The Avengers Age of Ultron (2015) Trailer Review - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Thursday, October 30, 2014

The Avengers Age of Ultron (2015) Trailer Review

The Avengers Age of Ultron (2015) Trailer එක විශ්ලේෂණය

ඔයාලා මේ වෙනකොට දන්නවනේ මීට දින කීපයකට පෙර අපි කවුරුත් බලාගෙන හිටපු Avengers 2 චිත්‍රපටියේ ට්‍රේලර් එක නිකුත් වුනා කියලා. ඉතින් අද අපි මේ ඇවෙන්ජර්ස් 2 එහෙම නැත්නම් "ද ඇවෙන්ජර්ස් ඒජ් ඔෆ් අල්ට්‍රෝන්" චිත්‍රපටියේ ට්‍රේලර් එක ගැන විස්තර ටිකක් කතා කරමු.

[ Beware: this article contains spoilers! ]
[ Spoiler Alert:  චිත්‍රපටියේ මොකද වෙන්නේ කියලා දැනගන්න අකමැති අය මේ ලිපිය කියවන්න එපා. ]

2012 වසරේ තිරගත වුන 'ද ඇවෙන්ජර්ස්' චිත්‍රපටියේ අපිට දකින්න ලැබුනු සුපිරි වීරයෝ ටික සහ අලුත් චරිත කීපයක් අපිට මේ චිත්‍රපටියෙදි දැකගන්න පුලුවන්. සුපුරුදු පරිදි Iron Man ගේ චරිතය Robert Downey Jr. විසිනුත්, Captain America ගේ චරිතය Chris Evans විසිනුත්, Black Widow හෙවත් Natasha Romanoff ගේ චරිතය Scarlett Johansson විසිනුත්, Thor ගේ චරිතය Chris Hemsworth විසිනුත්, Hulk ගේ චරිතය Mark Ruffalo විසිනුත්, Hawkeye ගේ චරිතය Jeremy Renner විසිනුත් රගදක්වනවා. ඒ වගේම තවත් ඔයාලා කලින් Marvel චිත්‍රපටි වලදි දැකලා පුරුදු ජනප්‍රිය නළු නිළියන් කීපදෙනෙක් එයාලගේ සුපුරුදු චරිත නිරූපණය කරන අතර අලුත් චරිත කීපයකුත් මේ චිත්‍රපටියෙන් ඔයාලට දැක බලාගන්න පුලුවන්. මේ ගැන වැඩි විස්තර ‘The Avengers: Age of Ultron’ Trailer එක නරඹලාම කතා කරමු.

Genre : Action | Adventure | Fantasy
Directed by : Joss Whedon
Produced by : Kevin Feige
Starring : Robert Downey, Jr., Chris Hemsworth, Mark Ruffalo, Chris Evans, Scarlett Johansson, Jeremy Renner, Don Cheadle, Aaron Taylor-Johnson, Elizabeth Olsen, Paul Bettany, Cobie Smulders, Stellan Skarsgård, James Spader, Samuel L. Jackson
Distributed by : Walt Disney Studios, Motion Pictures
Official Site : Marvel's Avengers: Age of Ultron
Release date(s) : 1 May 2015 (USA)
Country : United States
Language : English



ට්‍රේලර් එක බලපුවහම ඔයාලට මොකද හිතෙන්නේ? මටනම් හිතෙන්නේ Marvel'ලට 2015 වසර හොද සාර්ථක වසරක් වෙයි කියලයි. ඒ වගේමයි 2015 වසරේ තිරගත වන අනෙක් චිත්‍රපටි වලට (අවටාර් 2, ද හන්ගර් ගේම්ස්: මොකින්ග්ජේ පාර්ට් 2,  ජුරාසික් වර්ල්ඩ්, ටර්මිනේටර්, මිෂන් ඉම්පොසිබල් 5, ෆාස්ට් ඇන්ඩ් ‍ෆියුරියස් 7... වගේ) හොද තරගයක් ඇවෙන්ජර්ස් 2 චිත්‍රපටියට දෙන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා. මේක සාර්ථක වෙන්න ප්‍රධානම හේතුවක් විදිහට ප්‍රභල හතුරෙකුගේ චරිතයට, ඒ කියන්නේ Ultron ට හඩකවන James Spader ගෙන් ලොකු දායකත්වයක් ලැබෙනවා කියලත් මේ ට්‍රේලර් එක බලන ඕන කෙනෙක්ට හිතාගන්න පුලුවන්.

