Man of Steel (2013) - සුපිරි මිනිසා - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Wednesday, October 23, 2013

Man of Steel (2013) - සුපිරි මිනිසා

සුපිරි මිනිසා

DC Comics වල සිටින Superman කියන චරිතය ඇසුරෙන් 2013 වසරේදී නිර්මාණය කෙරුණ චිත්‍රපටියක් තමයි Man of Steel කියන්නේ. Zack Snyder විසින් අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටිය, මීට පෙර නිර්මාණය වුන Superman Film Series එකේ ප්‍රතිනිර්මාණයක් කියන්න පුලුවන්. Charles Roven, Emma Thomas, Deborah Snyder සහ සුපිරි චිත්‍රපටි අධ්‍යක්ෂක කෙනෙක් වන Christopher Nolan විසින් මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරන අතර මෙහි කතාව Christopher Nolan සහ David S. Goyer අතින් ලියවී තිබෙනවා.

Christopher Nolan මහතා මීට පෙර DC සමාගම සමග සම්බන්ධ වුනේ, DC Comics වල සිටි Batman ගේ චරිතය ඇසුරෙන් නිර්මාණය කෙරුන The Dark Knight චිත්‍රපටි ත්‍රිත්වය සදහායි. අධ්‍යක්ෂණය වගේම එහි කතාවත් නිර්මාණය කරමින් බැට් මෑන්ට ආදරය කරන ප්‍රේක්ෂකයන් සදහා මේ චිත්‍රපටි ත්‍රිත්වය ගෙනදුන් Christopher Nolan මහතා, DC සමාගමත් සමග එකතුව නිර්මාණය කරන චිත්‍රපට ඉදිරියටත් අපිට බලාගන්න පුලුවන්. ඔයාලා The Dark Knight චිත්‍රපටි ත්‍රිත්වය බලලා නැත්නම් පහලින් ඒ චිත්‍රපටි ඇතුලත් ලිපි වලට ගිහින් වැඩි විස්තර බලාගන්න.
දැන් අපි කතා කර කර හිටියේ Man of Steel චිත්‍රපටිය ගැනනේ, ඉතින් මේ චිත්‍රපටිය ප්‍රේක්ෂකයන්ගේ ඉතා ඉහල ප්‍රසාදයක් දිනාගනිමින් සාර්ථකව තිරගතවුන චිත්‍රපටියක් කියලා කියන්න පුලුවන්. ඒ වගේම මේ ගතවුන අවුරුදු කීපය තුළ DC ආයතනය සහ Marvel ආයතනය නිර්මාණය කරන Comics වල සිටි සුපිරි වීරයන්ගේ චරිත ඇසුරෙන් නිෂ්පාදනය කෙරුන චිත්‍රපටි සදහා සෑහෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හමුවී තිබුනා. ඒ නිසා අපිට ඉදිරියටත් මේ ආයතන දෙක කරට කර නිර්මාණ කරන සුපිරි වීරයන් ඇතුලත් චිත්‍රපට සෑහෙන ප්‍රමාණයක් දකින්න පුලුවන්.

Man of Steel චිත්‍රපටිය Warner Bros සමාගමේ බෙදාහැරිමක් වන අතර මේ චිත්‍රපටියේ ගලාගෙන යන කතාව, ඔයාලා Smallville (2001–2011) කියන රූපවාහිනී කතාමාලාව බලලා තියනවනම් ඒ ගැන අමුතුවෙන් දැනගන්න දෙයක් නෑ. කොහොම වුනත් ඒ TV Series එක බලලා නැති අයට පැහැදිලි වෙන්න මම කතාවෙන් ටිකක් කියන්නම්. නමුත් ඒ ගැන විස්තර කතා කරන්න කලින් අපි මේ චිත්‍රපටිය ගැන පොඩි අමතර විස්තර ටිකක් බලලා ඉමු.

