Iron Man 3 (2013) Official Trailer - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Wednesday, March 27, 2013

Iron Man 3 (2013) Official Trailer

Iron Man 3 (2013) Official Trailer

හැමෝටම විනෝදාංශයක් තියනවා. මොකද්ද ටෝනීගේ විනෝදාංශය? මම හිතන්නේ ඔයාලා දැනටමත් දන්නවා. 2008 වසරේ Iron Man නමින් තිරගත වීම ආරම්භ කල Iron Man චිත්‍රපටි මාලාවේ තෙවැන්න Iron Man 3 ලෙස මේ 2013 වසරේ මැයි 3 වන දින ලොව පුරා තිරගත වීම අරඹනවා. 2010 වසරේ මෙහි දෙවන චිත්‍රපටිය Iron Man 2 ලෙස හොද ප්‍රේක්ෂක ප්‍රසාදයක් දිනාගෙන තිරගත වූ පසු එහි තෙවැන්නක් නිර්මාණය කිරිමට Marvel සමාගම Shane Black කියන චිත්‍රපටි අධ්‍යක්ෂකවරයට මේ වැඩේ බාර දුන්නා. ඔහුගේ උත්සහය සාර්ථක වෙලා තියනවා කියලා අපිට මේ පූර්ව ප්‍රචාරක දසුන් නැරඹුවාම කියන්න පුලුවන්. Robert Downey, Jr., Gwyneth Paltrow, Don Cheadle, Guy Pearce, Rebecca Hall, Stephanie Szostak, James Badge Dale, Jon Favreau, Ben Kingsley ඇතුලු තවත් විශාල ජනප්‍රිය නළු නිළියන් ‍රැසක් රංගනයෙන් දායකත්වය ලබා දෙන මේ චිත්‍රපටිය නිෂ්පාදනය කර තිබෙන්නේ දැනට මාර්වල් ආයතනයේ නිෂ්පාදන අංශයේ සභාපති Kevin Feige විසිනුයි.


Genre : Action | Adventure | Sci-Fi
Directed by : Shane Black
Produced by : Kevin Feige
Starring : Robert Downey, Jr., Gwyneth Paltrow, Don Cheadle, Guy Pearce, Rebecca Hall, Stephanie Szostak, James Badge Dale, Jon Favreau, Ben Kingsley
Distributed by : Walt Disney Studios, Motion Pictures
Official Site : Iron Man 3 | Official Movie Site
Release date(s) : May 3, 2013 (United States)
Country : United States
Language : English








Iron Man 3 (2013) - New Trailer






Tony Stark and the Mandarin in this new TV spot for Marvel's Iron Man 3!





Pepper suits up in a new TV spot for Marvel's "Iron Man 3," in theaters and IMAX 3D May 3!



2 comments: