Dracula (TV Series 2013) - ඩ්‍රැකියුලා - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Tuesday, November 19, 2013

Dracula (TV Series 2013) - ඩ්‍රැකියුලා

Dracula (TV Series 2013– ) - ඩ්‍රැකියුලා

Dracula කියන්නේ NBC රූපවාහිනී නාලිකාව විසින් ප්‍රථම වරට 2013 වසරේ විකාශනය කිරීම ඇරඹු රූපවාහිනී කතා මාලාවක්. මෙම කතා මාලාවේ නිර්මාතෘවරයා තමයි Cole Haddon කියන්නේ. ඔහු මේ කතා මාලාව නිර්මාණය කරලා තියෙන්නේ අයර්ලන්ත නවකතා රචකයෙකු වන Bram Stoker ගේ Dracula කියන නවකතා පොත පාදක කරගෙනයි.

කතා මාලාව ආරම්භ වෙන්නේ Dracula, ලන්ඩන් නගරයට පැමිණීමෙන්. ඇමරිකානු පුරවැසියෙකු ලෙසින්, Alexander Grayson නමින් පෙනී සිටින ඔහු මේ වික්ටෝරියා සමාජයට නවීන විද්‍යාවක් හදුන්වලා දෙනවා. නමුත් ඔහුගේ ප්‍රධාන අරමුණ වෙන්නේ දශක ගණනාවකට පෙර තම ජීවිතය විනාශ කරපු මිනිසුන්ගෙන් පළිගැනීමයි. නමුත් බලාපොරොත්තු නොවුන විදිහට ඔහුට තම මියගිය බිරිදගේ පෙනුම තියන, ඇයගේ පුනරුත්පත්තියක් ලෙස හදුන්වන්න පුලුවන් Mina Murray ව මුණගැසෙනවා. මේ සියල්ලත් එක්ක Alexander Grayson, තම ජීවිතය විනාශ කරපු මිනිසුන්ගෙන් පළිගන්න හැටි අපිට මේ ටීවී සීරීස් එකෙන් බලාගන්න පුලුවන්.

මේ රූපවාහිනී කතා මාලාව ගැන තව තොරතුරු ටිකක් අපි දැන් බලමු.

Genre : Drama | Horror | Thriller
Created by : Cole Haddon
Starring : Jonathan Rhys Meyers, Jessica De Gouw, Thomas Kretschmann, Victoria Smurfit, Oliver Jackson-Cohen, Nonso Anozie, Katie McGrath
Official Site : NBC | Dracula
Country of origin : United Kingdom, United States
Language(s) : English
No. of seasons : 1
Executive producer(s) : Colin Callender, Daniel Knauf, Tony Krantz, Gareth Neame, Anne Mensahn
Location(s) : Hungary
Running time : 43 min / ep
Production company(s) : Universal Television, Carnival Films, Flame Ventures, Playground
Original channel : NBC
Original run : October 25, 2013 – present

Dracula රූපවාහිනී කතා මාලාවේ රගපාන නළු නිළියන් ගැන කතා කරොත් ප්‍රධාන චරිතය ලෙස Alexander Grayson එහෙම නැත්නම් Dracula ගේ චරිතය, Jonathan Rhys Meyers විසින් රගදක්වන අතර ඔහුගේ හිටපු බිරිද Ilona, එහෙම නැත්නම් ඇයගේ පුනුරුත්පත්තිය වන Mina Murray ගේ චරිතය Jessica De Gouw විසින් රගදක්වනු ලැබේ. ඒ වගේම Professor Abraham Van Helsing ගේ චරිතය Thomas Kretschmann විසිනුත්, Jonathan Harker ගේ චරිතය Oliver Jackson-Cohen විසිනුත් රගදක්වනු ලැබේ.

ඔයාලා සමහර විට මේ චරිත දන්නේ නැතුව ඇති. ඒ හින්දා මම මේ චරිත ගැන වැඩි දුරටත් පහලින් විස්තර කරලා තියනවා.


Dracula / Alexander Grayson (Jonathan Rhys Meyers):
ඩ්‍රැකියුලා, ඇලෙක්සැන්ඩර් ග්‍රේසන් කියන නමින් ලන්ඩන් නගරයට පැමිණෙන්නේ ඇමරිකානු පුරවැසියෙක් විදිහට. නවීන විද්‍යාව මේ සමාජයට හදුන්වාදීම ඔහුගේ බලාපොරොත්තුවයි. නමුත් ඔහුගේ යටි අරමුණ වෙන්නේ දශක කීපයකට කලින් ඔහුගේ බිරිද ඝාතනය කර, ඔහුගේ ජීවිතය විනාශ කරපු The Order of the Dragon සංගමය විනාශ කිරීමයි.

