Sherlock (2010 TV Series) - රහස්පරික්ෂක ෂර්ලොක් හෝම්ස් රූපවාහිනී කතාමාලාව - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Friday, December 14, 2012

Sherlock (2010 TV Series) - රහස්පරික්ෂක ෂර්ලොක් හෝම්ස් රූපවාහිනී කතාමාලාව

Sherlock (2010 TV Series) - රහස්පරික්ෂක ෂර්ලොක් හෝම්ස්

ඔයාලා Sherlock Holmes ගේ පොත් කියවලා තියනවද? අනිවාරයෙන්ම කියවලා තියෙන්න ඔනේ. මොකද ජනප්‍රියම කතා පොතක් තමා Sherlock Holmes කියන්නේ. එහෙම කියවලා නැත්නම් චන්දන මෙන්ඩිස්ගේ සිංහලට පරිවර්තනය කරපු කතා පොත් ගොඩක් තියනවා. ඒ සෙට් එකම අරගෙන බලන්න. ඉතින් මේ Sherlock Holmes කියන කතා පොත ලීවේ Arthur Conan Doyle කියන මහතා. ඔහුගේ ඒ පොත් තමා චන්දන මෙන්ඩිස් සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ.



ඉතින් ඔය Sherlock Holmes ගේ කතා කොච්චර ජනප්‍රිය වුනාද කිවොත්, ඔය පොත් එක එක භාෂාවලට පරිවර්තනය වුනා. ඒවගේම ඔය කතාවලින් චිත්‍රපටි, කතාමාලා (TV Series) ආදිය නිර්මාණය වුනා. ඉතින් අද මම ඔයාලට දෙන්න යන්නේ ඔය කතා ආස්‍රයෙන් නිර්මාණය වුන අලුත් TV Series එකක් . ඒ තමා Sherlock  කියන TV Series එක. මම මුලින් කීව Arthur Conan Doyle මහතාගේ Sherlock Holmes රහස්පරික්ෂක කතා පොත් පාදක කරගෙන 2010 ය වර්ශයේ නිෂ්පාදනය කරපු කතා මාලාවක් (TV Series) තමා Sherlock කියන්නේ. මෙම කතා මාලාවේ Sherlock Holmes ගේ චරිතය Benedict Cumberbatch විසිනුත්, Doctor John Watson ගේ චරිතය Martin Freeman විසිනුත් රගදක්වනවා.

Cast
ඒ වගේම Sherlock Holmes පොත් වල සිටින තවත් ජනප්‍රිය චරිත කීපයක් මෙහි රගදක්වනවා. Lestrade, Jim Moriarty, Mrs. Hudson, සහ ෂර්ලොක් හෝම්ස් ගේ සහෝදරයා වන Mycroft Holmes මේ අතර විශේෂයි.

ඉතින් මේ TV Series එක ගැන තව පොඩි විස්තර ටිකක් තියනවා. ඒ ටිකත් කියවලා අපි බලමු මේ TV Series එකේ කතාව මොන විදිහේ එකක්ද කියලා..

Genre : Crime | Drama | Mystery
Created by : Steven Moffat, Mark Gatiss (Based on the works of Sir Arthur Conan Doyle)
Starring : Benedict Cumberbatch, Martin Freeman, Mark Gatiss, Rupert Graves, Andrew Scott, Una Stubbs, Louise Brealey
Music composer(s) : David Arnold, Michael Price
Country of origin : United Kingdom
Language(s) : English
No. of seasons : 3
No. of episodes : 7
Directed by : Toby Haynes, Euros Lyn, Paul McGuigan
Production company(s) : Hartswood Films, BBC Wales, WGBH
Running time : 90 minutes (per episode)
Original channel : BBC One, BBC HD (2010), BBC One HD (2012–)
Original run : 25 July 2010 – present