ජේම්ස් ස්පැඩර් අල්ට්‍රෝන් ලෙස

මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂක Joss Whedon ට මේ Ultron ව ප්‍රධාන හතුරා විදිහට එකතු කරගන්න අදහස පහල වෙලා තියෙන්නේ ඇවෙන්ජර්ස් පළමු චිත්‍රපටිය රූගත කරන අතරතුරයි. ඒ වගේමයි අල්ට්‍රෝන්ට හඩකවන්න James Spader ව ‍තෝරගෙන තියෙන්නෙත් Joss Whedon ම තමයි. ඔහු කියන විදිහට:

"Ultron ගේ චරිතයට හඩකවන්න මගේ පළමු සහ එකම තේරීම වුනේ James Spader ව. ඔහු සතුව ශාන්ත, අද්භූත සහ මිනිසුන්ව වශීකරගන්න පුලුවන් අමුතු කටහඩක් තියනවා. ඒ වගේමයි ඔහු හරිම හාස්‍යජනක පුද්ගලයෙක්. ඔහුට ඕනෙම මට්ටමකට මේ චරිතය ගෙනයන්න පුලුවන්..."

මටනම් මේ ට්‍රේලර් එක බලපුවාම කියන්න පුලුවන් Joss Whedon ගේ තේරීම හරියට හරි කියලා. ඉතින් අපි මේ වෙනකම් අල්ට්‍රෝන් ට හඩකවන්නේ කවුද කියන එක ගැන කතා කරා. දැන් අපි බලමු ඇත්තටම අල්ට්‍රෝන් කියන්නේ කවුද කියලා.

ඇත්තටම කවුද මේ අල්ට්‍රෝන් කියන්නේ?

අල්ට්‍රෝන් කියන්නේ මේ චිත්‍රපටියේ ඉන්න දුෂ්ඨයා. Marvel Comics වලන අනුවනම් ඇත්තටම මේ අල්ට්‍රෝන්ව නිර්මාණය කරන්නේ Dr. Hank Pym. ඔහුව තව නමකින් හදුන්වනවනම් Ant-Man. නමුත් Marvel ආයතනය කියන විදිහට 'ද ඇවෙන්ජර්ස් ඒජ් ඔෆ් අල්ට්‍රෝන්' චිත්‍රපටියේ අල්ට්‍රෝන්ව නිර්මාණය කරන්නේ Tony Stark. මෙයට හේතුව සමහර විට කැප්ටන් ඇමෙරිකා: ද වින්ටර් සෝල්ජර් චිත්‍රපටියේදි සිදු වෙච්ච Hydra සංවිධානයේ නැගීසිටීමත් S.H.I.E.L.D එකට සිද්දවෙච්ච විනාශයත් වෙන්න ඇති කියලා හිතෙනවා. කොහොම හරි සාමය ‍රැකගෙන කරදර වලින් ලෝකය ආරක්ෂා කරගන්න හිතාගෙන Tony Stark අලුත්ම වැඩ පිළිවෙලක් දියත් කරනවා. ඒ තමා JARVIS ට සමාන, armor suits ටික තනිවම ක්‍රියාත්මක කල හැකි AI (Artificial Intelligence) වර්ගයේ වැඩසටහනක් නිර්මාණය කිරීම. මේ විදිහට තමයි Ultron ව නිර්මාණය වෙන්නේ. නමුත් ටොනී ස්ටාක් බලාපොරොත්තු වුන විදිහට මේක සාර්ථක වෙන්නේ නැති පාටයි.

අල්ට්‍රෝන්

Tony Stark ඇතුලු සුපිරි වීරයෝ ටික එකතු වෙලා පවත්වන සාදයකදි තමයි මුල්ම වරට අපිට අල්ට්‍රෝන්'ව දැකගන්න පුලුවන් වෙන්නේ. මම ආයෙත් කියනවා ජේම්ස් ස්පැඩර් නම් සුපිරි විදිහට අල්ට්‍රෝන්'ගේ චරිතයට හඩකවලා තියනවා.

