Making of Iron Man 3 - (Marvel News) # 1 - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Tuesday, December 25, 2012

Making of Iron Man 3 - (Marvel News) # 1

Marvel News: Making of Iron Man 3

ඔයාලා දන්නවනේ Iron Man ගැන. Iron Man 1 සහ 2 කියන චිත්‍රපටි අනිවාරයෙන්ම මේ වෙනකොට ඔයාලා බලලා ඇති. නැත්නම් මේ ලිපියේ මම දීලා තියනවා Download කරගෙන බලන්න.

සුපිරි සැලසුමක් ඇතුව තිරගත කල The Avengers චිත්‍රපටිය

ඉතින් මේ චිත්‍රපටියේ ඊලග කොටස, ඒ කියන්නේ Iron Man 3 චිත්‍රපටිය 2013 වර්ෂයේ  මැයි 3 වෙනිදා තිරගතවීමට නියමිතයි. ඉතින් මම මීට කලින් ඔයාලට Iron Man 3 චිත්‍රපටියේ Official Trailer එක දුන්නා. ඒක බලලා නැත්නම් මෙතනින් ගිහින් ඒක බලලා ඉන්න.

Iron Man 3 (2013) Official Trailer

ඉතින් මේ වෙනකොටත් Iron Man 3 චිත්‍රපටිය රූගත කරමින් ඉන්නේ. ඉතින් මට මේ චිත්‍රපටිය ගැන හම්බවුන තොරතුරු ඔයාලත් එක්ක බෙදාගන්න හිතුන නිසා තමා මේ ලිපිය ලිවේ.



2013 දී තිරගත වීමට නියමිත Iron Man 3 චිත්‍රපටිය Shane Black ගේ අධ්‍යක්ෂණයෙන් සහ Robert Downey Jr., Sir Ben Kingsley, Gwyneth Paltrow, Don Cheadle, Guy Pearce, Rebecca Hall, Jon Favreau යන නළු නිළියන්ගේ රංගනයෙන් හැඩගැන්වෙනවා.

මේ චිත්‍රපටියේ හතුරා (villain) ගැන කතා කරොත් Tony Stark ට දැනට මුහුණ දුන්න බලවත්ම හතුරත් එක්ක තමා Iron Man 3 චිත්‍රපටියේ සටන් වදින්න සිදුවෙලා තියෙන්නේ. ඒ The Mandarin . Ben Kingsley විසින් The Mandarin චරිතය රගදක්වන අතර ඔහුට අවශ්‍යවෙන්නේ තමන්ගේ දර්ශණයට ලෝකය නම්මගන්න. Iron Man 3 චිත්‍රපටිය ආවහම බලමුකෝ ඔහු කොතරම් දුරට සාර්ථක වෙයිද කියලා.

Ben Kingsley as the Mandarin - Iron Man 3
Ben Kingsley as the Mandarin - Iron Man 3

Marvel Studios ආයතනයේ නිෂ්පාදක අංශයේ සභාපති හෙවත් Iron Man 3 චිත්‍රපටියේ නිෂ්පාදක Kevin Feige පවසන ආකාරයට "Ben Kingsley, තම චරිතය වන The Mandarin චරිතය ඉතා දක්ෂ අන්දමින් රගදක්වනවා. ඔහු උපරිම කැපවීමකින් එයට සාදාරණයක් ඉ‍ටු කරන්න උත්සහ ගන්නවා.""  කියා ඔහුත් සමග පැවති මාධ්‍ය සාකච්චා වලදී පවසා තිබුනා..

Ben Kingsley as the Mandarin - Iron Man 3
Ben Kingsley as the Mandarin - Iron Man 3

ඒ වගේම ඔයාලට මතක ඇතිනේ පහුගිය ටිකේ මේ Marvel ආයතනය විසින් නිෂ්පාදනය කරපු Superhero චිත්‍රපටි වල හිටිය වීරයෝ ටික ඔක්කොම එකට එකතු කරන්න උත්සහ ගත්ත කෙනාව. ඒ කියන්නේ Nick Fury ව. ඔහු ඔය කලින් කීව හැම චිත්‍රපටියකම අවසානයේ හෝ මැදදි පොඩි කොටසක් ඔහු රගපෑවා. ඉතින් ඒ චිත්‍රපටි වල දක්නට ලැබුනු Nick Fury (Samuel L. Jackson), Iron Man 3 චිත්‍රපටියේ ඔයාලට දක්නට ලැබෙන්නේ නෑ. Nick Fury විතරක් නෙවේ. කිසිම Avengers සාමාජිකයෙක් Iron Man 3 චිත්‍රපටියේ ඔයාලට දක්නට ලැබෙන්නේ නෑ. Nick Fury නැවත පැමිණෙන්නේ Captain America: The Winter Soldier කියන චිත්‍රපටියෙනුයි. මේ චිත්‍රපටියට කලින් තිරගත වීම අරඹන Thor: The Dark World (2013) චිත්‍රපටියටවත් ඔහු නැති බවයි සදහන් වෙන්නේ..

Samuel L Jackson as Nick Fury
Samuel L Jackson as Nick Fury

දැන් අපි චරිත කීපයක් ගැන කතා කරානේ. දැන් අපි වෙන පැත්තකට හැරෙමු තව පොඩි තොරතුරු ටිකක් දැනගන්න.

