Smallville (TV Series 2001–2011) - සුපර්මෑන් - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Tuesday, January 1, 2013

Smallville (TV Series 2001–2011) - සුපර්මෑන්

Smallville (TV Series 2001–2011) - සුපර්මෑන්

Smallville කියන්නේ ඇමරිකාවේ නිෂ්පාදනය කරපු රූපවාහිනී කතා මාලාවක්. මේ කතා මාලාව නිර්මාණය වී තිබෙන්නේ DC Comics වල සිටින Superman කියන වීරයාගේ චරිතය පාදක කරගෙනයි. 2001 වර්ශයේ October 16 වන දින WB කියන රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශණය ආරම්භ කරපු මේ කතා මාලාව, 2011 වර්ශයේදී May 13 වෙනිදගෙන් අවසන් වුනා. ඒ වනවිටත් මේ TV Series එක Season 10 ක් දක්වා විකාශණය කර තිබුනා. මෙහි අවසන් Season කීපය විකාශණය කරනු ලැබුවේ CW කියන රූපවාහිනී නාලිකාවෙයි. ඒ කියන්නේ  2001- 2006 අතර කාලකේ WB නාලිකාවෙත්, 2006-2011 අතර කාලයේ CW කියන නාලිකාවෙත් මේ TV Series එකේ Season 10 විකාශණය වුනා.


Genre : Drama | Romance | Sci-Fi
Created by :  Alfred Gough, Miles Millar
Starring : Tom Welling, Kristin Kreuk, Michael Rosenbaum, Allison Mack, Sam Jones III, Annette O'Toole, John Schneider, Eric Johnson, John Glover, Jensen Ackles, Erica Durance, Aaron Ashmore, Laura Vandervoort, Justin Hartley, Samuel Witwer, Cassidy Freeman, Callum Blue
Music composer(s) : Mark Snow, Louis Febre
Country of origin :  United States
Language(s) : English
No. of seasons : 10
No. of episodes :  218
Executive producer(s) : Alfred Gough, Miles Millar, Mike Tollin, Brian Robbins, Joe Davola, Ken Horton, Greg Beeman, James Marshall, Todd Slavkin, Darren Swimmer, Kelly Souders, Brian Peterson, Tom Welling
Production company(s) : Tollin/Robbins Productions, Warner Bros. Television, DC Comics, Millar Gough Ink
Running time : 42 minutes (per episode)
Original channel :  The WB (2001–06), The CW (2006–11)
Original run :  October 16, 2001 – May 13, 2011

කතාව ගැන කියනවනම් Clark Kent කියන පුද්ගලයා වටා තමා කතාව දිවයන්නේ. ඔහු ජීවත් වෙන්නේ Smallville කියන පොඩි ගමකයි. Clark ගේ දෙමව්පියන් වන්නේ Jonathan Kent සහ Martha Kent. ඔවුන් ජිවත් වෙන්නේ කුඩා ගොවිපලක් කරගෙනයි. Clark සාමාන්‍ය දරුවෙක් විදිහට හැදී වැඩුනත් ඔහු වයසින් වැඩෙත්ම ඔහු තුලින් අසාමාන්‍ය හැකියාවන් ඉස්මතු වෙන්න පටන්ගන්නවා. ඔහු වයසින් වැඩෙත්ම එම හැකියාවනුත් දියුණු වෙනවා. ඉතින් මේ හැකියාවන් හොද වැඩ වලට යොදාගන්න කියලයි ඔහුගේ දෙමව්පියන් සැම විටම ඔහුට උපදෙස් දෙන්නේ. ඒ වගේම නරක පුද්ගලයන්ගෙන් Clark ව ඈත් කර තබන්නත් ඔවුන් සැලකිලිමත් වෙනවා. ඉතින් Clark, ඔහු තුල ඇති මේ හැකියාවන් දියුණු කරගෙන හොද වැඩ කරමින් ලෝකය බේරගන්න දරන උත්සහය තමා මේ TV Series එකෙන් පෙන්නන්නේ. කෙටියෙන්ම කියනවනම් Clark Kent කියන පුද්ගලයා Superman බවට පත් වෙන හැටි තමා මේ කතා මාලාවෙන් පෙන්නන්නේ. ඔය අතර බොහෝම බළගතු හතුරෝ ටිකකුත් Clark ට හම්බවෙනවා. සමහරු මිතුරු වෙසින් ඉන්න හතුරෝ. ඒ වගේම ඔවුන්ව පරාජය කරන්න Clark ට උදව් වෙන සැබෑ මිතුරෝ ටිකකුත් ඉන්නවා. ඔවුන් සැම දෙනා එක්වී ලෝකය බේරගන්න දරන උත්සහය තමා TV Series එක පුරාවට තියෙන්නේ. ඔය අතරේ ඇත්තටම Clark කියන්නේ කවුද කියලා හොයාගන්නත් Clark ට සිදුවෙනවා. ඔහුට කොහෙන්ද මෙච්චර සුපිරි බලයක් හම්බවුනේ? එව්වා ඔක්කෝටම උත්තර මේ කතාමාලාව තුල තියනවා. මම හිතනවා ඔයාලා ආසාවෙන් මේක නරඹයි කියලා. ඉතින් Superman ගැන තව වැඩි විස්තර කියන්න ඔනේ නෑනේ. මොකද ඔනෙම කෙනෙක් දන්නවා මොනවිදිහේ පුද්ගලයෙක්ද Superman කියන්නේ කියලා. විශේෂයෙන් පොඩි ලමයි. ඔයාලටත් මතක ඇතිනේ පොඩි කාලේ මොකක් හරි රෙද්දක් පිටේ බැදගෙන එහෙන් මෙහෙන් පැන පැන දගලපු හැටි. හරිම සුන්දර මතකයන්.