ඉතින් අපිට මේ චිත්‍රපටයෙන් අලුතින් එකතුවුන James Spader වගේම කලින් සදහන් කරා වගේ තවත් සුපුරුදු චරිත කීපයක්ම මුනගැහෙනවා. ඒ මාවල් චිත්‍රපටි කීපයකදිම Nick Fury ගේ චරිතය රගදක්වපු Samuel L. Jackson නුත්, Maria Hill ගේ චරිතයට පණ පොවපු Cobie Smulders සහ අයන් මෑන් චිත්‍රපටි මාලාවෙන් අපි කවුරුත් හදුනගත්ත JARVIS ට හඩකවපු Paul Bettany වත් අපිට නැවත මේ චිත්‍රපටියෙන් දැක බලාගන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි Paul Bettany, The Vision නමින් අලුතෙන් චරිතයකටත් පණ පොවනවා. අලුතෙන් ඇවෙන්ජර්ස් චිත්‍රපටියට එකතු වෙන නළු නිළියන් අතරින් 2014 තිරගත වුන Godzilla චිත්‍රපටියේ ප්‍රධාන චරිත රගදක්වපු Elizabeth Olsen සහ Aaron Taylor-Johnson විශේෂ තැනක් ගන්නවා. ඔවුන් පිළිවෙලින් Scarlet Witch සහ Quicksilver, එහෙම නැත්නම් Wanda Maximoff සහ Pietro Maximoff කියන නිවුන්නුන්ගේ චරිත 2ක රගදක්වනවා. (කැප්ටන් ඇමෙරිකා: ද වින්ටර් සෝල්ජර් චිත්‍රපටියේ End Credits Scenes එකේ ඔයාලට මේ චරිත 2ක දැකගන්න පුලුවන්.)

ස්කාලට් විච් සහ ක්වික්සිල්වර්

ට්‍රේලර් එක බලපුවහම ඔයාලට පේනවා මේ දෙන්නා අල්ට්‍රෝන් එක්ක එකතු වෙනවා කියලා. සමහරවිට මොවුන් අපේ සුපිරි වීරයන්ට විරුද්ධව වැඩ කරන්නේ වින්ටර් සෝල්ජර් චිත්‍රපටියේ අවසානයේ අපි දැක්ක විදිහට මෙයාලට සිදු කරපු පරික්ෂණ වල ප්‍රථිඵලයක් විදිහට වෙන්න පුලුවන්. කොහොම වුනත් Marvel comics වලදි මේ දෙන්නා වීරයෝ වගේම හතුරොත් වෙලා තියෙනවා. තවම අපිට හරි අදහසක් ගන්න බෑ මොවුන් චිත්‍රපටිය පුරාවටම හතුරගේ පැත්තට වැඩ කරයිද එහෙම නැත්නම් චිත්‍රපටියේ අවසානයේවත් අපේ සුපිරි වීරයන්ට එකතු වෙයිද කියලා.

චිත්‍රපටියට අලුතෙන් එකතුවුන නළු නිළියන් විතරක් නෙවෙයි මේ ට්‍රේලර් එකෙන් ඔයාලට තව Natasha Romanoff ගේ Harley Davidson බයික් එක, Quinjet අලුත්ම මොඩල් එක, අයන් මෑන්ගේ Hulkbuster සූට් එක වගේ කුතුහලය දනවන ගොඩක් දේවල් බලාගන්න පුලුවන්.