Mina Murray / Ilona (Jessica De Gouw):
ඇලෙක්සැන්ඩර් ග්‍රේසන් ගේ මිය ගිය බිරිද වන එලෝනා ගේ හැඩහුරුවට සමානකම් කියන මීනා මරේ කියන්නේ, මහාචාර්ය වැන් හෙල්සින් යටතේ වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න සිසුවියක්. ඇය ජොනතන් හාකර් ගේ පෙම්වතියයි. ඒ වගේම මීනගේ හොදම මිතුරිය වන්නේ ලුසී වෙස්ටන්රයි.

Professor Abraham Van Helsing (Thomas Kretschmann):
ප්‍රොෆෙසර් එබ්‍රහම් වැන් හෙල්සින් කියන්නේ මිනා මරේට වෛද්‍ය විද්‍යාව උගන්වන මහාචාර්යවරයා. ඩ්‍රැකියුලගේ වගේම තම පවුලත් විනාශ කරපු The Order of the Dragon සංගමය විනාශ කිරීම තමයි ඔහුගෙත් එකම බලාපොරොත්තුව. ඒ සදහා ඩ්‍රැකියුලව ලන්ඩන් වලට ගෙන්වා ගත්තෙත් වැන් හෙල්සින්ම තමා. ඔහු ඩ්‍රැකියුලා වෙනුවෙන්, වැම්පයර්වරුන්ට හිරු එළියෙන් කරදරයක් නොවෙන ආකාරයට බෙහෙතක් නිර්මාණය කරනවා.

R.M. Renfield (Nonso Anozie):
ආර්.එම් රෙන්ෆීල්ඩ් කියන්නේ ඇලෙක්සැන්ඩර් ග්‍රේසන්ගේ විශ්වාසවන්තම පුද්ගලයෙක්. ග්‍රේසන්ගේ හැම රහසක්ම ආරක්ෂා කරගෙන ඔහුගේ වැඩ වලට උදව් කරන රෙන්ෆීල්ඩ්, ඔවුන් ජීවත් වන Carfax මන්දිරයේ සේවකයන්ගේ ප්‍රධානියාද වෙනවා.

Jonathan Harker (Oliver Jackson-Cohen):
ජොනතන් හාකර් කියන්නේ Inquisitor පුවත්පතේ වැඩ කරන දක්ෂ පුවත්පත් වාර්තාකරුවෙක්. තමන් කරන දේ වෙනුවෙන් කැපවෙලා වැඩ කරන කෙනෙක්. ජොනතන් හාකර්ගේ ආදරවන්තිය වන්නේ මීනා මරේයි. හාකර් පුවත් පතක වැඩ කරන කෙනෙක් නිසා ඔහුගේ වටිනාකම දැනුන ග්‍රේසන්, හාකර්ට අලුත් ‍රැකියාවක් පිරිනමනවා. ඒ ඇලෙක්සැන්ඩර් ග්‍රේසන්ට තර්ජනයක් වෙයි කියලා හිතෙන අය ගැන කවුරුවත් නොදන්න (රහස්) තොරතුරු හොයන්න.

Lucy Westenra (Katie McGrath):
ලුසී වෙස්ටන්ර කියන්නේ මීනා මරේගේ හොදම යාලුවා. ඒ වගේම ජොනතන් හාකර්ගෙත් යාලුවෙක්. ඇය ඉතා සුන්දර රූසපුවක් ඇති උසස් පෙලන්තියේ කෙනෙක්. කතාව ඉදිරියට යනවිට ඇයට මීනා මරේ ගැන ආදරණීය හැගීමක් ඇති වෙනවා.

Lady Jayne Wetherby (Victoria Smurfit):
ලේඩි ජේන් වෙදර්බි කියන්නේ වැම්පයර්වරුන් දඩයම් කරන කෙනෙක්. ඇය The Order of the Dragon සංගමයේ ප්‍රබල සාමාජිකාවක් වගේම ඔවුන් සතු බළවත් ආයුධයක්. ඇලෙක්සැන්ඩර් ග්‍රේසන්, ලේඩි ජේන්ට ලංවෙන්නේ කොහොම හරි ඇයගේ විශ්වාසය දිනාගන්න. ගේසන් දන්නවා ඇයගේ හිත දිනාගන්නවා කියන්නේ The Order of the Dragon සංගමයට කාටත් නොදැනී ලංවෙන්න පුලුවන් වෙන බව.

මීට වඩා මේ චරිත ගැන විස්තර දැනගන්න ඕනෙනම් ඔයාලට මේ කතා මාලාව නරඹන්න වෙනවා. ඔක්තෝම්බර් 25 වෙනිදා ඉදන් හැම සිකුරාදාවකම, NBC නාලිකාව ඔස්සේ මේ රූපවාහිනී කතා මාලාව විකාශනය වෙනවා.

Dracula 2013 TV Series

Fridays at 10/9c on NBC

Dracula 2013 - FacebookDracula 2013 - TwitterDracula 2013 - Google PlusDracula 2013 - YoutubeDracula 2013 - Tumblr


Saagaraya TV Series, ඩ්‍රැකියුලා, නාට්‍යමය, හොල්මන්, ත්‍රාසජනක, NBC, Dracula 2013,

No comments:

Post a Comment