පසුගිය ජූලි මාසේ පැවැත්වුනා San Diego Comic Con 2012 කියන උළෙල. ඉතින් එකේදිත් මේ චිත්‍රපටිය ගැන ගොඩක් කතාබහට ලක්වුනා. මේ මම පහලින් දාලා තියෙන්නේ ඒ උත්සවයේදී ප්‍රදර්ශණය කෙරුණ Iron Man චිත්‍රපටියේ Tony Stark පැළදගෙන ඉන්න Suits ටිකක්..

San Diego Comic Con 2012 - Iron Man 3




ඒ වගේම එම උළෙලේදී ලබාගත් පිංතුර වගයකුත් ඔයාලට පෙන්නන්න තියනවා. ඉතින් ඔතනදි මාධ්‍ය සාකච්චාවක් එහෙමත් පැවැත්වුනා. එකෙදිත් මේ චිත්‍රපටිය ගැන ගොඩක් තොරතුරු කතා වුනා. මම ඒ වීඩියෝ එක පස්සේ ඔයාලට දෙන්නම්. දැන් ඒ උළෙලේදී ලබාගත් පිංතුර ටිකක් තියනවා. ඒ ටික බලලා ඉමු.

San Diego Comic Con 2012
Comic Con 2012 - Iron Man 3
Comic Con 2012 - Iron Man 3
Comic Con 2012 - Iron Man 3
Comic Con Panel - Robert Downey Jr.
(L-R) Actor Don Cheadle, Director Shane Black, and Actor Jon Favreau speak at Marvel Studios "Iron Man 3" panel during Comic-Con International 2012 at San Diego Convention Center on July 14, 2012 in San Diego, California.
Comic Con Panel - Don Cheadle
Comic Con Panel - Robert Downey Jr.
Comic-Con International 2012 - Marvel Studios Panels
Comic-Con International 2012 - Marvel Studios Panels
Don Cheadle and Robert Downey Jr.



මෙතනදි පැවැත්වුන පොඩි ලමයිගේ Contest එකක්.


SDCC 2012: Robert Downey Jr. makes surprise appearance during Kids' Iron Man costume contest

Iron Man Costume Contest
Iron Man Costume Contest
Iron Man Costume Contest
Iron Man Costume Contest



Comic Con 2012: Iron Man 3 Kids Costume Contest With Special Guest Robert Downey Jr




ඒ වගේම Iron Man 3 චිත්‍රපටියේ Trailer එකෙන් ලබාගත් රූපරාමු කීපයක් තමා මම පහලින් දාලා තියෙන්නේ.


iron man 3-broken helmet
iron man 3-don cheadle
iron man 3-iron patriot armor
iron man 3-memorial
iron man 3-rebecca hall
iron man 3-robert downey jr
iron man 3-robert downey jr
iron man 3-robert downey jr
iron man 3-robert downey jr armor
iron man 3-ten rings


මම මුලිනුත් කිවනේ මේ වෙනකොට මේ චිත්‍රපටිය රූගත කරමින් ඉන්නේ කියලා. දැන් මම ඔයාලට කියන්න යන්නේ මේ චිත්‍රපටිය රූගත කරන ස්ථාන ගැනයි. ඔය මම පහලින් දාලා තියෙන්නේ මේ චිත්‍රපටිය රූගත කරන ස්ථානයි..

  • Wilmington, North Carolina, USA
  • Cary, North Carolina, USA
  • Rose Hill, North Carolina, USA
  • Kenansville, North Carolina, USA
  • Oak Island, North Carolina, USA
  • Currie, North Carolina, USA
  • Miami, Florida, USA
  • Epic Games, Cary, North Carolina, USA
  • North Carolina, USA
  • Screen Gems Studios - 1223 North 23rd Street, Wilmington, North Carolina, USA
මීට අමතරව China වලත් රූගත කිරීම් කිපයක් තියනවා කියලා ආරංචියක් තියනවා.


මේ පහලින් තියෙන්නේ ඔය රූගත කිරිම් වලදි ලබාගත්ත ඡායාරූප කීපයක්.


iron man 3- aim set photo
iron man 3- guy pearce
iron man 3- gwyneth paltrow
iron man 3- gwyneth paltrow as pepper potts
iron man 3- gwyneth paltrow and robert downey jr.
iron man 3- movie image set photo
iron man 3- set image aim
iron man 3- set photo dangling extras cables
iron man 3- set photo dangling extras cables
iron man 3- patriot armor


ඉතින් මේ චිත්‍රපටිය ගැන විස්තර ගොඩාක් ඉදිරියට එන්න තියනවා. මේ ගැන තව වැඩි විස්තර කතා කරන්න තාම කල් වැඩියි. ඉතින් තව ටික දවසකින් මේ චිත්‍රපටිය ගැන තව තව අලුත් තොරතුරු එකතු වෙයි. තාම මේ චිත්‍රපටියේ රූගත කිරිම් අතරතුර ගත්ත Video එකක් එහෙම නිකුත් වෙලා නෑ මම දන්න විදිහට. මේ ගැන අලුත් තොරතුරු හම්බවුන ගමන් ඔයාලව මම දැනුවත් කරන්නම්.



No comments:

Post a Comment