හාර්ලි ඩේවිඩ්සන්+ක්වීන්ජෙට්+හල්ක්බස්ටර්

ඔය රූපයේ මුලින්ම තියෙන්නේ නටාෂා හෙවත් බ්ලැක් විඩෝ පදින Harley Davidson'ලගේ LiveWire බයික් එක (Project LiveWire - Electric Motorcycle), ඊලගට ඔයාලට බලාගන්න පුලුවන් The Avengers සහ Captain America: The Winter Soldier චිත්‍රපටියෙත් Agents of S.H.I.E.L.D. රූපවාහිනී කතාමාලාවෙත් දකින්නට ලැබුනු Quinjets වල අලුත්ම මොඩල් එක. අපිට කලින් දකින්න ලැබුන ඒවට වඩා තරමක් විශාලව හා වැඩි තාක්ෂණයකින් මේ Quinjet එක නිර්මාණය කරලා තියනවා. කලින් ඒවට වඩා මේ Quinjet එකේ ඇති ප්‍රධාන වෙනසක් වන්නේ එක නියමු ආසනයක් තිබීමයි. (එම ආසනය බොහෝ දුරට Hawkeye සදහා.) ඒ වගේම Black Widow ගේ බයික් එකත් මේකේ දාගෙන යන්න පුලුවන්. ඊලගට අපිට දකින්න පුලුවන් අයන් මෑන්ගේ අලුත්ම සූට් එක. Hulkbuster. Tony මේක විශේෂයෙන්ම හදලා තියෙන්නේ හල්ක්'ව මර්දනය කරන්න කියලා අපිට හිතාගන්න පුලුවන්. ඔහු අලුතෙන් arc reactor දෙකක් මේ සූට් එකේ දණහිස් වලටත් එකතු කරලා තියනවා ඔයාලට බලාගන්න පුලුවන්. ට්‍රේලර් එකේ තියනවා හල්ක් මේ අයන් මෑන්ගේ Hulkbuster සූට් එකත් එක්ක සටන් කරන ජවනිකාවක්. ඒ හල්ක්'ට තමන්ව පාලනය කරගන්න බැරුව අයන් මෑන් එක්ක සටන් කරනවද? එහෙම නැත්නම් මේ සූට් එක අල්ට්‍රෝන් ගේ පාලනයට යටත්වෙලාද? අපිට තව හරියටම හිතාගන්න බෑ.

ඊලගට ඔයාලට අල්ට්‍රෝන්ගේ අප්ඩේට් එක, කැප්ටන්ගේ කැඩුනු ෂීල්ඩ් එක සහ ස්මීගෝල් මොකද ඇවෙන්ජර්ස් 2 වල කරන්නේ කියන එක ගැන පොඩි විස්තර ටිකක් දැනගන්න පුලුවන්.

අල්ට්‍රෝන්+වයිබ්‍රේනියම්+කැප්ටන්ගේ ෂීල්ඩ් එක

අපිට ට්‍රේලර් එක මුලදිම වගේ දැකගන්න පුලුවන් උණු වෙන ලෝහ අතරින් අතක් මතුවෙන සීන් එකක්. ගොඩක් වෙලාවට මේ අල්ට්‍රෝන් vibranium වලින් තමන්ව අප්ඩේට් කරගන්නවා වෙන්න පුලුවන්. අපිට ට්‍රේලර් එකේ අවසානයට ලං වෙනවිට දැකගන්න පුලුවන් අල්ට්‍රෝන්ගේ අලුත්ම පෙනුම. මෙයා vibranium වලින් තමන්ව අලුත්වැඩියා කරගෙන තියනවා කියලා හරියටම තහවුරු කරගන්න පුලුවන් වෙන්නේ අපිට කැප්ටන් ඇමෙරිකාගේ කැඩුන shield එක දැක්කහමයි. මොකද මේ කැප්ටන්ගේ shield එක හදලා තියෙන්නෙත් vibranium වලින්. මේ vibranium කියන්නේ, Marvel Comics ලෝකයේ හරිම ශක්තිමත්, දුර්ලභ ලෝහයක්. ඉතින් මේක කඩන්න තරම් ශක්තියක් එන්න අනිවාරයෙන්ම අල්ට්‍රෝන්'ට තමන්ව vibranium වලින් අප්ඩේට් කරගන්න වෙනවා.

ඉතින් මේ කැඩුනු shield එක කැප්ටන්ට හදාගන්න අවශ්‍යනම් අනිවාරයෙන්ම ඔහුට Wakanda වලට යන්න වෙනවා. (Tony stark ලග තියන තාක්ෂණයටත් මේක හදන්න පුලුවන්ද කියලා හරියටම දන්නේ නෑ.) මොකද Marvel Comics ලෝකයේ මේ vibranium හොයාගන්න පුලුවන් එක තැනක් තමයි Wakanda රට. ඉතින් අපේ කැප්ටන් Wakanda වලට යනවා කියන්නේ ඉදිරියට තවත් සුපිරි වීරයෙක් එකතු වෙන්න යනවා කියන එකයි. ඒ Black Panther යි. ඔහුගේ නිජභූමිය වන්නේ Wakanda යි. ඉතින් අපිට මේ බ්ලැක් පැන්තර්ව ඇවෙන්ජර්ස් 2 චිත්‍රපටිය අවසානයේදී හෝ ඉදිරි චිත්‍රපටි වලදි දැකගන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා. Black Panther ව Marvel'ලා එකතු කරගන්න යන ආරංචිය සනාථ කරමින් Andy Serkis එහෙම නැත්නම් අපි කවුරුත් දන්න Lord of the Rings චිත්‍රපටි මාලාවේ ස්මීගෝල්, මේ ට්‍රේලර් එකේ පෙනී සිටිනවා.