ඉතින් මේකේ කතාව ගැන කියනවනම් London වල සිදුවන විවිධ අභිරහස් අපරාධ විසදගන්න Sherlock Holmes කියන රහස්පරික්ෂකයා සහ ඔහුගේ මිතුරා Dr. John Watson, පොළිසියට උදව් කරන හැටි තමා තියෙන්නේ. විශේෂත්වයකට කියලා තියෙන්නේ Sir Arthur Conan Doyle ගේ පොත් වල තිබුන පැරණි පෙනුම වෙනුවට මේ TV Series එකේ වර්තමාන පරිසරය සහ අබිරහස් විසදීමට නවීන තාක්ෂණය යෝදා ගැනීමයි. උදාහරණයක් විදිහට Sherlock Holmes පොත් කිවෙව්වනම් ඔයාලට මතක ඇති ෂර්ලොක් හෝම්ස් විසදන අභිරහස් ගැන, Dr.Watson පොතක් ලියනවා. නමුත් මේ TV Series එකේ Dr. Watson ඒ අභිරහස් ගැන Blog එකක් ලියන්නේ.

ඉතින් ඔය වගේ නවීන තාක්ෂණය යෝදාගෙන නිර්මාණය කරපු මේ TV Series එකට IMDb රේටින් 9.2 ක් ලැබී තිබෙනවා. එතනින්ම ඔයාලට හිතාගන්න පුලුවන් මේ කතා මාලාව කොච්චර ජනප්‍රියද කියලා.

Sir Arthur Conan Doyle, පොත් වලට නිර්මාණය කරපු කතාව, Mark Gatiss, Steven Moffat සහ Steve Thompson යන අය විසින් TV Series එක සදහා ගැලපෙන අයුරින් නිර්මාණය කර තිබෙනවා. මේ TV Series එක විකාශනය කිරිමේ අයිතිය BBC නාලිකාවට හිමිව තිබෙනවා. මෙහි පලමු Season එක 2010 වර්ශයේදී විකාශනය වූ අතර දෙවන Season එක 2012 වර්ශයේදී විකාශනය විය. තුන් වන Season එකක් පැමිණෙන බව ස්ථීර නමුත් එය කුමන වසරේදී විකාශනය වෙයිද කියලා කවුරුවත් නිශ්චිතවම ප්‍රකාශයක් කර නෑ..



මේ කතාමාලාවේ Theme Song එක ඇතුලු අනිකුත් සංගීත වැඩ කටයුතු David Arnold සහ Michael Price විසින් තමා කරලා තියෙන්නේ. ඔයාලට පහලින් මේකේ Theme Song එක Download කරගන්න පුලුවන්..

Sherlock BBC - Opening Theme (1) - Click Here
Sherlock BBC - Opening Theme (2) - Click Here

ඉතින් අද අපි Sherlock  කියන TV Series එක ගැන විස්තර ටිකක් විතරයි දැනගත්තේ. මම ඔයාලට මීලග ලිපියෙන් මෙහි පලමු Season එක ලබාදෙන්නම්.


Sherlock Season 1 & 2 >>






Tags : Download Sherlock Holmes 2010 TV Series, Sherlock Holmes 2010 TV Series Season 1, sherlock holmes tv series 2010 free download, sherlock holmes tv series 2010, sherlock 2010 tv series subtitles, sherlock tv series season 2 download, sherlock tv series season 1 download, sherlock season 2 download, sherlock season 1 download, sherlock imdb bbc, [480p] Sherlock Complete Season 1-2, Sherlock - Season 1-2 Complete 480p x264 HDTV, Sherlock (TV Series 2010), Download Sherlock 2010, Sherlock 2010 720p mkv, Download Sherlock (2010) English subtitles, Sherlock (2010) BRRip, sherlock bbc theme: FREE MP3 Download, sherlock bbc, Bbc Sherlock Soundtrack, Sherlock Bbc Opening Theme Mp3, Opening Theme Sherlock BBC, Sherlock 2010 (BBC), Download Sherlock Holmes (BBC - 2010 Complete Series)

4 comments:

  1. i was waiting to watch it..thank u very much..

    ReplyDelete
  2. @ uditha udugamasuriya :

    Thanks for the comment..!!

    ReplyDelete
  3. meka mm beluwa fattai....3rd eka me awrudde enawalu.....season ekakata katha 3k unu eka tha awla

    ReplyDelete
  4. @ Anonymous :

    ඔව් ඔව්. මේ අවුරුද්දේ එනවා කියලා කියනවා තමා. කතා 3 ක් වුනත් සුපිරි කතා ටිකක් තියෙන්නේ. Comment එකට ස්තුතියි.

    ReplyDelete