Genre : Action | Adventure | Fantasy
Directed by : Zack Snyder
Produced by : Christopher Nolan, Charles Roven, Emma Thomas, Deborah Snyder
Starring : Henry Cavill, Amy Adams, Michael Shannon, Diane Lane, Kevin Costner, Laurence Fishburne, Antje Traue, Ayelet Zurer, Christopher Meloni, Russell Crowe
Distributed by : Warner Bros. Pictures
Release date(s) : June 14, 2013
Running time : 143 minutes
Country : United States, United Kingdom
Language : English


චිත්‍රපටියේ කතාව ගලාගෙන යන්නේ මෙහෙමයි,

Jor-El සහ Lara, ඔවුන්ගේ එකම දරුවා වන Kal-El ව යානාවක් මගින් පෘතුවිය වෙත යවන්නේ ඔවුන් ජීවත් වන Krypton නැමති ග්‍රහලෝකය විනාශ වෙමින් පවතින නිසාය. පෘතුවියේදී Clark Kent නමින් Smallville කියන ගමේ හැදී වැඩෙන මේ දරුවාට දෙමව්පියන් වන්නේ Jonathan Kent සහ Martha Kent කියන දෙපලයි. Clark Kent වෙනත් ග්‍රහලොවකින් පැමිණි කෙනෙක් නිසා පෘතුවියේදී අසාමාන්‍ය හැකියාවන් ඔහු සතුවෙනවා. ඒ නිසා මොහු සාමාන්‍ය පුද්ගලයන්ට වඩා බලවත් වෙනවා. ඒ වගේම තනිවෙනවා. මේ පිළිබදව ක්ලාක්ට ඇතිවුන ප්‍රශ්ණයකදී, ඔහුගේ පියා වන ජොනතන් කෙන්ට් ඔහුට හොද උපදේශයක් ලබාදෙනවා." එක දවසක ඔයාට තීරණයක් ගන්න වෙනවා. ඒ ඔයා ලොකුවුනහම මොනවගේ පුද්ගලයෙක් වෙනවද කියලා. ඒ පුද්ගලයා හොද චරිතයක් වුනත් නරක චරිතයක් වුනත්, ඔහු මුලු ලෝකයම වෙනස් කරන්න පුලුවන් පුද්ගලයෙක් වෙනවා." ඉතින් මේ ක්ලාක් කෙන්ට් ඉදිරියේදී මුලු ලෝකයම වෙනස් කරන ආකාරය ඔයාලට මේ චිත්‍රපටිය ඔස්සේ නරඹන්න පුලුවන්.

මම ඔයාලට මේ විස්තර කරලා කිව්වේ චිත්‍රපටියේ මුල් හරියෙන් පොඩි කොටසක්. චිත්‍රපටියේ ප්‍රධාන වශයෙන් කතාව ගලාගෙන යන්නේ මෙහෙමයි. Krypton නැමති ග්‍රහලෝකයේ සිටි හමුදා ප්‍රධානියා වන General Zod පෘතුවියට පැමිණ, මනුස්ස සංහතිය විනාශ කර පෘතුවිය  Krypton ග්‍රහලෝකය බවට පත් කරන්න යනවා. මනුෂ්‍යවර්ගයාගේ යහපත උදෙසා අපේ සුපිරිවීරයා වන Clark Kent එහෙම නැත්නම් Superman, Zod ට විරුද්ධව සටන් වදිනවා. මොවුන් අතර ඇතිවන සටන, ඒ අතරට මැදිවන මාධ්‍යවේදියෙකු වන Lois Lane ගේ කතාව සහ පෘතුවියේ ජීවත්වන මිනිස්සු කොහොමද මේකට මුහුන දෙන්නේ කියලා ඔයාලට මේ චිත්‍රපටිය ඔස්සේ දැක බලාගන්න පුලුවන්.

Man of Steel චිත්‍රපටිය මේ ආකාරයට සාර්ථක නිර්මාණයක් බවට පත් කරගන්න ප්‍රධාන වශයෙන්ම දායක වුන පිරිසක් තමයි මේ පහල ඉන්නේ. ඒ මේ චිත්‍රපටියේ රගපාන නළු නිළියන්.