මේ TV Series එකේ රගපාන නළු නිළියක් ගැන කතා කරොත් ප්‍රධාන චරිතයට ඒ කියන්නේ Clark Kent ගේ චරිතයට Tom Welling විසිනුත් ඔහුගේ දෙමව්පියන් වන Jonathan Kent සහ Martha Kent ගේ චරිත වලට පිළිවෙලින් John Schneider සහ Annette O'Toole රංගනයෙන් දායකත්වය දෙනවා. ඔය පහලින් මම දාලා තියෙන්නේ මෙහි රගපාන තවත් නළු නිළියන් පිරිසක් සහ ඔවුන්ගේ චරිත.
Smallville - Cast

ඒ වගේම මේ Smallville කියන කතා මාලාව රූගත කරපු ස්ථාන ගැනත් දැනගන්න ඔයාලා ආසාවෙන් ඇතිනේ. Canada වල තමා ඔක්කොම රූගත කිරිම් කරලා තියෙන්නේ. ඉතින් ඔන්න මම පහලින් දාලා තියනවා ඒ ස්ථාන ටික.

  • Aldergrove, British Columbia, Canada
  • Buntzen Lake, Anmore, British Columbia, Canada(Crater Lake)
  • Clova Cinemas - 5732 176 Street, Cloverdale, Surrey, British Columbia, Canada(as Talon exteriors)
  • Cloverdale, Surrey, British Columbia, Canada
  • Hatley Castle, Royal Roads, Colwood, British Columbia, Canada (exteriors)
  • Koerner Plaza, University of British Columbia, Robson Square Campus - 800 Robson Street, Vancouver, British Columbia, Canada
  • Merritt, British Columbia, Canada (parade scene in pilot)
  • Richmond, British Columbia, Canada
  • South Delta Baptist Church, Tsawwassen, Delta, British Columbia, Canada
  • Thompson-Nicola Region, British Columbia, Canada
  • Tsawwassen, Delta, British Columbia, Canada
  • University of British Columbia, Robson Square Campus - 800 Robson Street, Vancouver, British Columbia, Canada
  • Vancouver, British Columbia, Canada

ඔයාලට මේ TV Seires එකේ Theme Song එක Download කරගන්න ඔනෙනම් පහලින් Download කරගන්න.

Remy Zero - Save Me (Smallville Theme Song)


Remy Zero - Save Me (Smallville Theme Song)

මම මුලින් කිව්වා වගේ මේ TV Series එකේ Season 10 ක් තියනවා. Episode, 218 ක් තියනවා. එක Episode එකක කතා කාලය වෙන්නේ විනාඩි 42 ක් විතර. මේ Season 10යම එකින් එක මම ඔයාලට ලබාදෙනවා. අදනම් දෙන්නේ නෑ. මොකද අද අපි කතා කරේ Smallville TV Series එක ගැන විතරයි. එහෙනම් මම හැකි ඉක්මනින් මෙහි පළමු Season එක ඔයාලට ලබාදීමට කටයුතු කරන්නම්.




Smallville Season 1 >>




Tags : Smallville, Download smallville Torrents, Download Smallville Episodes, Download Smallville TV Show, smallville sinhala articles, smallville cast, download smallville mkv, smallville English Subtitle, download smallville all seasons, Smallville Season 1 - 10, Smallville (Season 1-10 Complete), download smallville all seasons free, smallville soundtrack download, Remy Zero - Save Me (Smallville Theme Song), Smallville - Season 1-10 Complete 480p x264, smallville all season english subtitles, Smallville Theme Song Download, Smallville All 01-10 Seasons complete, Smallville- All Seasons (1-2-3-4-5-6-7-8-9-10), 720p, HDTV, Smallville Season 1-10 complete 480p mkv,

10 comments:

  1. ko sub..........................?

    ReplyDelete
  2. දිලූෂ සමරසේකරNovember 9, 2015 at 11:43 AM

    මේකෙ පලවෙනි සීසන් 3 zoom.lk එකේ දීල තියෙනවා ඒක නිසා 4 වෙනි එකේ ඉදල subtitles දෙන්න..........

    ReplyDelete
  3. seson 10 yema sinhala sub danna

    ReplyDelete
  4. koooooooo sub broooo

    ReplyDelete
  5. Season 4 eke sub eka dhenne nedhdha????

    ReplyDelete
  6. Season 4 sub eka dhenne nedhda????

    ReplyDelete
  7. සිංහල සබ් මන් කරන්නේ නෑ කොල්ලනේ...
    බොහෝම ස්තුතියි කමන්ට්ස් වලට.

    ReplyDelete