Agents of S.H.I.E.L.D. (TV Series 2013) - සුපිරි වීරයන් සොයා යන නියෝජිතවරු - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Tuesday, September 17, 2013

Agents of S.H.I.E.L.D. (TV Series 2013) - සුපිරි වීරයන් සොයා යන නියෝජිතවරු

Agents of S.H.I.E.L.D. (TV Series 2013) - සුපිරි වීරයන් සොයා යන නියෝජිතවරු

Marvel ලෝකය සුපිරි වීරයන්ගෙන් පිරුණ ලෝකයක්. මේ ලෝකයේ සුපිරි වීරයන් සොයාගෙන යන්න S.H.I.E.L.D ආයතනයේ නියෝජිතවරුන් සූදානම්. මේ Joss Whedon, Jed Whedon සහ Maurissa Tancharoen විසින් නිර්මාණය කරපු Marvel's Agents of S.H.I.E.L.D. රූපවාහිනී කතාමාලාවේ ආරම්භයයි. මෙය 2013 වසරේ සැප්තැම්බර් 24 වන දින පළමුවරට ABC රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වීමට නියමිතයි. මේ ටීවී සීරිස් එක නිෂ්පාදනය කර තිබෙන්නේ ABC Studios, Marvel Television සහ Mutant Enemy විසිනි. Agents of S.H.I.E.L.D රූපවාහිනී කතා මාලාව ක්‍රියාදාම, වික්‍රමාන්විත, නාට්‍යමය, විද්‍යා ප්‍රබන්ධ යන වර්ගීකරණවලට අයත් වේ.

Marvel Television, 2012 වසරේ ජූලි මාසයේ තමා මේ ටීවී සීරිස් එක ගැන ABC නාලිකාවත් එක්ක සාකච්චා කරන්න පටන්ගෙන තියෙන්නේ. ඊට පස්සේ 2013 වසරේ ජනවාරි වලදි තමයි මේක මොන විදිහේ කතාවක් විදිහටද නිර්මාණය කරන්න ඔනේ කියලා සාකච්චා කරලා තියෙනවා. ඒ අනුව The Avengers චිත්‍රපටියේ සිදුවුන සිද්ධියෙන් පස්සේ යන කතාවක් විදිහට තමයි මේක නිර්මාණය කර තිබෙන්නේ. මේ රූපවාහිනී කතා මාලාව පළමුවරට රූගත කිරීම්, මේ වසරේ ජනවාරි 22 වන දින ආරම්භ කර ඇති අතර අප්‍රේල් 6 වනදා ABC නාලිකාව විසින් මේ රූපවාහිනී කතා මාලාව "Marvel's Agents of S.H.I.E.L.D " යන නමින් නම් කරලා තියනවා. ඉතින් කොහොම වුනත් ඉදිරියට එන Marvel සුපිරි වීරයන්ගේ චිත්‍රපටි, මේ රූපවාහිනී කතා මාලාවත් එක්ක සම්බන්ධයක් ඇතිවෙයි කියලා මට හිතෙනවා. කොහොම වුනත් Marvel ආයතනය විසින් මේ විදිහට රූපවාහිනී කතා මාලාවක් නිර්මාණය කරන්න ගත්තේ හොද කාලයක කියලා මට කියන්න පුලුවන්. මොකද මොවුන් විසින් නිර්මාණය කරපු Iron Man,Thor, Black Widow, Hawkeye, Captain America, Hulk වගේ සුපිරි වීරයන් ඇතුලත් චිත්‍රපටි ඔක්කොම වගේ ඉතා ඉහලින් සාර්ථකත්වයක් ලැබුවා. ඉතින් ඔය අතරේ තවත් සුපිරි වීරයන් ඉන්න ටීවී සීරීස් එකක් එනවා කියන්නේ අනිවාරයෙන්ම ඒකත් ඉතා ඉහල ප්‍රේක්ෂක ප්‍රසාදයක් දිනාගන්නවා නිසැකයි.

මේ ටීවී සීරීස් එකේ මොනවිදිහේ කතා තේමාවක් යටතෙද ගලාගෙන යන්නේ කියලා දැන් අපි පොඩ්ඩක් කතා කරමු. නමුත් ඊට කලින් ඔයාලට සදහන් කරන්න ඔනේ පොඩි විස්තර ටිකක් තියනවා. ඊට පස්සේ අපි කතාව ගැන කතා කරමු.

