම කතා මාලාව මට ලබා දිය හැකියි පහත ඇති ආකාරයට.

Manifest Season 1 Data DVD (2.53GB) - Rs 160/=
[FORMAT]:.................. [ Matroska (mkv)
[RELEASE NOTE]:....... [ 480p.WEB-DL.x264
[FILE SIZE]:................. [ 160 MB/ep
[RESOLUTION]:........... [ 856 x 480
[FRAME RATE]:........... [ 23.976 fps
[LANGUAGE ]:............. [ English
[SUBTITLES]:.............. [ English
[RUNTIME]:................. [ 42 min/ep
[EPISODE]:.................. [ 16


Manifest Season 2 Data DVD (2.03GB) - Rs 130/=
[FORMAT]:.................. [ Matroska (mkv)
[RELEASE NOTE]:....... [ 480p.WEB-DL.x264
[FILE SIZE]:................. [ 160 MB/ep
[RESOLUTION]:........... [ 856 x 480
[FRAME RATE]:........... [ 23.976 fps
[LANGUAGE ]:............. [ English
[SUBTITLES]:.............. [ English
[RUNTIME]:................. [ 42 min/ep
[EPISODE]:.................. [ 13



Episode 1ක් සදහා රු 10 ක මුදලක් අය කරන අතර, වාරියපොල සහ කුරුණෑගල නගර අවට නොමිලේ බෙදා හැරිමට හැකියාවක් ඇත. වෙනත් තැනකට කූරිය කිරිමට අවශ්‍ය නම් කූරිය ගාස්තුත් මේ සදහා එකතු වේ.

Pen Drive එකකට ලබා ගන්නවානම් වාරියපොල ප්‍රාදේශීය සභාව අසල Siyapatha Engineering Services වෙත පැමිණෙන්න.  Episode 1ක් රු 8.

වැඩි විස්තර Whatsup ඔස්සේ විමසන්න. 0768856030


Saagaraya TV Series, මැනිෆෙස්ට්, අද්භූත, අභිරහස්, ත්‍රාසයජනක, නාට්‍යමය, NBC, මැනිෆෙස්ට් 2018, ඉංග්‍රීසී උපසිරස සමග

No comments:

Post a Comment