Andy Serkis, Ulysses Klaw චරිතයද රගපාන්නේ?

මොහුගේ පෙනුම හැටියට මේ Andy Serkis රගපාන්නේ Ulysses Klaw ගේ චරිතය කියලා ආරංචියක් මේ දිනවල ඉන්ටර්නෙට් එක පුරාවට පැතිරෙනවා. ඉතින් මේ කතාව ඇත්තක්නම්, Ulysses Klaw කියන්නේ අපි ඉස්සල්ලා කතා කරපු Black Panther ගේ පරම හතුරා. ඉතින් අපිට මේ විස්තර හැම එකක්ම ඉදිරියේදි හරියටම දැනගන්න පුලුවන්. මොකද අපි බලාපොරොත්තු වෙනවා මාවල් ආයතනය මේ චිත්‍රපටිය සම්බන්ධයෙන් පොඩි පොඩි ඉගි ඉදිරියට ලබාදෙයි කියලා.

කිව්වත් වගේ දැන් බලද්දි ඔන්න තවත් ට්‍රේලර් එකක කොටසක් මාවල් ආයතනය විසින් ප්‍රචාරය කරලා තියනවා.



මේ The Avengers: Age of Ultron චිත්‍රපටිය 2015 වසරේ මැයි පළමුවන දින තිරගත වීමට නියමිතයි. දැන් මට දැනගන්න ලැබුනා මාවල් ආයතනය විසින් නිකුත් කරපු තවත් වැදගත් ආරංචියක්. ඒ තමා ඇවෙන්ජර්ස් 2 චිත්‍රපටිය පසුපස අපි කවුරුත් ආසාවෙන් බලාගෙන ඉන්න තවත් චිත්‍රපටි කීපයක් එන්න යනවා කියලා. ඒ තමා Ant-Man චිත්‍රපටිය 2015 වසරේ ජූලි 17 වන දිනත්, Captain America තුන් වන චිත්‍රපටිය Captain America: Civil War චිත්‍රපටිය 2016 වසරේ මැයි 6 වන දිනත්, Doctor Strange කියලා චිත්‍රපටියක් 2016 යේම නොවැම්බර් මාසයේ 4 වෙනිදත්, Guardians of the Galaxy දෙවන චිත්‍රපටිය Guardians of the Galaxy 2 2017 වසරේ මැයි 5 ත්, Thor 3 හෙවත් Thor: Ragnarok චිත්‍රපටිය 2017, ජූලී මාසයේ 28 ත්, බ්ලැක් පැන්තර්ව ව මාර්වෙල් ලෝකයට ගෙන එමින් Black Panther චිත්‍රපටිය 2017 නොවැම්බර් 3 වෙනිදත්, ඇවෙන්ජර්ස් චිත්‍රපටිමාලාවේ තුන් වැන්න Avengers: Infinity War – Part 1 ලෙස 2018 මැයි 4 වෙනිදත්, තවත් අලුත් චරිතයක් වන කැප්ටන් මාර්වල්ව හදුන්වා දෙමින් Captain Marvel චිත්‍රපටිය  2018 ජූලි 6 වෙනිදත්, Inhumans චිත්‍රපටිය 2018 වසරේ නොවැම්බර් 2 ත්, ඇවෙන්ජර්ස් 3 වෙනි චිත්‍රපටියේම දෙවෙනි කොටස Avengers: Infinity War – Part 2 ලෙස 2019, මැයි මස තුන් වනදාත් තිරගත කිරීමට නියමිත කරගෙන තියනවා.

ඉතින් මේ ලිපිය මම අවසන් කරන්න හිතුවා ' ද ඇවෙන්ජර්ස්: ඒජ් ඔෆ් අල්ට්‍රෝන්' ට්‍රේලර් එකේ අවසානයේ ජේම්ස් ස්පැඩර් කියන වගන්තියක් ගෙන හැර දක්වමින්.

"Now I'm free... There are no strings on me..."

මේ ට්‍රේලර් එකේ පසුබිමේ වාදනය වන ගීතය වන්නේ Walt Disney'ලාගේ ඇනිමේටඩ් ‍ෆිල්ම් එකක් වන Pinocchio'හි "I've Got No Strings" කියන ගීතයේ බියකරු අනුවාදනයකි.

ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ ඉදිරියට එන්න තියන මේ චිත්‍රපටි ගැන සහ ද ඇවෙන්ජර්ස් ඒජ් ඔෆ් අල්ට්‍රෝන් චිත්‍රපටිය ගැන?


ද ඇවෙන්ජර්ස් ඒජ් ඔෆ් අල්ට්‍රෝන්, අයන් මෑන්, කැප්ටන් ඇමෙරිකා, බ්ලැක් විඩෝ, නටාෂා, ‍තෝර්, හල්ක්, බෲස් බැනර්, හෝව්ක්අයි, අල්ට්‍රෝන්, ජෝස් වෙඩ්න්, හයිඩ්‍රා, ජාර්විස්, ඈන්ට් මෑන්, නික් ‍ෆියුරි, මරියා හිල්, ස්කාර්ලට් විච්, ක්වික්සිල්වර්, ද විෂන්, බ්ලැක් පැන්තර්, ඇන්ඩි සර්කිස්, උලෙයිසස් ක්ලෝව්, ටෝනි ස්ටාක්, රොබට් ඩවුනි ජූනියර්, ක්‍රිස් එවින්ස්, ස්කාලට් ජොහැන්සන්, ක්‍රිස් හෙම්ස්වර්ත්, මාර්ක් රෆලෝ, ජෙරමි රෙනර්, ජේම්ස් ස්පැඩර්, කැප්ටන් ඇමෙරිකා සිවිල් වෝර්, ඩොක්ටර් ස්ට්‍රේන්ජ්, ගාර්ඩියන් ඔෆ් ද ගැලැක්සි 2, ‍තෝර් රග්නරොක්, ඇවෙන්ජර්ස් ඉන්‍ෆිනිටි වෝර්, කැප්ටන් මාර්වල්, ඉන්හියුමන්,

3 comments:

  1. අලුත් පොස්ට් එකක් කියවන්න ලැබුනු එක ගැන මාරම සන්තොසයි යාලුවා.මම හිතුවෙ බ්ලොග් ලියන එක අතෑරලා වෙන්න ඇති කියලා.ලගදි ලග්දි දෙතුන් පාරක් ම ඇවිත් ගියත් අලුත් පොස්ට් මොකුත් තිබුනෙ නැහැනේ.ඒ කොහොම උනත් පුලුවන් හැම වේලේම මොනාම හරි ලියපන් මචන්!අඩු ගානේ මූවීස් ගැන හරි කමක් නෑ!කොච්චර බ්ලොග් තිබ්බත් උබේ එකත් බ්ලොග් අවකාශයට උවමනාම බ්ලොග් එකක්..පොස්ට් එක නියමයි.ෆස්ට් ක්ලාස්!!!!!!!ජය වේවා!

    ReplyDelete
  2. @ සදාහරිත :

    බොහෝම ස්තුතියි සහෝදරයා comment එකට. ඔව් පහුගිය ටිකේ ලිපි ටිකක් ලියන්න බැරිවුනා තමයි. පොඩි වැඩ වගයකට හිරවෙලා හිටියා. මේ ටිකේ බ්ලොග් එක ඇතුලේ පොඩි වැඩ වගයක් කරනවා. ඒවා ටික ඉවරවුන ගමන් දිගටම ලිපි ලියන්න තමයි මම බලාපොරොත්තුවෙන් ඉන්නේ.

    ReplyDelete
  3. කියන්න වචන නෑ. මේක මගෙ blog එකටත් දැම්මා [බය වෙන්න එපා,linkඑකක් දැම්මා] ඔයා ඒකට අකමැතිනම් manula.ppssinghe@gmail.com එකට එවන්න.THANK YOU................................

    ReplyDelete