Genre : Action | Adventure | Drama | Sci-Fi
Created by : Joss Whedon, Jed Whedon, Maurissa Tancharoen
Based on : S.H.I.E.L.D. by Stan Lee and Jack Kirby
Starring : Clark Gregg, Ming-Na Wen, Brett Dalton, Chloe Bennet, Iain De Caestecker, Elizabeth Henstridge
Official Site : Marvel's Agents of S.H.I.E.L.D.
Country of origin : United States
Language(s) : English
No. of seasons : 1
Executive producer(s) : Joss Whedon, Jed Whedon, Maurissa Tancharoen, Jeffrey Bell, Jeph Loeb
Producer(s) : Garry A. Brown
Distributor : Disney-ABC Domestic Television
Production company(s) : Marvel Television, ABC Studios, Mutant Enemy
Original channel : ABC
Original airing : September 24, 2013

S.H.I.E.L.D එහෙම නැත්නම් Strategic Homeland Intervention, Enforcement and Logistics Division කියන ආයතනය ගැන ඔයාලා මේ වෙනකොටත් දන්නවා. Iron Man, Iron Man 2, Thor, Captain America, The Avengers කියන චිත්‍රපටි ඔයාලා නැරඹුවනම් මේ ආයතනය ගැන ගොඩක් තොරතුරු දැනගන්න පුලුවන්. ඉතින් මේ ආයතනයේ සේවය කරන ප්‍රධාන නියෝජිතවරයෙක් වන Phil Coulson, තවත් පුද්ගලයන් 5 දෙනෙකු සමග අලුතෙන් පොඩි ටීම් එකක් හදනවා. මොවුන්ගේ ප්‍රධාන අරමුණ මේ ලෝකයේ සිටින සුපිරි බල තියන පුද්ගලයන් ගැන විමර්ශණය කරන්න. ඒ ටීම් එකට ඇතුලත් වෙන පුද්ගලයන් තමයි Agent Grant Ward, Agent Melinda May, Agent Leo Fitz, Agent Jemma Simmons, Skye සහ ටීම් එකේ නායකයා වන Agent Phil Coulson. අපි දැන් මේ අය ගැන පොඩි තොරතුරු ටිකක් දැනගනිමු.


Agent Phil Coulson (Clark Gregg ):
"‍පිල් කොල්සන්" ගැනනම් ඔයාලට විස්තර කරන්න දෙයක් නෑනේ. ඔක්කෝමලා දන්නවා. Iron Man පළවෙනි චිත්‍රපටියේ ඉදන් Iron Man 2, Thor, Avengers කියන චිත්‍රපටි ඔක්කෝගෙම අපි දැකපු පුද්ගලයෙක් තමා ‍කොල්සන් කියන්නේ. S.H.I.E.L.D ආයතනයේ ප්‍රධාන නියෝජිතවරයෙක්. හැම වෙලාවකම කොහේ හරි ඉදන් ෂීල්ඩ් ආයතනය වෙනුවෙන් මොනවා හරි යමක් කරන කෙනෙක් තමා ‍ෆිල් කොල්සන් කියන්නේ. මේ පාර ඔහු ටීම් එකක් හදාගෙන සුපිරි වීරයන් සොයාගෙන යන ගමනක තමයි නිරත වෙලා ඉන්නේ.

Agent Grant Ward (Brett Dalton):
"ග්‍රැන්ට් වෝර්ඩ්" කියන්නේ බිහිසුණ යුධ ක්‍රියාන්විත වලට දක්ෂ පුද්ගලයෙක්. සාමාන්‍යයෙන් කට්ටියත් සමග සමග වැඩි ආශ්‍රයක් නැති වෝර්ඩ් මිනිසුන් සමග ගණුදෙනු කරද්දි රළු ගතියක් දක්වනවා. ඒ කියන්නේ වැඩිය සමාජශීලි කෙනෙක් නෙවෙයි. ඒ වගේම මෙයා මේ ටීම් එකේ සිටින ඉතාම වැදගත් සාමාජිකයෙක්.

Agent Melinda May (Ming-Na Wen):
"මිලෙන්ඩා මේ" කියන්නේ ගුවන් නියමුවෙක් වගේම යුධ හමුදාවේ සේවය කරපු කෙනෙක්. ඒ වගේම ඇය ආයුධ පිළිබදව විශේෂඥවරියක්. ඔයාලා පළවෙනි පාරට මිලෙන්ඩාව දකිද්දි, යුද්ධෙදි ලැබූ අත්දැකීම් නිසා කළ කිරීමට පත් වෙලා කාර්යාලයක වැඩ කරමින් තමයි මෙයා ඉන්නේ. මේ ටීම් එකත් එක්ක එකතු වෙන්නේ ඇය ගුවන් නියමුවෙක් හැටියට. මෙයාට ඉදිරියටත් ගුවන් නියමුවෙක් විදිහට විතරක් ඉන්න පුලුවන් වෙයිද සහ මෙයාගේ අනිත් හැකියාවන් මේ ටීම් එකට කොච්චර වැදගත් වෙයිද කියලා ඉදිරියේදී ඔයාලටම බලාගන්න පුලුවන්.