Man of Steel (2013) - Cast

චිත්‍රපටියේ ප්‍රධාන චරිතය Kal-El / Clark Kent එහෙම නැත්නම් Superman ගේ චරිතය Henry Cavill විසින් රගදක්වන අතර Lois Lane ගේ චරිතය Amy Adams විසින් රගදක්වයි. ඒ වගේම චිත්‍රපටියේ දුෂ්ඨයා වන General Zod ගේ චරිතය Michael Shannon විසිනුත් ක්ලාක් කෙන්ට් හදාගත්ත දෙමාපියන් විදිහට Jonathan සහ Martha Kent ගේ චරිත පිළිවෙලින් Kevin Costner සහ Diane Lane විසින් රගදක්වයි. ක්ලාක්ගේ සැබෑ දෙමව්පියන් වන Jor-El සහ Lara Lor-Van ගේ චරිත පිළිවෙලින් Russell Crowe සහ Ayelet Zurer විසින් රගදක්වන අතර, මීට අමතරව Laurence Fishburne, Antje Traue, Harry Lennix, Christopher Meloni, Richard Schiff.. ආදී තවත් දක්ෂ නළු නිළියන් රාශියක් මේ චිත්‍රපටිය සදහා රංගනයෙන් දායකත්වය ලබාදෙයි.

980MB | 720p BRRip


[FORMAT]:.......................[ MP4
[GENRE]:........................[ Action
[FILE SIZE]:....................[ 978.89 MB
[RESOLUTION]:...................[ 1280x536
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ English (SRT File)
[RUNTIME]:......................[ 2h 23min
[SOURCE]:.......................[ 720p

2.04GB | 1080p BRRip


[FORMAT]:.......................[ MP4
[GENRE]:........................[ Action
[FILE SIZE]:....................[ 2.04 GB
[RESOLUTION]:...................[ 1920x800
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ English (SRT File)
[RUNTIME]:......................[ 2h 23min
[SOURCE]:.......................[ 1080p

2.04GB | 3D BRRip


[FORMAT]:.......................[ MP4
[GENRE]:........................[ Action
[FILE SIZE]:....................[ 2.04 GB
[RESOLUTION]:...................[ 1920x1080
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[CODEC]:........................[ X264
[RUNTIME]:......................[ 2h 23min





udp://tracker.publicbt.com:80/announce

udp://tracker.istole.it:80/announce

udp://tracker.openbittorrent.com:80/announce

http://fr33dom.h33t.com:3310/announce

udp://coppersurfer.tk:6969/announce

udp://tracker.openbittorrent.com/announce

http://tracker.coppersurfer.tk:6969/announce

http://tracker.librebt.com:80/announce

http://9.rarbg.com:2710/announce

http://121.14.98.151:9090/announce

http://tracker1.wasabii.com.tw:6969/announce

http://leopard.raws.ws:6969/announce

http://retracker.hotplug.ru:2710/announce

udp://tracker.yify-torrents.com/announce


මෙම චිත්‍රපටියේ දෙවන කොටස ඒ කියන්නේ Man of Steel 2 චිත්‍රපටිය 2015 වසරේ තිරගත වීමට නියමිතයි. ඒ වගේම ඒ චිත්‍රපටිය නම Batman vs. Superman කියලා නිල වශයෙන් නම් කරලා තියනවා. මේ චිත්‍රපටිය සදහා Clark Kent එහෙම නැත්නම් අපි කවුරුත් දන්න Superman ගේ චරිතය සුපුරුදු පරිදි Henry Cavill සහ Lois Lane ගේ චරිතය Amy Adams විසින් රගදක්වන අතර, Bruce Wayne එහෙම නැත්නම් Batman ගේ චරිතය Ben Affleck විසිනුත් රගදක්වන බව නිල වශයෙන් දැනුම් දී ඇත. ඉතින් ඉදිරියේදී අපි මේ Batman vs. Superman (2015) චිත්‍රපටිය පිළිබදව වැඩි විස්තර කතා කරමු.


Man of Steel (2013) චිත්‍රපටිය, Saagaraya Movies, ක්‍රියාදාම, වික්‍රමාන්විත, ෆැන්ටසි, ඉංග්‍රීසි චිත්‍රපටි, 3D චිත්‍රපටි,

No comments:

Post a Comment