Agent Leo Fitz (Iain De Caestecker):
‍"ෆිට්ස්" කියන්නේ අවි-ආයුධ සම්බන්ධ තාක්ෂණික කටයුතු වලට වගේම යන්ත්‍ර සූත්‍ර නිර්මාණ කටයුතු වලට විශේෂඥයෙක්. ලගින්ම ඇසුරු කරන්නේ තම සහෝදරිය වගේ ඉන්න සිමෝන්ව.

Agent Jemma Simmons (Elizabeth Henstridge):
"සිමෝන්" කියන්නේ ජීව විද්‍යාව වගේම රසායන විද්‍යාව පිළිබද විශේෂඥවරියක්. ඇය වැඩිපුරම කාලය ගත කරන්නේ ඇගේ සහෝදරයෙක් වගේ ඉන්න ‍ෆිට්ස් සමගයි. සිමෝන් සහ ‍ෆිට්ස් මේ ටීම් එකට නැතුවම බැරි දෙන්නෙක් කීවොත් නිවැරදියි.

Skye (Chloe Bennet):
"ස්කයි" කියන්නේ ටීම් එකට අලුතින් එකතුවුන සාමාජිකාවක්. ඇය පරිගණක හැකර් කෙනෙක්. පරිගණක ගැන හැමදෙයක්ම මෙයා දන්නවා. ඒ වගේම ඇය සුපිරි වීරයන් ගැන පිස්සුවෙන් ඉන්නේ. ඒ නිසා ඇය ටීම් එකට ගැලපෙනම කෙනෙක් වගේම තාක්ෂණික අංශය ගැන හොද වැටහීමක් ඇති නිසා ටීම් එකට වැදගත්ම වෙන කෙනෙක් කියලා කියන්න පුලුවන්.


හරි අපි දැන් ටීම් එකේ ඉන්න කට්ටිය ගැනත් තොරතුරු ටිකක් දැනගත්තනේ. දැන් අපි බලමු Avengers චිත්‍රපටියේදි මිය ගිය Agent Phil Coulson කොහොමද මේ ටීවී සීරිස් එකේ ඉන්නේ කියලා. ඔයාලට මතක ඇතිනේ The Avengers චිත්‍රපටියෙදි ලොකී සමග ඇතිවුන සටනකදි පිල් කොල්සන් මියගියා. ඉතින් මම මුලින් කීවා වගේ Avengers වල කතාවට පස්සේ සිදුවුන සිද්දි ඇසුරෙන් නිර්මාණය කර තිබෙන මේ කතාවේ පිල් කොල්සන් ඉන්නේ කොහොමද කියලා ඔයාලා බලයි. නමුත් ඔහු ඇත්තටම මිය ගියේ නෑ, ඒ බව අපේ සුපිරි වීරයන්ට හැගෙව්වා පමණයි කියලා ඉදිරියේදී මේ රූපවාහිනී කතාමාලාව බලන ඔයාලට තේරුම් ගන්න පුලුවන් වෙයි. ඉතින් මේ Phil Coulson නැතුව S.H.I.E.L.D ආයතනයක් ගැන කතා කරන්න බැරි නිසා තමයි මේ චරිතයට නැවත පන දෙන්න මේ කතාමාලාවේ නිර්මාතෘවරුන් තිරණය කරලා තියෙන්නේ. Agent Phil Coulson චරිතයට මුලින් සදහන් කරා වගේ Clark Gregg පණ පොවන අතර The Avengers චිත්‍රපටියේ සිටි තවත් චරිතයක් වන Agent Maria Hill චරිතය, Cobie Smulders විසින් මේ රූපවාහිනී කතා මාලාවේ පළවෙනි කොටස සදහා රගදක්වනවා. Agent Maria Hill වගේම අපිට සමහර විට ඉදිරියේදී, කලින් චිත්‍රපටි වල සිටි දැකලා පුරුදු පුද්ගලයන් මේ රූපවාහිනී කතාමාලාවේදි හමුවෙන්න පුලුවන්.

Marvel's Agents of S.H.I.E.L.D. Official Trailer





විශේෂ බළ නැති නමුත් අති දක්ෂ මේ S.H.I.E.L.D ආයතනයේ නියෝජිතවරු සුපිරි බල තියන පුද්ගලයන් සමග ගණුදෙනු කරන්නේ කොහොමද කියලා 2013 වසරේ සැප්තැම්බර් 24 වෙනිදා ඉදන් අපිට බලාගන්න පුලුවන්.

"Marvel's Agents of S.H.I.E.L.D.," Coming to ABC Tuesdays at 8:00 p.m.

Agents of S.H.I.E.L.D. (TV Series 2013)



Saagaraya TV Series, ඒජන්ට් ඔෆ් ෂීල්ඩ්, මාවල්, ක්‍රියාදාම, වික්‍රමාන්විත, නාට්‍යමය, විද්‍යා ප්‍රබන්ධ, ABC, Agents of S.H.I.E.L.D. 2013, ඉංග්‍රීසී උපසිරස සමග,

1 comment: